කතරගමට ඔරොත්තු නොදෙන තරම් වන්දනාකරුවන් පිරිසක් යාම නිසා කතරගම අවන්හල් ඇතුළු කෑම සපයන තැන් වල ආහාර හිඟයක්ද ඇති වූ බව වන්දනා කරුවෝ කියති. නවාතැන් ගාස්තුද දරාගත නොහැකි සේ හිටි ගමන් ඉහල ගිය බවද ඔවූහු පවසති. පොල් අතු මඩුවක් වැනි ස්ථානයකට විදුලි බල්බයකින් එළිය ලබා දී රැයකට රුපියල් 3000 ක් හෝ 4000 ක් අය කල බව වාර්තා වේ. දින කිහිපයකට පෙර රුපියල් 4000 ට වෙන් කළ කාමරය රුපියල් 12000 ක් පමණ අය කළ බවත් කතරගම පුද බිම අවට බොහෝ ගෙවල්, කඩ, ස්තෝප්පු වල නවාතැන් ගත් පිරිස් සිටි බවතා වාර්තා වේ.
ආප්පයක් රුපියල් 40 කට (ආප්පයක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 10ක් බව පාරිභෝගික අධිකාරිය කියයි) ද ප්ලේන්ටියක් රුපියල් 50 කට ද කරවල සමග කෑම පාර්සලයක් රුපියල් 250 කට අලෙවි වූ බොහෝ තැන් තිබූ බව කියති. අඟලක්වත් උසට කිරි නොතිබූ කිරි හට්ටියක් රුපියල්180 කට අලෙවි කළ බව ද කියති.
තම මිතුරන් වෙනුවෙන් කතරගම සිටින ඇතැම් හිතවතුන් රුපියල් 4000 ගණනේ වෙන් කළ කාමර අවලංගු කර වැඩි මිලට එමෙන් තුන් ගුණයකට පමණ මිලකට දී ඇතැයි දැනගන්නට ඇත. අලුත් වාහන වලින් කතරගම ගිය බොහෝ දෙනා සිටි බව කැපී පෙනිණි. පූජා වට්ටි පෝලිමට හොරෙන් ඇතුළු කිරීම සඳහා රැපියල් 1000 ක් අය කළ තැරැවු කරුවන් සිටි බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගම දේවාලයත් තිරුපති මෙන් දියුණු කරනවාලුනේ. හැබැයි තිරුපති කෝවිලේ නිර්මාංශ ආහාර ඇති අතර නොමිලේ දෙනු ලබනවා. ඒ අතර අවට ඇති සියලුම වෙළඳසැල් වල සියලු ආහාර සාධාරණ ගණන් වලින් අළෙවි වනබවත් කිවයුතුයි (නි)
මෙහෙම දේවල් මේ ලංකාවේ නොවෙනවා නම් තමයි පුදුමේ! (නි)
ලබන සැරේවත් අන්තර්ජාලයේ 'ඔන්ලයින් බුකින්' පාවිච්චි කරලා කාමර කලින් බුක්කරන්න තියෙන්නේ. (නි)
අනේ දෙවියනේ මෙහෙමත් දේවල්! (නි)
ශුද්ධ භූමියක, පූජනීය ස්ථානයක දහස් ගණන් බැතිමතුන් අපහසුතාවයට පත්කරන මේ කූට ව්‍යාපාරිකයින් මෙවැනි අන්දමට උපයන මුදල් සදාකල් පවතීද? (නි)
මහාචාර්ය කොටගම වාචිස්සර මාහිමිපාණන් විසින් රචිත " මහනුවර සංඝ රාජසමය" ග්‍රන්ථය කියවා අදහස් දැමීම සුදුසුය. (නි)
මේ කොල්ලකෑම දශක ගණනාවක සිට සිදුවන්නක්. පුජා වට්ටි බොහෝවිට වෙළෙන්ඳන්ගේ අතට නැවත පත්වෙනවා. (නි)
අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මිනිස්සු (නි)
ඉලේපෙරුම, මම දන්නා විදියට නම් නිව්යෝර්ක් නගරටයට ත්‍රස්තවාදීන් පහරදුන් අවස්ථාවේ ගොඩක් හෝටල් වල නොමිලේ නවතැන් පහසුකම් දුන්නා. මමත් ලන්ඩන් යන ෆ්ලයිට් එක කැන්සල් වෙලා හෝටලේක නොමිලේ දින 3ක් හිටියා. (නි)
මහින්ද මහත්තයාගේ ආප්ප කඩේ දැන් නැතුව වගෙයි.අපි හිතන් හිටියේ ඒක ජන්දනේ පස්සේ හම්බන්තොය ඇතියි කියලා නෙව. (ස)
කැමති අයට කතරගම යන්නත් පුළුවන්. අකමැති අයට නොයා ඉන්නත් පුළුවන්. ඔය කතරගම දෙවියන්ට ගරහන ගොඩක් අය කතරගමට ගිහින් දණගහලා යදින හැටි දැක්කහම හිනාත් යනවා අපිට (නි)
පිටින් යන අපි භක්තිමත් වුනාට කතර ගම පදිංචි උන් භක්තිමත් නැහැ. උන් දෙයියෝ විකුණන් කනවා. (ස)
ත්‍රිවිධ රත්නය උදෙසා පින්කම්හි යෙදෙන්න. තෙරුවන් බලගතුය. ප්‍රතිපත්ති පූජාහි යෙදෙන්න. කිසිවෙකුට ඔබට අනතුරක් කළනොහැක. ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී (නි)
දහම් වැනි අය කතාකරන ආකාරය ගැන දුකයි (නි)
ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ? (නි)
හරිම කණගාටුයි. (නි)
අන්තිමේ කට්ටියගේ පොකට් එකේ ගානටත් තට්ටුවෙලා නේද? (නි)
අපිට නම් එහෙම ලොකු ගැටලුවක් වුණේ නැහැ. ගෙදරින් පලතුරු අරගෙන ගියා. කාමරයට 2000යි. ලංගමේ තැන ගොඩක් හොඳයි. නමුත් තිස්ස පැත්තට එනකොට තිබුන කෑම කඩේක නම් යෝගට් එකක් 40 යි. හරිම අසාධාරණයි. කොච්චර හම්බ කළත් එයාලගේ මුහුණු වල ලේ පොදක් නැහැ (නි)
කල දුටුකල වළ ඉහගැනීමේ ප්‍රතිපත්තිය! (නි)
ඉල්ලුම සහ සැපයුම! (නි)
"පූජා වට්ටි පෝලිමට හොරෙන් ඇතුළු කිරීම සඳහා රුපියල් 1000 ක් තැරැවුකරුවන් සිටි බව කියති". දෙවියන් වඳින්නෙත් පෝලිමේ හොරෙන් ඇතුළුවෙලාද? (නි)
මොනවා වුණත් මේ වැඩ නම් අනුමත කරන්න අමාරුයි (නි)
දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ කියලා තමයි කියන්න තියෙන්නේ (නි)
ආප්පයක් රුපියල් 40කටත් විකිණුනා කියන්නේ, අපිට හිතාගන්න පුලුවන් ඇතිවෙලා තිබුණු ආහාර ඉල්ලුම (නි)
චාමර මහත්තයා නම් වන්දනාවේ ගිහින් ගානක් සාක්කුවේත් දමාගෙන ආපසු ගෙදර එන කෙනෙක් වගෙයි කතාවෙන් පේන්නේ. ගිය වියදමට චාමර මහත්තයාගේ ඇගේ ලේ වතුර වෙලා වගෙයි. (ර)
මේවා දෙවියන්ම බලාගන්න ඕනෑ (නි)
පෝලිම පැනලා පුජා වට්ටිය ඉක්මනින් දුන්නහම දෙවියෝ ඉක්මනට පිහිට වෙනවා කියලා හිතන අයත් ඉන්නවානේ. මේගොල්ලන් තමයි නිවන් දකින්නත් ෂෝට්කට් තියනවා කියලා හිතාගෙන ඉන්න කොට්ඨාශය (නි)
දෙවියනි, මේ දේවල් දෙස බලනු මැන! (නි)
අනේ අම්මෝ මෙහෙමත් ගණන්! (නි)
ආප්ප 40 ට නෙමෙයි 60 ට දුන්නත් කමක් නැහැ. ඒක කාලා වුණ දේවල් අපිට මතකයි (නි)
ආප්පයකටත් ගිය කල! (නි)
රෑ ආප්ප කාලා සමහරු පහුවදා උදේ කළ දේවල් මතකයි නේද? (නි)
කඳ සුරින්දුත් හැර ගිහින්ද කතරගම ? (අ)
මම කිතුණුවෙක් වුණත් මම ගෞතම බුදුන්වහන්සේගේ ඉදිරිපත්කළ ජීවන දර්ශනයට ගරු කරනවා. මම විශ්වාස කරනවා ඔය වඳින්න ගිය අයත්, ඒ ගිය අයගෙන් මේ විදියට ගසාගෙන කෑ අයත් යන දෙගොල්ලොම බොදුනුවෝ නැත්නම් හින්දූන් කියලා. හින්දූන් ගැන මට ගැටළුවක් නැහැ නමුත් බොදුනුවන් විසින් ඔවුන්ගේ ශාස්තෘවරයාණන් විසින් ඉදිරිපත්කළ සම්‍යක් දෘෂ්ටිය ගැන අවබෝධයක් තිබීම වැදගත්. (නි)
අද කාලේ හැටියට මේවා ගැන පුදුමවෙන්නත් අවශ්‍ය නැහැ (නි)
ලැජ්ජයි (කෞ)
ඕවගෙ අවැඩ ඉතිං කතරගම දෙයියොම බලා ගන්න ඕන..වෙන කාට කියන්නද.? (කෞ)
මිත්‍යාවෙන් හැමදේම මනින මිනිසුන් ඉන්න රටක මෙහෙමත් දේවල් අහන්න දකින්න ලැබෙන එක ගෙන අහන්න දෙයක් නේ. (කෞ)
රොකී,රංග, ඔබ දෙපළගේ අදහස් මමත් අනුමත කරනවා. (නි)
මේ දේවල් ගැන සොයාබලන්න කවුරුත් නැද්ද? (නි)
මිනිස්සු සල්ලි හොයන්න මොනවද නොකරන්නේ? (නි)
කතරගම දෙවියොත් නිවාඩු ගිහින් පාටයි නැතිනම් මෙවන් අසාධාරනකම් කෙරාවිද එම අඩ වියේම. (කෞ)
වැරදි මිනිස්සු (කෞ)
මේ තොරතුරු වලින් හැඟෙන්නේ කතරගම දෙවියන් ඒ පලාතෙන් පිටවී ගොස් ඇති බවය. තව දුරටත් එහි යාමෙන් කිසිවකුටත් සිදුවන කිසිම සුගතියක් නැත! දෙවොලේ සිටින්නේ කපුවා පමණකි. නගරය කාක්කන්ගේ පරාදීසයකි! (කෞ)
කතරගම දෙවියනි ඔබ කොහෙද? නැති නම් සැදැහවතුන් අමතක කර ක්‍රිකට් තරඟයක් නරඹුවද? (කෞ)
නොදැන ගියොත් කතරගම සිදුවෙයි ඉන්න අතරමග. (ස)
දෙවියෝ කොහොමත් ඔය පළාතේ අයට ඕවට දඩුවම් දීලනේ තියෙන්නේ ,, මොන තරම් දුෂ්කර දිවි පෙවතක්ද ඒ පළාතේ මිනිසුන් ගෙවන්නේ , (ස)
සියලුම බැති මතුන්ට, දෙයියන්ගේම පිහිටයි! (කෞ)
ඇමරිකාවේ නිව්යෝක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ විට ලන්ඩන් හීත්රෝ ගුවන් තොටුපළ වසා දැම්මා. සංචාරකයන් විශාල වශයෙන් ලන්ඩනයේ අතරමං වුණා. ලන්ඩන් හෝටල්කාරයන් සියලු දෙනාම වහාම හෝටල් ගාස්තු විශාල ලෙස ඉහළ දැම්මා. මේ සිදුවීම කොයි රටටත් පොදුයි (අ)
දෙයියොත් සල්ලි ගන්න එකේ ඕක මොකක්ද ?(කෞ)
ඇමරිකාවේ, ලන්ඩන් වල ආප්ප කාලා පොල් අතු මඩුවල ඉන්න අය නැහැ. අපේ ලංකාවේ මිනිස්සුන්ට ඔරොත්තු දෙන සාදාරන මිලක් අය කරන්න ඕනි .මේවට නම් කතරගම දෙවියොම බලාගන්න ඕනි.(කෞ)
කතරගම පූජානාගාරයේ දෙවියන් කෝප කරවන මෙවන් අසාධාරනකම් වලට ඒවායේ නියැලෙන්නන්ට දේව දඬුවම් අනාගතයේ හිමි වීම නියතයි. (කෞ)
දෙවියන්ටම ඔප්පුවෙච්චාවේ (කෞ)
කතරගම දෙවියන්ට සමච්චල් කරන අදහස් දාන අයටයි. සංවේදී වන්න. අපි අදහනවා (කෞ)
මේවට දඩුවම් දෙවියන් විසින් නුදුන්නොත් අපි ලොකුවට විශ්වස කරන කතරගම දෙවියන් ගැනත් තීරණයන් ගන්න වෙනවා... (කෞ)
දැන් තේරෙනවා නේද මේ මිත්‍යාවක් පස්සේ දුවන්නේ කියල. දෙවියෝ හිටියනම් තමන් ලඟට ආපු බැතිමතුන්ට මෙහෙම වෙන්න දෙනවද? (කෞ)
ලංකාවේ සවුත්තු මිනිස්සු ගොඩක් ඉන්නේ කතරගම සහ නුවර එලියේ. බොහෝ අත්දැකීම් වලින් කියන්නේ...(කෞ)
ලංකාවේ සාක්ෂරතාවය 96% කියනවා.මම හිතන්නේ ලංකාවේ බුද්ධිමතුන් සිටින්නේ 4%. එනිසා තමයි මෙහම මෝඩකම් නිතරම සිදුවන්නේ. (ස)
දෙවියන්ගේ නමින් හෝ ආගමක නාමයෙන් හෝ ගසා කන, මඩිය තර කර ගන්නා මේ හොරුන්ට සුගතියක් නම් නොවේ ! මෙවැනි අසරණ බැතිමතුන් සූරාකන හොර මුදලාලිලාට හිතක් පපුවක් නැද්ද? (කෞ)
කල දුටු කල වල ඉහ ගන්න අයට දඩුවමුත් දෙවියන්ගෙන්ම ලැබේවි. (කෞ)
මිනුස්සු කරන වැරදි වලට දෙවියන්ට බනින්න එපා, ඔහොම හම්බු කරන සල්ලි පලදෙන්නේ නැහැ , (කෞ)