
(නිමල කොඩිතුවක්කු)
ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කර එය ශක්තිමත් කළ යුතුයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ නිවැරදි නිශ්චිත කාර්යක්ෂම ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය ද අද වනවිට සුනාමියකට හසුව ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණැගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව බල ප්‍රදේශයේ නායයෑමට ලක් වූ ගම්මාන නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
ඒකාබද්ධ ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කර එය මධ්‍යගතව ද ප්‍රාදේශීය දිස්ත්‍රික් හා ග්‍රාම සේවා වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බවත් මෙය වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් ලෙස ස්ථාපිත විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සජිත් ආපදා කළමනාකරණයට වෙනම කැබිනට් ඇමැති කමක් ඉල්ලයි
ලක් අම්මා Tuesday, 16 December 2025 06:18 PM
පක්ෂයවත් හරියට කරගන්ඩ බැරුව ආණ්ඩුවට උපදෙස් දෙන්ඩ යනවා. ළාමක ටින් ටින්ගේ මොලේ නම් හොන්දටම අවුල් වගේ...
sunil Tuesday, 16 December 2025 06:37 PM
ඔබතුමා ආපදා කළමනාකරණ ඇමති වුනොත් නරකද ?
අරවින්ද මොණරවිල Tuesday, 16 December 2025 06:49 PM
අහෝ බලන්නත... කෝ මෙතුමාගේ බුද්ධි මහිමයේ තරම, ඊළගට පොල් ගස්වලට වගේ බෝගවලට කුරුමිණියෙක් බෝ වුනොත් ඒකට වෙනම කුරුමිනි කළමනාකරණ ඇමැති කෙනෙක් පත් කරන්න ඉල්ලයි. ඊළගට පාචනය කොළරාව වගේ වසංගතයක් පැතිරුනොත් වසංගත කළමනාකරණ අමාත්‍යාංශයක් ඉල්ලයි.. එක අතකින් මොලේ තරමට එපායැ විසදුම් දෙන්න, බැරි වෙලාවත් මෙයා ජනාධිපති උනා නම් එකසිය අටක් අමාත්‍යංශ හදලා දෙසීය විසිපහම ඇමතිවරු කරලයි නවතින්නේ...
chandima Tuesday, 16 December 2025 07:14 PM
හැම රෙද්දටම ඇමතිලා පත්කළේ ඒ කාලේ . මේ කාලේ මුළු ආණ්ඩුවම එකතු වෙලා ආපදා කළමනා කරණය කරන්නේ. කොහෙන් හරි බලන්නේ සුද්දයක් දෙන්න ක්‍රමයක් නේද?
Nihal Dharmatileke Tuesday, 16 December 2025 07:33 PM
සජිත්ගේ එකම පැතුම...