ආබාධිත රණවිරුවන්ට හිමි විශ්‍රාම වැටුප් ලබාදෙන බවට දුන් පොරොන්දුවට මාස තුනක් ගතවුවද විසඳුමක් නොමැති බව කියමින් ත්‍රිවිධ හමුදා ආබාධිත සෙබළු හා පොලිසියේ පිරිසක් අද (31) කොළඹ ලෝටස් පාර අවහිර කරමින් විරෝධය පළ කරති.
ජනපති ලේකම් කාර්යාලයට යෑමට අවශ්‍ය බව කියමින් ඔවුහු මාර්ගය හරස් කරගෙන සිටින අතර මාර්ගයේ ගමනාගමන කටයුතු මේ හේතුවෙන් ඇණ හිට ඇතැයි පොලිසිය පවසයි.
මේ සඳහා කඩිනමින් විසඳුමක් නොලැබුණහොත් කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණ උපවාසයක් අරඹන බවද ඔවුහු කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ විරුවන්ට වෙච්ච දෙයක්, රට වෙනුවෙන් දිවි පුද වැඩකරපු අයටනේ මෙහෙම වෙන්නේ (ම)
දකිනකොට හිතට දුකයි මේ මින්ස්සු . දරුපවුල් ඇති රකින්න . මේ තත්වෙට අාවේ පෞද්ගලික දේවල් රකින්න යුද්ද කරලා නෙවේ . ආණ්ඩුවට කෝටි ගණන් වංචා කරපුව ඔය එන්නේ එලියට . අපේ බදු මුදලෙන් අපිව රැකපු මිනිස්සුන්ව රැකිය යුතුයි .නැතිව මේ අට පාස් නැති පාර්ලිමේන්තු හොරු නෙවි .(බ)
ගෝටා මහතා හිටියනම් ...(බ)
රණ විරුවන්ට මෙහෙමත් කෙනහිලිකම් කරන්නේ කාගේ වුවමනාවටද කියලා අපිට හිතාගන්න පුළුවන්. (ම)
අපට සතුටුයි දැන් (බ)
දීපු පොරොන්දුවලින් ඉටු කරපු එකක් කවුරු හරි පෙන්නලා දෙනවද? නායකයන් දෙන්න තරගෙට පිට රට යනවා ලෝකේ රවුම්ද කියල බලන්න. ලස්සනට හැදී ගෙන ආපු රට කෑනවට හොඳන්නක් වෙන්න එපා (අ)