(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආයෝජකයන්ට අවශ්‍ය සියලු අනුමැතීන් ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් එකම ස්ථානයකින් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව ශ්‍රී ලංකා ආයෝඡන මණ්ඩලයට උපදෙස් දුන්නේය.
මෙරට ව්‍යවසායකත්වය සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සකස්කර ඇති ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් මෙම ජාතික සභා අනු කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
මේ කරුණු සාකච්ඡා කෙරුණේ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (20) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
ව්‍යවසායකත්වය හා ආයෝජන දිරිමත් කිරීම සඳහා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් සහ කම්කරු නීතිය සහ අනෙකුත් නීති පිළිබඳව එම මණ්ඩලයේ යෝජනා සහ අදහස් ලබාගැනීමද මෙහිදී සිදුවිය.
තවද ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සහ ඒ හා බැදුණු පාර්ශ්ව කරුවන්ගේ අදහස් ලබාගෙන මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා සකස් කෙරුණු දිගුකාලීන ප්‍රතිපත්ති මාලාවක් ජාතික සභාවට ලබාදීමට කටයුතු කරන බව අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙම අනු කමිටුව රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සාගර කාරියවසම් යන මහත්වරුද ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධානීහද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැන් ආණ්ඩු තුන හතරකින් මේ ප්‍රවෘත්තිය කියෙව්වා. ආයෙත් ගොබිලෙක් ඇවිත් කියනවා ඒ කතාවම. පුදුම කාලකන්නි මිනිස්සු රැළක්.