ජනමාධ්‍යයට තොරතුරු ලබා දීම සීමා කරමින් ආයතන සංග්‍රහයේ ඇති වගන්ති සංශෝධනය කිරීම ගැන සොයා බැලීමට කමිටුවක් පත් කරන බව රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ලංකාදීපයට අද (03) පැවසීය.
මාධ්‍යයට තොරතුරු ලබා දුන් බව කියමින් කොළඹ මහානාම විද්‍යාලයයේ ගුරුවරියක ආයතන සංග්‍රහය අනුව වැඩ තහනම් කිරීම වැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා දුන් තීන්දුව ගැන සහ තොරතුරු දැන ගැනීමේ පනත ගැන ද සලකා බැලීමට එම කමිටුව පත් කරන බව ද ඇමැතිවරයා කීවේය.
මූලික අයිතිවාසිකම් සීමා කරන ආයතන සංග්‍රහයේ වගන්ති ඉවත් කරන ලෙස ලංකා ගුරු සංගමය පසුගිය සතියේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලිඛිත ඉල්ලීමක් කළේය. ලංකා ගුරු සංගමයේ කාර්යාලයයේ දී තම දුක්ගැනවිල්ලක් මාධ්‍යයට කී කොළඹ මහානාම ගුරුවරිය අධ්‍යාපන අමාත්‍යංශය මගින් වැඩ තහනමට ලක් කළේ 2012 වසරේ දී ය. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවත් සමග භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ගැන පුළුල් කථිකාවක් ඇති විය යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසිය.
රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීවේ තොරතුරු දැන ගැනීමේ පනත ද සම්මත වී ඇති නිසා ඇතැම් නීති රෙගුලාසි වෙනස් විය යුතු බවයි. තමා පත් කරම කමිටුවෙන් ඒ ගැන සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවත් ඇමැතිවරයා කීවේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ආයතන සංග්‍රහය වෙනස් කරන්න කමිටුවක්
දීපාල් නිරෝෂ් Tuesday, 04 October 2016 05:44 AM
අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක්, වෙනස් විය යුතු වගන්ති බොහෝමයක් තිබෙනවා. සංශෝදන සඳහා මහජන අදහස් ලබාගෙන ක්‍රියාත්මක කළහොත් ඉතාම සාර්ථක වේවි.(හේ)