IMG-LOGO

ආබාධ සහිත අය ගැන සංවේදී වෙන හැටි ’’මැති සබේට’’ උගන්වයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සංවේදීකරණය සහ දැනුවත්භාවය ඇති කිරීමේ අරමුණින් "නිර්බාධිත සමාජ ජීවිතයක් උදෙසා" යන තේමාව යටතේ වැඩමුළුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය මෙය සංවිධාන කළේය.

මෙම සංවේදීකරණය සහ දැනුවත්භාවය ඉහළ නැංවීමේ වැඩසටහනේ සම්පත්දායකයින් ලෙස ආබාධ සහිත තැනැත්තන් නියෝජනය කරන විවිධ කණ්ඩායම් වල නියෝජිතයෝ සහභාගී වූහ . 

එහිදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන අභියෝග සහ ඒවාට මුහුණ දීම සඳහා පවතින අවශ්‍යතාවයන් පිළිබඳවද ඔවුහු මෙහිදී කරුණු ඉදිරිපත් කළහ.

නීති සම්පාදනය කරන ස්ථානයේ මහජන නියෝජිතයන් අතර අබාධ සහිත තැනැත්තන්ගේ පවතින ගැටලු හා ඔවුන්ට අවශ්‍ය විසදුම් පිළිබඳව දැනුවත් භාවය සහ සංවේදීකරණය ඇති කිරීම මගින් අවශ්‍ය වෙනස්කම් කළ හැකි බව තමන් විශ්වාස කරන බව මෙහිදී අදහස් දක්වමින් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පැවසීය. 

 



අදහස් (0)

ආබාධ සහිත අය ගැන සංවේදී වෙන හැටි ’’මැති සබේට’’ උගන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 509 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 205 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site