ක‍්‍රියාන්විත රාජකාරියේ දී ආබාධිත විශ‍්‍රාම ගිය සිටින යුද හමුදා භටයන්ගේ හිඟ වැටුප් ලබා දෙන්නැයි ඉල්ලා නිදහස් චතුරස‍්‍රයේ සිට ජනාධිපති නිල නිවස දක්වා ගිය ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ පස් දෙනකුට ජනපති හමුවීමට යෑමට අවසර ලැබිණි.
සංගමයේ සභාපති පී.වී.එස් ශාන්ත මහතා ඇතුළු පස් දෙනෙක් පොලිස් රථයකින් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් අතිරේක ලේකම් එස්.පී.කොඩිකාර මහතාට සිය ලිපිය භාර දුන්හ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයට පසු දැක්ක බුද්ධිමත් පොලිස් නිළධාරි මහත්මයෙක් .(ම)
අසරණ පව් පිහිට කියන වචන මේ මිනිස්සුන්ට පාවිච්චිකරන්න එපා, මේ අයට රජය, ජනතාව හැමෝම ණයගැතියි. අනික මේ මිනිසුන්ගේ වැටුපත් හිඟ වුනානං ඒක මහා අපරාධයක්. බලධාරීන් වහාම මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නය විසඳලා දෙන්න. මේවා කොයි රජය ආවත් එයාලගේ වගකීම්. (බ)
අප්පච්චි අප්පච්චි කියල මැරෙන්න හැදුවට, සලකල නෑ වගේ මේ විරුවන්ට (බ)
දැන් පත්වෙලා එන්න නායකයන්ට දුක කියලා වැඩක් නැහැ එයාලා රණවිරුවන්ට කියන්නේ ජාතිවාදීන් කියලා (ම)
මේ අයගේ අඩු පාඩු ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න.(හේ)
රට බේරාගත්තේ මෙතුමලා මිසක් අර සිංහ හම ගෙන බලෙන් දාගෙන නම්බු ගත්ත වෘර්කයෝ නෙවෙයි.(හේ)
රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවනට සහ දැනට ආබාධිතව ජිවත්වන රණවිරුවනට මුළු රටම ණය ගැතියි. (ම)
මේ රණවිරුවන් ට අපි සදා ණය ගැතියි. මේ ඉල්ලීම් ගැන නිසි බළධාරීන් සංවේදී වේවා ! (ම)
පොපි මල් කියා කියා හැම අව්රුද්දේම අපෙන් සල්ලි එකතු කරනවා රුපියල් සීය ගානේ , මොනවා වෙනවද සල්ලි වලට කියා දෙවියෝ තම දන්නේ, , අහිංසක සෙබළුන්ට සලකන පාටක් නැහැ එකතු කරන සල්ලි වලින් (ම)
අපි මේ රණවිරුවන්ට ණයගැතියි. එහෙත් දැන් ඉන්න රජය කරන්නේ ඔවුන් පාවා දෙන එක. රණවිරුවන්ට නොසලකන රජයක් අපිට එපා.(ම)
අපි මේ රණවිරුවන්ට ණයගැතියි. එහෙත් දැන් ඉන්න රජය කරන්නේ ඔවුන් පාවා දෙන එක. රණ විරුවන්ට නොසලකන රජයක් අපිට එපා.(ම)
රණවිරුවන් ගැන සළකා බැලීම රජයේ වගකීමක්. අද රට සාමයෙන් පවතින්නේ මෙතුමන්ලාගේ නිර්හීතකම නිසා. බලධාරින්ගේ අවධානය යොමුවේවා! (නි)