
(මහින්ද නිශ්ශංක )
ජාතික ලුණු සමාගම ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 2800 ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර ඇතැයි එම ලුණු සමාගම පවසයි.
ආහාර සදහා ගෙන්වන ලද මෙම ලුණු තොගය පසුගිය 23 දා දිවයිනට ළගා වූ බවත් ඒවා මෙරට ලුණු අළෙවි නියෝජිතයින් හරහා වෙළෙඳපොළට නිකුත් කර පාරිභෝගිකයන්ට අළෙවි කිරීමට පියවර ගෙන ඇතැයිද ජාතික ලුණු සමාගම සදහන් කරයි.
ලංකා ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් 10000 ක්ද පිටකොටුව ආනයනකරුවන් ඇතුළු ආනයනකරුවන් 100 කට වැඩි පිරිසක් තවත් ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂයකට වඩා ආනයනය කරන බවද කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරුද්ධ පක්ෂයට තිබුන ලුනු කතිකාවත් එතනින් නිමාවට පත්විය
ඔය ලුණු සතොස ට ආවාම අපි කන්නේ ලුනුයි බතුයි. අපිට පුදුම අමාරුවක්නේ තිබ්බේ ලුණු නැතුව.
නිෂ්පාදන ආර්ථිකයක් හදනකන් බලන් මාලිමාවට ඡන්දය දුන්නු පාක්ෂිකයන්ට ලුණු ගෙනෙන එකත් ප්‍රවෘත්තියක් වෙලා
කෝටි ගණනක කොමිස් ඇමතිලගේ සාක්කුවලට. මේවා හොයන්න කොමිසමක් අනාගතයේ දාන්න වෙයි.
අප්පේ ඇති යාන්තන් දැන් තුන් වේල ලුණු කාලා ඉන්න පුළුවන්..., ලුණු කාලා රාජ්‍ය ගෞරවය ගැන වැලපෙමු ඊළඟට..., ත්‍රස්ත පනත එනකන්...