ගංවතුරු නායයෑම්, සාලාව අවි ගබඩාව පිපිරිමේදී සහන සැලසීමට ආණ්ඩුව අසමත් වී යැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් විජිත හේරත් මහතා අද (10) පැලවත්ත පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය හමුවේදී පැවසීය.
‘පීඩාවටපත් පිරිසෙන් පහසුකම් මේ වනතෙක් නිසියාකාරව ලැබී නැහැ බලධාරීන් විවිධ ප්‍රකාශ කළත් ජනතාවට අවශ්‍ය දේ පවා ලබාදීමට ආණ්ඩුව අසමත් වෙලා‘ යැයි ද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාම පත් කරගත් ආණ්ඩුවක් නේද? (නි)
අනේ හොඳයි මහත්තයෝ. ඔයාලා තමයි ඔක්කොම කළේ. ඒ නිසා තමයි ඉතිහාසයේ කවදාවත් නැති විදිහට මාසෙට රු 50,000/- ගානේ ගෙවල් හදලා දෙනකන් දෙන්න රජය පොරොන්දු වෙලා තියෙන්නේ. අඩුපාඩු ඇති. අපි නැහැ කියන්නේ නැහැ. නමුත් ආණ්ඩුව මොකුත් කළේ නැහැ, ආණ්ඩුව අසමත් වගේ දේවල් නම් විහිලු කතා. මේ බයිලා වැඩක් නැහැ. ඔයාලා ඔයාලට පුළුවන් දේ කරන්න. ආණ්ඩුව, ආණ්ඩුවට පුළුවන් දේ කරයි. (නි)
කෙබර අැදබෑමෙන්, ජනතා සහන කප්පාදුවෙන්, ජනතාව මත වැඩි වැඩියෙන් බර පැටවීමෙන්, සංවර්ධන කටයුතු නතර කිරීමෙන්, ආර්ථිකය ආපස්සට යැවීමෙන්, මැති ඇමතියන්ට වැඩි වැඩියෙන් බෙදීමෙන්, මහින්ද මන්තරේ උදේහවා කටපාඩම් කිරීමෙන් වගේ දේවලින් නම් මේ ආණ්ඩුව සමත්, ඉහළින්ම සමත්! (නි)
මෙයාලත් අන්තිමට නියම විහිළුකාරයෝ ටිකක් වුණා (බ)
ප්‍රියාන්, ඔයාගේ දර්ශනය මොකද්ද කියලා දැනගන්න පුලුවන්ද? (නි)
ආණ්ඩුව නෙවෙයි විජිත, රටක් වශයෙන් මේ කාරණාවේදී අපි හැමදාම අසමත්. මෙතක් පැවති හැම ආණ්ඩුවක්ම අාපදා සහන සැළසීමෙන් අසමත්. ඒකට ආණ්ඩු විතරක් නොවෙයි ඔබතුමාලත් සම්බන්ධ වෘත්තීය සමිතිත් වගකියන්න ඕනෑ. (නි)
අපදා සහනෙන් විතරක් නෙමේ, විදේශ කටයුතු සහ අධ්‍යාපනය ඇරෙන්න, අනෙක් සෑම අංශයක්ම මේ ආණ්ඩුව අසමත්. (හේ)
සිංහල මිනිසුන්ට දැනෙන එකම දේ මෙගා ඩිල් ගැහුවා කියලා ඇහින් දැක්කා වගේ කියවන එක. මොනතරම් වැඩ කළත් වැඩක් නැහැ. (නි)
මොකද සහෝදරයිනි වෙලා තියෙන්නේ.(හේ)
ඒක නම් ඇත්ත.(හේ)
ගෙයක් නොවෙයි විශාල ගොඩනැගිල්ලක් වුවත් තත්පර ගණනින් විනාශ වෙන්න පුළුවන්. මේ සාලාව ප්‍රදේශයේ එකම දවසින් හදපු එකම ගෙයක්වත් තිබුනද විනාශවූ ගෙවල් අතර? නමුත් අපේ සමහර උපාධිධාරීන් පවා බලාපොරොත්තු වන්නේ රජයෙන් සාදන නිවසක් නම් එකම දිනයෙන් සාදයි කියා. දවස් දෙක පැනපු ගමන් කියන්නේ කෝ තවම ගෙවල් සැදුවේ නැහැ කියා. (නි)
ජ වී පෙ දර්ශනයට එකඟ නැතත් මේ කියන කතාවට නම් එකඟවෙන්න වෙනවා. එ්ක පෙනෙන්නම තියෙන නිසා. ආණ්ඩුව කරන්නේ වැස්සත් මහින්ද පෑව්වත් මහින්ද පිපුරුවත් මහින්ද කිය කියා ඉන්න එක විතරනේ.. (නි)
ඩිල්ෂාන් හරි. මේගොල්ලන්ට වෙන අය කරන දේවල් හරි නැහැ, ඒගොල්ලො තමයි හරි. ඒකනෙ ගිය පාර මන්ත්‍රිවරු හතර දෙනෙක් විතරක් ලැබුනෙ. (නි)
එහෙමයි කියලා කියන්නත් බැහැ නේද? (නි)