ආබාධ සහිත පුද්ගලයන්ට සමාන මට්ටමින් සැලකීමත් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීමත් ඔවුන්ට ඕනෑම තැනකට ප්‍රවේශවීමට පහසුකම් සලසාදීමත් ඕනෑම රටක, ආයතනයක වගකීම බව ප්‍රකාශ කැරෙන මෙන්ම ඔවුන්ට රැකියා අවස්ථා ලබාදීමේදී යම් ප්‍රතිශතයක් ලබාදිය යුතු බවට වන කාරණා ඇතුළත් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය රජයක් ලෙස ශ්‍රී ලංකාව බාරගෙන තිබෙන බව සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුමත කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවට අද (9) සිය අමාත්‍යංශයේදී එක්වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමනි, සම්පුර්ණ ඇත්ත කතාව. පාරවල් හදන්නේ වාහන වලට විතරයි. ඇස් පෙනෙන අපිටවත් පාරේ යන්න බැහැ වළවල්, ගල් වල හැපිලා වැටෙනවා. (නි)
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් නම් හොදයි (බ)
ඒ වුණාට මොකද ආබාධිතයකුට තියා අංග සම්පූර්ණ කෙනෙකුටවත් පයින් යන්න හැකි වෙන්න පදික වේදිකාවක් හදන්නේ නැහැ, අළුතින් හදන මාර්ග වලවත්. ඒ පාරවල් හදන්නේ වාහන යන්න පමණයි. (නි)
අාබාධිතයන් ගැන මීට වඩා සැලකිල්ලක් දක්වන්න , හැමවිටම කතාකරන්නේ යුද හමුදාවේ ගැන අය විතරයි , අනික අාබාධිතයන් ගැනත් සමානව හිතන්න (බ)