නිවසේ මෙහෙකාරිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබ සිටින ශ්‍රේෂ්ඪාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතාට ලබන වසරේ ජනවාරි මස 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රීතී පද්මන් සුරසේන මහතා සිතාසි නිකුත් කළේය.
2015 ජුලි 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්මලානේදී ඇය අපයෝජනය කළ බවට විත්තිකාර කළුහත් ආනන්ද සරත් ද ආබෲට එරෙහිව දණ්ඩ නීතී සංග‍්‍රහයේ 365 අ 2 වැනි වගන්තිය යටතේ නීතීපතිවරයා විසින් චෝදනා ගොනු කළේය.
අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වෛද්‍ය වාර්තා ඇතුළු ලේඛන හයක්ද සාක්කිකරුවන් 21 දෙනකුද ඉදිරිපත් කරන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට එරෙහිව මෙවැනි චෝදනා එල්ල වු ප‍්‍රථම අවස්ථාව මෙය විය.
2025 දෙසැම්බර් මස 18
511
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආබෘෘ විනිසුරුට සිතාසි
සමන්ත Thursday, 03 December 2015 12:40 AM
මේ වගේ අය වෙනත් ලිංගික අපයෝජන නඩු කොච්චර අසාඇද්ද? (නි)
ප්‍රියන්ත Thursday, 03 December 2015 01:14 AM
වැටත් නියරත් ගොයම් කා නම්.... (නි)
තිලක් Thursday, 03 December 2015 01:22 AM
නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)
නුවරඑළියේ වසන්ත Thursday, 03 December 2015 02:46 AM
අපේ රට දියුණු වෙන්නේ නැත්තේ ජනතාවගේ විනයක් ශික්ෂණයක් නැතිකම හින්දයි. ඒක නීතිය ක්‍රියාත්මක කරන ඉහළ තැන්වල ඉඳලා පෙන්නුම් කරනවා.(ම)
ඉන්දික Thursday, 03 December 2015 08:47 AM
ඔබ හරි වසන්ත, සමහර අය කියනවා නීතිය සියල්ලට ඉහලින් තැබිය යුතුයි කියල, එ්ත් එකෙන් වැඩක් වෙන්නේ නැහැ විනයක් ශික්ෂණයක් නැත්නම්. නීති මිනිස්සු පලනාධිකාරියට හදාගත්තු දේවල් , ඉතින් මිනිස්සුන්ට මුලික ශික්ෂණයක් නැතුව එයාල හදාගත්තු දෙයක් හරියට ක්‍රියාත්මක කරන්නේ කොහොමද? (බ)
දහම් Wednesday, 02 December 2015 03:10 PM
එ්ක තමයි යහපාලනේ. (බ)
රකිත් Wednesday, 02 December 2015 08:27 PM
නීතිය කාටත් පොදුය (නි)
පිටබැද්දර ජයා Wednesday, 02 December 2015 10:32 PM
ඇත්තෙන්ම වෙන්න ඕනෑත් මේකම තමයි. නීතිය කාටත් එක සමාන වෙන්න ඕනෑ (නි)