
(මහින්ද නිශ්ශංක )
ඉන්දියාවෙන් ආනයනය කළ බව කියන කහ කුඩු කිලෝ එකේ පැකට් 55 ක් අලෙවි කිරීමට සුදානම් කර තිබියදී පිටකොටුව වෙළඳ සැලකින් සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඊයේ (12) අධිකාරියේ විමර්ශන නිලධාරීන් පිටකොටුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සොයා ගනු ලැබූ මෙම කහ කුඩු තොගය ආනයන කළ බවට තොරතුරු ඇතැයි ද අධිකාරිය සදහන් කරයි.
අලෙවි කිරීමට සුදානම් කර තිබූ මෙම කහ කුඩු තොගය සම්බන්ධයෙන් වෙළෙඳසැල් හිමියාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇතැයි ද පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය කහකුඩු වෙන්කර හඳුනාගන්න පුලුවන්ද?
පුළුවන්, දේශීය ඒවා පිටි කලවම් කර වර්ණ ගන්වා ඇත. ආනයනික ඒවා නියම තත්වයෙන් ඇත...