තම විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් වන ගැටලුව මෙතෙක් විසඳී නැති බවත් මේ සඳහා බලධාරීන්ගේ අවධානය වහාම යොමු කළ යුතු බවත් කියමින් සඳුදා (25) කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාසයක් ඇරඹූ ආබාධිත රණවිරුවෝ අදත් එහි රැඳී සිටිති.
ඔවුන් දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ වාඩිවී සිටි අතර අද එක් මංතීරුවක් විවෘත කර වාහන ගමනාගමනයට ඉඩ සලසා දී ඇතැයි පොලිසිය කියයි.
වීඩියෝ - එස්. සුධර්මන්
වීඩියෝ - ලහිරු හර්ෂණ







COMMENTS
මම කියන්නේ, ප්‍රශ්නයක් තියනවා නම් එ්ක විසඳන්න ඕනෑ ක්‍රමයක් තියනවා. මෙහෙම හරියටම ජනාකීර්ණ තැන් වල මේ වගේ දේවල් වෙනකොට අපි කොහොමද ඉවසන්නේ. මේක දැන් විලාසිතාවක් වෙලා. හැමදේටම උද්ඝෝෂණ (නි)
එක එක දේශපාලඥයින්ගේ අතකොලු වෙන්නේ නැතුව කෙළින්ම ප්රශ්නය කතාකළා නම් පිළිතුරු ලැබෙයි. (නි)
රුවන්, කලකිරෙනවා නුඹලා වගේ මිනිසුන් ඉන්න ජාතියකට මමත් අයිතිවුණු එකට (බ)
රුවන්, ප්රශ්නය කතා කළ යුතු පුද්ගලයාගේ නම කරුණාකරලා පොඩ්ඩක් සඳහන් කරනවද ? (බ)
රුවනි කෙලින්ම තමයි කතාකරල තියෙන්නේ (බ)
ඉතින් මොකෝ . මහින්ද ගෙදර යැව්වනේ . ඒ මදිද (බ)
ලැජ්ජයි පාලකයින් ගැන (බ)
මෙයාලා හැට දෙනෙක් විතර කරන දෙයක් නිසා දහස් ගණනක් මිනිස්සු මහපාරේ අතරමං. (නි)
රට වෙනුවෙන් තම තාරුණ්‍යය, අැස්, මස්, අතපය දන්දුන් මේ මිනිසුන්ට කරන කැත වැඩ ගැන සැළකුවහම මේ ආණ්ඩුව සහ එහි නායකයින් ගැන කුමන කතාද? (නි)
අයි ඔයාලට දැන් ආණ්ඩුවෙන් කියන දෙයක් තේරුම් ගන්න බැරි? දැන් කොටි ත්රස්තයන්ට දිමනා, වන්දි, විශ්‍රාම වැටුප් දෙන්න තියනවනේ. දැන් අපේ රටේ වීරයෝ කොටි ත්රස්තයෝ. දැන් තියෙන්නේ වෙනසක්, යහපාලනයක්. දැන් කටයුතු කරන්නේ යහපාලන ගිවිසුම් අනුව (නි)
ජනතා කැමැත්තනේ. අවුරුදු 68ක් තිස්සේ රටේ මිනිස්සු ඡන්ද වලින් ඉල්ලපු දේවල් තමයි ඔය ලැබෙන්නේ. (නි)
කරුණාකර මේ විරුවන්ව පවතින රජය හොඳට බලාගන්න (නි)
අනේ මන්දා මොන පාලනයක්ද මේ? රට වෙනුවෙන් පෙරට ගිය අය මහමඟ. ලබන ඡන්දෙදි මතක තියාගත්තොත් හොඳයි. මේ අය රැකීම ජාතියේ යුතුකමයි. (නි)
ඔය මොන මහත්මයත් දැන් ගොරවන්නේ මේ අහිංසක රණවිරුවෝ නිසා බව අමතක කරන්න එපා. එනිසා මොවුන්ගේ ඉල්ලීම දෙස අනුකම්පාවෙන් බැලුවා නම් වටිනවා. (නි)
මේ වගේ නිහීන ගති ඇති ජාතියක නැවත නොඉපදේවා! අපේ දේශපාලුවෝ ප්‍රෙකා්ටි ගණන් සැප වාහන ගන්නවා. අපි ඔවුන්ට සැප විඳින්න දෙන්න පාරේ මැරෙනවා. අපෝ මෙහෙම ජාතියක් නම් ලෝකෙම නැතුව ඇති. (නි)
රුවන් ඇයි මේකටත් දේශපාලනය ඇදල ගන්නේ. (බ)
දැන් සනීපද (බ)
කෝ මේ දේශ හිතෛශීන් ..මේ රටට තවත් සුනාමියක් වරෙන් මේ අමන ගුණමකු දීන පරගැතියන් වැනසෙන්න (බ)
රණවිරුවෝ මහා පාරේ ...ජනමතයෙන් පරාජිතයෝ මැතිසබේ මහා පුටුවල. මෙයාලට පඩියවත් නැහැ උන්ට සැප කාර් (බ)
ඉස්සර රුපවාහිනි ප්‍රවෘත්තිය කියලා බැලූවේ බෝම්බ පුපුරපු මිනී මස් ගොඩවල් මේ මිනිස්සු නිසා තමයි අපි දැන් මර බියක් නැතිව රස්සාවට ගිහිලා එන්නේ. හරි නම් වගකිව යුත්තන් මොවුන් ළගට ගිහින් ප්රශ්නය විසදිය යුතුයි. ආබාධිත රණවිරුවන් අව්වේ තැබීම ගැන ජාතියක් වශයෙන් ලැජ්ජා විය යුතුයි. (බ)
අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ හිටියම නිහින දේශපාලකයින්ට විශ්‍රාම වැටුප්! එ්ත් රට වෙනුවෙන් අත්, පා, ඇස්, ඉස්, මස්, ලේ නැති කරගත්ත අවුරුදු ගණන් දුක් විඳගෙන යුද්ධ කළ රණවිරුවන්ට මහපාර. ඉතින් අපේ වගේ රටක් නොදියුණු මඩගොහොරුවක්ව තිබීම අරුමයක්ද? (බ)
පක්ෂ පාට වැඩක් නැහැ අපි ඔක්කොම රණවිරුවන්ට උදව්කරන්න ඕනේ . මේ මිනිස්සු පාරේ ඉන්න ඕනේ නැහැ... අපිට ලජ්ජයි (බ)
ගැටලුව මෙතෙක් විසදුවේ නෑ කියන්නේ සිරිසේන මහත්තයා විතරක් නෙමෙයි වැරදි මුල ඉදලම මහරජත් සලකලා නැහැනේ (බ)
ඕව තමයි කොටින්ට පොරොන්දු වුන දේවල්ජා ත්යන්තරයට ඕන කරලා තියෙන්නෙත් ඕකම තමයි ...ඒ දේවල් ආණ්ඩුව නියමෙට කරනවා...මතක තියාගන්න අායෙත් කොටි නැගිට්ටෝත් ගහන්න හමුදාවක් මෙන්ම ආයුධත් අපිට නැති කරලා තියෙන්නේ (බ)
ප්‍රධාන පුරවැසියාට මේවා පෙන්නේ නැහැ. හැබැයි කෝටි ගානක් දීල වාහන ගේන්න පුළුවන්. (බ)
රණවිරුවාට සැලකිය යුතුයි වගේම , මහත්තුරු තේරුම් ගත්තොත් හොඳයි මේ ප්රශ්නය 2009 සිටම පැවත එන්නක් බව, පවතින රජයේ වැරද්දකින් වුනා කියනවානම් එය වැරැද්දක් , හැබැයි පවතින රජය මොවුනට සෙතක් සැලකිය යුතුයි..(බ)
රුවන් මහත්තයෝ ඔයාලා වගේ නිවට කෙලෙහි ගුණ නොදන්න රැලක් තමයි මේ රටේ ඉන්නේ. ඔයත් ඒ අයගේ එක් කෙනෙක් කියලා පේනවා. තමන් ගැනවත් නොහිතා රට රැක ගත්තු වීරයෝ අද මහ පාරේ. රට ජාතිය වනසපු කොටි ත්‍රස්තවාදියෝ විශ්‍රාම වැටුප් වන්දි අරන් සැප විදිනවා. මේකද ඔයාලගේ යහ පාලනය. (බ)
අර තිලක් ඩුබායි මේවට මීක් නැ.(බ)
මම දැක්ක එක රජයේ ඇමති කෙනෙකුට උපදේශකයෝ පමණක් 51 ක් ඉන්නවා කියල.51 දෙනෙකුට ලක්ෂය ගානේ වුනත් ලක්ෂ 51 ක මහජන මුදල් කාබාසිනියා කරනවනේ. (බ)
රුවන්.ඔය තරමටම අන්තවාදීව හිතන්න එපා.මේ අසරණ රණවිරුවන් නිසා තමයි අද අපි බියක් සැකයක් නැතිව පාරක බැහැල නිදහසේ ගමනක් බිමනක් යන්නේ. (බ)
මේ ආබාධිත රණවිරුවන්ගේ සේවය අපි අගය කළ යුතුයි. ඇයි මේක මෙච්චර දුර යන්න දෙන්නේ? ජනාධිපතිතුමා මේවා ගැන දන්නේ නැද්ද ? (බ)
හෙට අපේ දරුවන්ට රටක් තියපන් ජීවත් වෙන්න.මොකා වුනත් අදාල නැහැ, අහිංසක රණවිරුවන්ව ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස්සුවා..! සැප වාහන ගිහින් සැප ගන්න විතරයි හොද නේද.... ලැජ්ජයි දේශපාලුවෝ ගැන..! (බ)
රණවිරුවනි,බීරි අලින්ට වීණා වැයුව වගේ වෙයිද දන්නේ නැහැ,මොකද ඔය රුවන් වගේ අය තමයි ආණ්ඩුවේ ඉන්නේ, තොප්පිගල කැලෑවක්,ඕනේ ගොනෙකුට යුද්ධ කළහැකි,අලිමංකඩ පාමංකඩ වෙච්ච නඩේනේ දැන් ඉන්නේ,(බ)
ඔය ප්‍රශ්ණය කලින් රජයට විසඳන්න බැරි වුනා ද? (ර)
මම මේ අදහස් දැම්මා ම මට බනි,එ්ත් කියන ඕනේ එක කියන්න ඕන, මේකේ අදහස දාන ගොඩක් අය අනිවාර්යෙන්ම ගෙදර ඉන්න කට්ටිය, නමුත් වැඩ කරන අය දන්නවා මේ ව්දිහට ආර අවහිර කරලා වාහන තදබදයක් වුනාම වැඩ වෙලාවට නොගියාම වෙන අපහසුතාවය. නමුත් මේ ගොල්ලොත් මේ විදිහට කරපුවම අර නිතරම බෝඩ් උස්සන කට්ටිය ගානට වැටෙනවා, ඒ නිසා ප්‍රශ්නයක් තියෙනව නම් කෙලිනම් ජනාධිපති හමුවෙලා විසදුමක් ගන්න බලන්න (බ)
අද අපේ රණවිරුන්ට වුන දේ. මේවා පාලකයන්ගේ වැරැදි.(හේ)
එදා අපිට ජීවත් වෙන්න අයිතිය හදලා දුන්න මෙයාලත් ඒ අතර ඉන්නවා. අතුරා, ඔයාලා වගේ අය දැන් මේවා අමතක වීම ගැන අපි පුදුම වෙන්නේ නෑ. ප්‍රභාකරනුත් කිවුවනේ සිංහලයන්ට මතක තියෙන්නේ සති දෙකයි කියලා. එදත් මේ අය හිටියේ කැලැවල පාරවල් වල තමයි. මේ රණවිරුවො නොසිටින්න අපි හැමෝම පාර බදාගෙන ඉන්න තිබුනා. (ර)
ජාති බේදයක් නැතුව අපි හැමෝම ලැජ්ජා වෙන්න ඕනේ අපේ රණවිරුවන්ව පාරට ඇදලා දැම්මට. අද අපි විදින නිදහසට වගකියන්න ඕනේ ඒ මිනිස්සු සහ ඒ අයගේ පවුල්වල අය. එයාලව රැකබලාගැනීම අපේ ජාතික යුතුකමක්. ඔය එක්කෙනක්වත් ආබාධිත වෙලා ඉපදුන අය නෙවයි. ඒ අය අබාධිත උනේ අපි වෙනුවෙන් නැත්නම් අබාධිත වෙන්න තිබුනේ මේ බලන් ඉන්න අපි. (ර)
අපි අද උදේ වැඩට එනකොට නවයටත් ලගයි ඒත් අපි මේ මිනිස්සුන්ට බනින්න තරම් පහත් මානසිකත්වයක් නෑ. මේ වගේ අසරණ අපි වෙනුවෙන් දිවි දුන් මිනිස්සුන්ට මේ විදියට සලකන්න මේ රටේ පාලකයන්ගේ ඇස්වලට හෙන ගහලද. (හේ)
ටෙෂාන් මේ රටේ බෝම්බ පුපුරනකොට ඉපදිලා නැතුව ඇති. මේක ඊයේත් වාර්තා කළා ලංකාදීපය හොඳට බලන්න (බ)
ටෙෂාන් ත්‍රස්තවාදියෝ පාරේ බෝම්බ පුපුරවල පාරේ බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු මැරෙද්දි, පාර අවහිර වුනේ නැද්ද? එතකොට ඔයා කියන අපහසුතාවය කොහෙද තිබුනේ ? ඒක නැති කරන්න කැපවෙච්ච තමන්ගේ ශරීරය දැන් දීපු මිනිස්සුන්ට ඔය වගේ උපදෙස් දෙන එක සාධාරණද? (බ)
මෙම ඉල්ලීමේ ඇති සාධාරනීයබව අමුතුවෙන් ලියයුතු නොවේ. රට වෙනුවෙන් දිවිපිදූ හා අබාධිත වූ මෙම විරුවන්ගේ ඉල්ලීම අප්‍රමාදව ඉටුකලයුතුව ඇත. අවස්ථාවාදී කුහක දේශපාලුවන්ට මෙය අවස්ථාවක් කරදීම පාලකයන්ගේ ඇති අදූරදර්ශීබව ලෙස හැඟේ. තවද මෙම ප්රශ්නය විසඳීමට ජනාධිපති හෝ අගමැති තුමන්ලා ඉදිරිපත්වී ප්රාතිහාර්යය දැක්වියයුතු කරුනක්ද නොවේ. (ර)
කෝටි ගණන් වල සැප වාහන ඉල්ලන රජය සහ ඇමතිවරුන් ලජ්ජා වෙන්න ඕනෑ මේ අහිංසක රට වෙනුවෙන් තම ජීවිත, අවයව, ඇස් දන්දීපු රණවිරුවන්ට එදාවේල කන්න ඉල්ලන විශ්‍රාම වැටුප නොදීම ගැන. (නි)