
(අංජුල මහික වීරරත්න)
වැඩ ලොවේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් 2019 වර්ෂයේ පවත්වන ලද ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 108 වැනි සැසිවාරයේදී සම්මත කරනු ලැබ ඇති වැඩ ලොව තුළ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (C190) එම කරුණ සම්බන්ධයෙන් ඇති කර ගනු ලැබ ඇති පළමු ජාත්‍යන්තර සම්මුතිය වශයෙන් සැලකේ. එම සම්මුතිය 2021-03-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 2021-05-04 දින පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබ තිබේ. එකී සම්මුතිය අපරානුමත කිරීම සහ ක්‍රියාත්මක කිරීම මඟින් පෞද්ගලික සහ අවිධිමත් රැකියා වැඩ බිම් තුළ පවතින ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර පිටු දැකීම, සුරක්ෂිත සේවා ස්ථාන වල සතුටින් සේවය කිරීම තහවුරු වීම මෙන්ම ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම කෙරෙහි ධනාත්මකව බලපානු ඇත.
ඒ අනුව, වැඩ ලොව තුළ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම සඳහා සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා වන නෛතික විධිවිධාන හඳුන්වා දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආයතනවල හිංසන මඩින ලෝක සම්මුතියට ලංකාවත් එක්වේ
සජිත් Tuesday, 16 December 2025 04:16 PM
ඕකෙ නැද්ද ඉහල තනතුරු දරන කාන්තාවන් නිසා හිංසනයට ලක්වන පිරිමි ගැන?