නිවසේ මෙහෙකාරිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබ සිටින ශ්‍රේෂ්ඪාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතාට ලබන වසරේ ජනවාරි මස 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රීතී පද්මන් සුරසේන මහතා සිතාසි නිකුත් කළේය.
2015 ජුලි 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්මලානේදී ඇය අපයෝජනය කළ බවට විත්තිකාර කළුහත් ආනන්ද සරත් ද ආබෲට එරෙහිව දණ්ඩ නීතී සංග‍්‍රහයේ 365 අ 2 වැනි වගන්තිය යටතේ නීතීපතිවරයා විසින් චෝදනා ගොනු කළේය.
අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වෛද්‍ය වාර්තා ඇතුළු ලේඛන හයක්ද සාක්කිකරුවන් 21 දෙනකුද ඉදිරිපත් කරන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට එරෙහිව මෙවැනි චෝදනා එල්ල වු ප‍්‍රථම අවස්ථාව මෙය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය වෙනත් ලිංගික අපයෝජන නඩු කොච්චර අසාඇද්ද? (නි)
වැටත් නියරත් ගොයම් කා නම්.... (නි)
නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)
අපේ රට දියුණු වෙන්නේ නැත්තේ ජනතාවගේ විනයක් ශික්ෂණයක් නැතිකම හින්දයි. ඒක නීතිය ක්‍රියාත්මක කරන ඉහළ තැන්වල ඉඳලා පෙන්නුම් කරනවා.(ම)
ඔබ හරි වසන්ත, සමහර අය කියනවා නීතිය සියල්ලට ඉහලින් තැබිය යුතුයි කියල, එ්ත් එකෙන් වැඩක් වෙන්නේ නැහැ විනයක් ශික්ෂණයක් නැත්නම්. නීති මිනිස්සු පලනාධිකාරියට හදාගත්තු දේවල් , ඉතින් මිනිස්සුන්ට මුලික ශික්ෂණයක් නැතුව එයාල හදාගත්තු දෙයක් හරියට ක්‍රියාත්මක කරන්නේ කොහොමද? (බ)
එ්ක තමයි යහපාලනේ. (බ)
නීතිය කාටත් පොදුය (නි)
ඇත්තෙන්ම වෙන්න ඕනෑත් මේකම තමයි. නීතිය කාටත් එක සමාන වෙන්න ඕනෑ (නි)