(අංජුල මහික වීරරත්න)

හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් 117 දුරකතන අංකයට අමතා දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා ඉල්ලා සිටී.

එමගින් සිදුවිය හැකි ආපදා අවම කරගැනීම සඳහා ක්ෂණික සම්බන්ධීකරණය සිදු කළ හැකි අතර ක්ෂණිකව සෙවීම් සහ මුදවා ගැනීම් යාන්ත්‍රණය සම්බන්ධීකරණය කිරීම තුළින් ආපදාවකට ලක් වී ඇති පිරිස මුදා ගැනීම සිදු කළ හැකි බව කොටුවේගොඩ මහතා පවසයි.