අස්ගිරි පාර්ශවයේ අනු නායක ධූරයට ආනමඩුවේ ධම්මදස්සි හිමියන් අද (5) තෝරා පත් කරගනු ලැබූහ.
මහියංගණ රාජමහා විහාරාධිපති ලෙස උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ද අස්ගිරි මහා ලේඛකාධිකාරී ලෙස මැදගම ධම්මානන්ද හිමියන්ද පත් කරනු ලැබ සිටිති.
අස්ගිරි මංගල උපෝසථාගාරයේදී අභිනව ධූරයන් සඳහා ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික භික්ෂූන්වහන්සේලා පත් කැර ගැනීම සිදු කැරිණි. ධම්මදස්සි හිමියෝ කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරයේ විහාරාධිපති ධූරය හොබවති. ඒ හිමියෝ අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසද කටයුතු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වචනයෙන් කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම සිංහල බෞද්ධ අයිතිය රැකගැනීමේ හැකියාව ඔබ වහන්සේට ලැබේවා! (නි)
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...වෙසක් තෙමගුලේ සතුටුදායක පුවතක්. මම කාලෙක ඉදන්ම මේ ගැන සිතුව.ඔබ වහන්සේ අපේ පළාතට ලොකු ගෞරවයක්. (බ)