ක්‍රිකට් පිටිය තැලීම සඳහා ගෙන ආ ගල් රෝලට හසු වී මිය ගිය කොළඹ ආනන්ද විද්‍යාලයයේ සිනෙත් විජේසිංහ (08) සිසුවා අද උදේ 7.30 ට රෝහලට ගෙන එන විටත් හුස්ම නොවැටුණු බවත් වෛද්‍යවරුන් සෑහෙන වේලාවක් ඔහුගේ හෘද ස්පන්දනය ලබා ගැනීමට සෑගෙන වෙහෙසක් ගත් බවත් කොළඹ ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ කියයි.
ගල්රෝලේ හැඩලයට උදරය තැලීමෙන් මරණය සිදුවී ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේ නිගමනය විය. ඔහුගේ උදරය ගල්රෝලටත්, බිත්තියටත් තෙරපී ඇතැයි ද එහිදී කියැවිණි.
උදෑසන ළමයින් ක්‍රිඩා කරමින් සිටියදී හතර වසරේ මේ සිසුවා අතින් තල්ලු කරන ගල් රෝල හා බිත්තියක් අතර සිර වී ඇති බවත් ගල් රෝල එතැන ඇති බෑවුමට ඇදී ගොස් ඇති බවත පෙනෙන්නට ඇතැයි මරදාන පොලීසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ නුඹට නිවන් සුව. නිවන් දකින තාක් කල් මෙවන් අකල් මරණයක් කිසිදු ආත්මයක නොම වේවා. ඔය අම්මගේ කුසේම නැවත ඉපදී අම්මගේ හිතේ ගින්දර නිවාපන් පුතේ. (නදී)
අනතුරක් කවුරුවත් හිතා මතා කරන්නේ නැහැ . කාගෙවත් පිට වරද පටවන එක වරදියි. මෙවැනි අනතුරු වෙනවා අපි අහල තියනවා. අපි කාගේත් වගකීම අනතුරු වලක්වා ගැනීම. දරුවට නිවන් සුව අත් වේවා! (නදී)
වැඩි හිටියන්ට ආරක්ෂාවක් නැති රටේ කුඩා පාසැල් දරුවෙකුට ඒ ආරක්ෂාව ලැබෙයිද? (නදී)
ගොඩක් දුකයි මල්ලියෝ ඔයා ගැන. අද මේ පාසැලේ උන දේ හෙට ඔබේ ගෙදර නොවෙන්න වග බලාගන්න.(නදී) ..
දැන් මේ මරණය කාගේ නොසැලකිලිමත් කම නිසා සිදුවූ දෙයක්ද? හැම පුවතකම තියෙන්නේ 'ගල් රෝල ඇදී ගිය ආකාරයයි' 'දරුවාගේ පපු ප්‍රදේශයේ තැල්මක් වී ඇති ආකාරයයි' පමණකි. ලංකාවේ සුපුරුදු ක්‍රමයට මෙම මරණයටත් වගකිවයුත්තෙක් නැද්ද? (නදී)
නාලක,ඔබ වගකීම් කියනදේ ගැන වැඩිය දන්නේ නෑ වගේ. පාසැල තුල සිටින දරුවන්ගේ ආරක්ෂාව පාසැල සතුය. කව්රුවත් හිතා මතා මරලා දැම්මේ නැහැ කියා වගකීම් වලින් පැනල යන්න බැහැ. මෙම ගල් රෝල ආරක්ෂාකාරීව සුදුසු ස්ථානයක තැබුවා නම්, මේ අනතුර සිදුවෙන්නේ නැහැනේ. (නදී)
ඊළගට ඔය වගේ සිද්ධි වෙන්න බොහෝ ඉඩ ඇති පාසැලක් වනුයේ වසර තුනක් සිට විදුහල්පතිවරයෙකු නොමැති ලංකාවෙ එකම ජාතික පාසල වන මාවනැල්ල මයුරපාද ජාතික පාසලේය. සොයා බලන්න ඇමති තුමනි. දෙයක් සිදුවීමට පෙර වලකා ගැනුමයි වැදගත්.(නදී)
මෙවැනි පුවත් නැවතත් අසන්නට ඉඩ නොලැබේවා.(නදී)
පුතේ ඔයාට ජේසු පිහිටයි.(නදී)
අනේ අපෝයි දරුවෝ උස් මහත් කරලා මේ වගේ දෙයක් අහන්න දෙමව්පියන්ට පුලුවන් ද ? පුතේ ඔබට ජාති ජාති මෙවන් අකල් මරණයක් නොවන්නත් ! නිවන් සුව ලැබේවා කියා පතනවා ! (නදී)
මේ සිදුවීම වාර්තා කල එක පෞද්ගලික රුපවාහිනී නාලිකාවකට මේ සිදුවීම ඇසින් දුටු ශිෂ්‍යයන් අදහස් දැක්වුවා. ඒ ශිෂ්‍යයන් මේ සිදුවීම විස්තර කරේ බොහොම විනෝදෙන් හිනාවෙවී නිකන් බොහොම අපුරු අත්දැකීමක් විස්තර කරනවා වගේ. පොඩි දරුවෝ කාටවත් මේ සිදුවීමේ වරද එල්ල කරන්ට බැහැ තමයි. නමුත් ගුරුවරු මේ සිද්දියේ බරපතලකම දරුවන්ට පහදලා දෙන්ට ඕනි. මේ වගේ දේවල් ඉදිරියට වලක්වාගන්ට එය උපකාරී වෙයි.(නදී)
පව් ළමයා , අළුපහනට සුදුපහනට කළුපහනට ඔක්කොමලට පිස්සු.(නදී)
ළමයි කියන්නේ හැම වෙලේම හැමතැනකම සෙල්ලම් කරන අයට. ඒක ප්‍රසිද්ද සිද්දාන්තයක්. වැඩිහිටියෝ වශයෙන් අපි දැනගන්න ඕනේ එයාලගේ ආරක්ෂාව. ගුරුවරුන්ගේ වගකීමක් තමයි ළමයින්ගේ ආරක්ෂාව. ගුරුවරු තමන්ගේ වගකීමෙන් අයින්වෙලා. (නදී)
පොඩි එකා නැති උනා. ඒ හරක් වගේ ලොකු උන්ගේ නොසැලකිලි කම් නිසා. පුතේ උඹට මතු බවයේදී මෙවන් ඉරණමක් නොම වේවා. තවත් මේ වගේ දේ නොවෙන්න ළමයි ගැන හිතපල්ලා. (නදී)
මිනුවන්ගොඩ ජාතික පාසලේදී ළමයෙක් පාසැල තුල තිබු ලිදට වැටිලා මලේ. බලදාරින් මිට වැඩිය ළමුන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි. පුතා මෙවන් අකල් මරණයකට පත් නොවේවා.(නදී)
නිවන් සුව මල්ලි ඔයාට යලිත් මෙවැනි අකල් මරණයක් අත් නොවෙවා! (නධී)
නත්ති ජාතස්ස අමරනං..සිසුවාට නිවන් සුව පතමි.(නදී)
මහ ලොකුවට ලොකු ඉස්කෝල කිව්වට වැඩක් නෑ ගෙදර ඉඳන් අම්මා අප්පා තමාගෙ දරුවව පාසලට ගේන්නේ ඇස් දෙක වගේ ආරක්ෂා කරගෙන ඉස්කෝලෙ ඇතුලේදි ළමයා ආරක්ෂා සහිතව ඉන්නවා කියන නිසයි දෙමව්පියෝ ලමයා පාසලට ගියායින් පස්සෙ හිතේ බයක් නැතුව ඉන්නේ. ඒත් මේ "ලොකු ඉස්කෝලෙ ලෝකෙට පේන්න වැඩ කරාට ඕක තමයි ඕක ඇතුලේ ළමයින්ට තියෙන ආරක්ශාව . මේක ළමයෙක් අනතුරකින් මිය ගිය පළවෙනි අවස්ථාව නෙමෙයි , මීට කලින් ළමයෙක් ගොඩනැගිල්ලකින් වැටුනා.(නදී)
ලේක්කෝ ගලබඩ හරියටම හරි. ඕක තමා අන්තිමට වෙන්නේ. මේ රටේ හරිම අමුතු නීතියක් තියෙන්නේ. පව් අහිංසක ළමය සහ දෙමව්පියන්. පුතේ යලි මෙවන් රටක ඉපදෙන්න එපා ඔබට සාදරනයක් ඉටු නොවේ. (නදී)
ආපසු අප අතරට එන්න පුතේ. ඔබට නිවන් සුව.(නදී)
නාලක නොසෑලකිල්ලෙන් දරුවෙක් මෑරුනහම කර්ම ශක්තියද කෙහෙල්මලක් කියනවා. අන්තිමට අසරන දරුවෙකුගෙ ජීවිතේ නෑතුව ගියා.(නදී)
විදුහලේ ක්‍රීඩා බාර ගුරුවරයා වග කියන්න ඕනේ ..ක්‍රීඩා උපකරණ නිසි පරිදි ගබඩා වනවාද සොයා බලන එක ඔහුගේ වගකීම ..දරුවට නිවන් සුව! (නදී)
වැරදුනු තැන වරදුනාට පසු සෙවීමෙන් පලක් නැත (දී)
කසුන්(ආනන්ද විදුහල)...ඔබ කියන ආකාරයට නැවතත් අනඳ පුතකු වී ඉපදුනොත් ආනන්ද මාතාවගේ සරණ මෙලෙසම ලැබෙයිද? (අ)
මම මේ ඉන්න රටේ යුරෝපයේ සෞක්‍ය සහ ආරක්ෂාව ඉතා හොඳයි.(නදී);
හැමදාම උදේට පොඩිඋන් ඔය ගල්රෝල ඇදගෙන එහෙමෙහෙ යනවා සෙල්ලමට. එතන අලුතෙන් හදන ගොඩනැගිල්ලක් තියනවා.එකට කපපු පස් කණ්ඩිය හින්දයි රෝල තල්ලුවෙලා ගියේ. මේක කාගෙවත් නොසැලකිල්ලක් නෙමෙයි. ගල්රෝල එදා උදේ තිබුනේ වෙන තැනක. ළමයි ඒක ඇදගෙන යනවා.මේක ඒ ළමයාගේ වෙලාව. ටොන් කාලක් විතර බර දෙයක් නිකම් රෝල් වෙලා යන්නේ නෑනේ. අනික ක්‍රීඩා උත්සව කාලෙ නිසා පිට්ටනියේ ගොඩක් ළමයි ඉන්නවා. ඉතින් එක ළමයි කණ්ඩායමකට අවධානය යොමන්න ගුරුවරුන්ට බෑනේ. (අ)
අනිචාවත සංකාර උප්පාද වයදම්මො (අ)
අසෝක, ඔය උන්නැහේ වයස පස්සේ එල්ලිලා වාද කරන්නේ අඩුම තරමින් මේ දරුවාට නැවත මෙවන් අකල් මරණයක් නොම වේවා කියා ත්‍රිවිධ රත්නයේ පිහිට පතමුකෝ!! දරු දුක දත් පියෙක් චන්ද්‍ර (දී)
උප්පැන සහතිකේ කොපියක් ඕනද .වයස කන්නද මැරුණට පස්සේ. (දී)
දැන් තර්ක විතර්ක කරල වැඩක් න .පුංචි පුතාට ජිවිතේ නැති උනා. ඒ දෙමව්පියන්ට ආදරණිය පුතෙක් නැති උන.රටට පුංචි පුතෙක් නැති උනා අයෙත් මෙහෙම දේවල් නොවෙන්න වැඩිහිටියන් ගුරුවරුන් වගකිව යුත්තන් දැන ගන්න ඕනි.නැත්නම් මේ වගේ දේවල් තවත් වෙයි. (අ)
පුතේ ඔබට නිවන් සුව පතමි.(නදී)
නාලක ඔබේ දරුවෙකුට ඔය දෙය සිදු උනත් ඔහොම කියනවද ? (දී)
පුතේ ඔබට අමාමහ නිවන් සුව ලැබේවා හරිම දුකයි වාවගන්න බැ මටත් ඔයාවගේම පුතාල දෙන්නෙක් ඉන්නවා (අ)
මේකෙන් පස්සෙවත් මේ වගේ දේවල් ගැන සැලකිලිමත් විය යුතුය.(නදී)
පිට රටවල ආරක්ෂාව සහ ප්‍රවේශම (ඔකියුපෙශ්නල් හෙල්ත් සේෆ්ටි ) ඉතා දැඩිව අනුගමනය කරනවා. ක්‍රීඩා පිටිය භාර ගුරුවරයා සිට පිට්ටනිය සකස් කරන කෙනා දක්වා මේ ගැන කටයුතු කරන්න දන්නවද කියල පරීක්ෂා කරලා තමා රස්සා දෙන්නේ. නමුත් ලංකාවේ තවම මේ තත්ත්වය නැහැ. ඉදිරියටවත් ඇති වුනොත් ලොකු දෙයක්. (නදී)
පුතේ ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
චුටි පුතාට නිවන් සුව ලැබේවා . මේ උන අපරාදෙට වග කියන්න ඕනේ ගුරුවරුන්. ළමයට මෙච්චර දෙයක් වෙනකන් දැක්කේ නැද්ද? (නදී)
නාලක, මිනිස්සු ඔයවගේ මෝඩ විදියට හිතන නිසා තමයි නොසැලකිල්ලෙන් මේවගේ අකාලේ මැරෙන්නේ. මේවට හරි පරීක්ෂණයක් පවත්වලා, වැරදිකාරයින්ට දඩුවම් දෙන්න ඕනා නැවත මේවගේ අනතුරු නොවෙන්න. දියුණු රටවල් වල වෙන්නේ එහෙමයි. ඒකයි ඒ රටවල නොසැලකිල්ලෙන් වෙන අනතුරු අඩු. (නදී)
නිවන් සුව! (නදී)
ඔබට නිවන් සුව මල්ලෝ. (නදී)
කියන්න කනගාටුයි. හැම වගකීමක්ම පාසැල සතුයි. පොඩි ළමය්න් හරිම දඟ බව දැන දැනත් මෙවැනි උපකරණ ඇයි නිදැල්ලේ තියන්නේ.(නදී)
කළුපහන, මේක ද වැදගත්ම දේ ? 5 දී 1 පන්තිය , 6 දී 2 පන්තිය , 7 දී 3 පන්තිය , 8 දී 4 පන්තිය . පැහැදිලි ද ? උපන් මාසය අනුව සමහර දරුවන් ගේ වයස මීට වැඩි විය හැක.(නදී)
ආනන්ද විදුහල් පති තුමාත් ක්‍රීඩා භාර ගුරුවරයාත් වගකීමෙන් නිදහස් නොවේ!! අඩුම තරමේ තව තව තිබිය හැකි අනතුරුදායක දේවල් සමීක්ෂණය කරන්න. මම හිතන අන්දමට ආනන්ද දීර්ග ඉතිහාසයේ මෙවැන්නක් සිදු වූ පළමු අවස්තාව මෙය විය හැක.කලින් සිටි විදුහල්පතිවරු නිතර පාසල් බිමේ සංචාරය කල බව දනිමි!! ආදී ආනන්දියයා (අ)
අපි කොච්චර කියුවත්, ඒ දෙමාපියන්ට සදාතනික දුකක්. මේ සිදුවීම ගැන මට හරිම දුකයි. මොකද මටත් දරුවෝ ඉන්න නිසා. මේවා ලොකු අයගේ වරද. ගල්රෝලක් වගේ දෙයක් තියන්න ඕනේ සුදුසු තැනක. මේ දේවල් ඉදිරියට වෙන්න දෙන්න එපා. එහෙම උනොත් තව නොදරුවෝ කිදෙනෙකුගේ ජිවිත බිලිගනිවිද? පුංචි පුතා ඔබට අමා මහ නිවන්සුව ලැබෙවා!(නදී)
මින් පස්සේවත් පාසල් තුලින් මේවගේ දේවල් අහන්න නොලැබේවා. දෙමව්පියන්ගේ හිත්වල ඇතිවෙන වේදනාව කාටවත්ම නිවන්න බෑ. චුටි පුතේ ඔයාට මොක් සුව ලැබේවා.(නදී)
කොල්ලෝ ඔහොම තමයි. ගල් රෝලක් දැක්කොත් ඇදගෙන යනවා ශක්තිය පෙන්නන්න. මම පොඩි කාලේ ඕක ලගින් යනවා නම් අනිවාර්යෙන්ම උඩ නැගලා අනිත් පැත්තට පනිනවා.(නදී)
ඔබට මොක් සුව ලැබේවා! (නදී)
පුතේ ඔබට නිවන් සුව! ඔබ උපදින කිසිම ආත්මෙකදිවත් කිසිමකෙනෙක් යට කරගෙන යන්න එපා. ඒක අපේ බුදුබණ පුතේ. මට දුකයි පුතේ එත් මේක අපේ සසර ගමන.(නදී)
පුතේ නුබට නිවන්සුව පතමි.(නදී)
කලුපහන ඉස්කොලෙ ගිහිල්ලා නැහැ ඒකයි වයස දාන්නෙ නැත්තෙ...පුතාට නිවන් සුව.(නදී)
ජීවිතය අනියතයි මරණය නියතයි.ඒ දරුවා ගෙනාපු ආයුෂ ගෙවුණා. ඒ තත්වය උදා වුණා. හරිම දුකයි. නිවන් සුව ලැබේවා! (නදී)
මෙවන් අනතුරු වෙන්නෙ කාගෙ වරදින් උවත් විනාශවන්නෙ අසරන ඡීවිත.(නදී)
මල්ලියේ, ඔබට නිවන් සුව! (නදී)
චූටි පුතේ ඔයාට ජේසු පිහිටයි.(නදී)
මෙය පාසැලේ නොසැලකිල්ල පුංචි පුතුට නිවන්සුව. (දිල්)
ඔබට පිං වැඩියි මයේ පුතේ.(නදී)
දරුවාගේ වයස හොයල කරදර වෙන අය ගැන මට නම් කණගාටුයි . මේ අවුරුද්දේ මුල. දරුවා අලුත් පන්තියට ඇතුළු වෙලා. දරුවට තවම 9 ය ලබලා නැතුව ඇති. එහෙම වෙන්න පුළුවන්. තව ඒ දරුවා අවුරුද්දේ මුල ඉපදිලා කලින්ම පාසලට ඇතුළු වෙච්ච දරුවෙක් වෙන්න පුලුවන්... අනවශ්‍ය දේවල් ගැන කතා කිරීම නුගත් මනුස්සයාගේ ලක්ෂණයක්. . නොසැලකිලිමත් කම හා අනාරක්ෂිත බව තමයි මරණයට හේතුව ලෙස මන් දකින්නේ. සිසුවාට නිවන් සුව! (නදී)
ළමයි ගල්රෝල අදිනකම් කව්රුත් මොකුත් කළේ නැද්ද? අඩුම තරමින් මේකේ භයානක කම තේරෙන ශිෂ්‍ය නායකයෙකුවත් හිටියේ නැද්ද ? පවු අහිංසක ළමයා සහ එයාගේ දෙමාපියන්. ඔහුට සසර අකල් මරණයක් නොවේවා! (නදී)
සොයුර ඔබ උපදින හැම භවයකදීම අනද පුතෙකු වී ඉපදේවා ! ඔබට ආනන්ද මාතාවගේ සරණයි.! (නදී)
නිවුන සුව පතමි පුතේ ඔබට. (නදී)
ජීවිත වල වගකීම ඇත්තේ විදුහල්පතිවරයා ලගයි.(නදී)
පුතේ ඔබට නිවන් සුව උපදින හැම ආත්මයකම ඔබේ මාපිය සෙවනේ හිදින්නට ප්‍රර්ථනා කරමි.(නදී)
ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
මේක කාගෙවත් වැරැද්දක් නෙවේ. මේක ලංකාවේ නීතයට අනුවනම් ගල්රෝල හදපු කෙනාගේ වැරැද්දක් විය යුතු ය. එය එසේම වේ. දරුවා ඔබට නිවන් සුව. ආයෙත් මේ වගේ රටක නොඉපදේවා.(නදී)
ඒ දරුවගේ කර්ම ශක්තිය. කව්රුවත් හිතා මතා මරලා දැම්මේ නැහැ. දරුවට නිවන් සුව ලැබේවා! දෙමව්පියන්ගේ දුක් ගිනි නිවේවා! (නදී)
ඉතාමත් අවාසානාවන්ත සිදුවීමක්. අනුරංග මේ ගල්රෝල් පාවිචිචි කරන්නේ ක්‍රීඩාංගණයේ විකට්ටු පිළියෙළ කිරීමට. ඔයා විහිලුවකට හරි ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ගිනින් තියනවා නම් දැකල ඇති හතරේ සිමාව ගාව මේවා තියනවා. මල්ලිට නිවන් සුව ! (නදී)
ඔව් යසවතී,ලොකුම කිල්ල නොසැලකිල්ල තමයි.(නදී)
සම්පූර්ණයෙන්ම පාසැල් බලධාරින්ගෙ වැරැද්ද. කුඩා දරුවන් සෙල්ලම් කරන තැන්වල මෙවැනි දේ තැබීම වැරැද්දක්. ගල් රොලක් මෙවැනි කුඩා දරුවෙකුට තනිවම තල්ලු කල නොහැක. එසේ නම් බැව්මක මෙවැනි දෙයක් තැබූ කෙනාට දැඩි දඩුවම් දිය යුතුයි. (දී)
ඔබට මොක් සුව ලැබේවා! (නදී)
පුතනුවනි ඔබට නිවන් සුව ලැබේවා! මෙවන් අකල් කිසි ආත්මයක ඔබට අත් නොවේවා.(නදී)
පුතේ නුබට නිවන් සුව (දී)
දරුවන්ගේ කෙළිලොල් වයස හිතා මතා සිදු කල දෙයක් නොව අනතුරකි සිත් සුවපත් කර ගන්න (දී)
පුතණුවනි, ඔබට අජරාමර නිවන් සුව අත්වේවා! මෙවන් අකල් ,මරණයකට කිසිදා ගොදුරු නොවී මතු බවයේදීත් එම මා පියන් තුරුලේම නැළවෙන්නට මනුස්ස ආත්මයක් ලබත්වා.(නදී)
විදුහල්පති / ක්‍රීඩා බාර ගුරුතුමා ප්‍රශ්න කල යුතු අතරම ඔවුන් ඉල්ලා අස් විය යුතුයී. පුංචි පුතා ඔබට අමා මහ නිවන්සුව ලැබෙවා! (අ)
ඔබට නිවන් සුව මල්ලියේ (අ)
ගල්රෝල සහ දරුවන් ගැන සිතන විට නොසැලකිල්ල සිදුවූ බවයි පෙනෙන්නේ.(නදී)
ලොකුම කිල්ල නොසැලකිල්ල.(නදී)
මල්ලෝ ,නැවත අප අතරට එන්න.(නදී)
4 වසරේ සිසුවාගේ වයස 8 වෙන්නේ කොහොමද. සිසුවාට නිවන් සුව. (නදී)
පව් දෙය්යනේ පොඩි එකා. පිටිය භාර සහ එහි උපකරණ භාර කෙනෙක් ආනන්ද එකේ නැද්ද ? ඕක ලොක් කරන්න පුළුවන් නේද ? මම දන්නා තරමින් පුළුවන්. මැරෙන්න වයසක් ද අනේ පව් .(නදී)
එහෙනම් චමත් ඉස්කෝලෙක වෙන දේවල් කිසි දෙකට වගකියන්න බැනේ ගුරුවරුන්ට...ළමයි වැඩි කියල ශේප් වෙයි..අන්තිමට අසරණ වෙන්නේ ළමයි තමයි (අ)
මේක අහපු වෙලාවේ ඉඳන් මම ඉන්නේ හරිම වේදනාවකින්. ලමයි ඉස්කෝලෙට එවන්නේ දෙමාපියන් මොනතරම් විශ්වාසයකින්ද ? මේක හෙට අනිද්දා කාටත් අමතක වෙලා යයි අර අහිංසක දෙමුපියෝ හැමදාම දුක හුල්ලන්න වෙනවා නේද? ,අහිංසක පැටියා කොච්චර වේදනාවක් විඳින්න ඇද්ද? මේක තනිකරම පාසලේ වැරැද්ද අනාරක්ෂිත විදියට ඔය වගේ දේවල් තියල තියෙන්නේ, පුතේ ඔයාට නිවන් සුව ලැබේවා! (නදී)
නාලක, කර්ම ශක්තිය කියා කියා ඉඳල බෑ. අනතුරු වලක්වා ගන්න වැඩිහිටියෝ වග බල ගන්න ඕනේ.(නදී)
පොඩි ළමයි ගැන මීට වැඩියෙන් වැඩිහිටි අය අවදානෙන් ඉන්න ඕන. . එහෙම උනා නම් මෙහෙම දෙයක් වෙන්නේනේ.(අ)
පාසලේදී ළමුන්ගේ ආරක්ෂාව නොමැති නිසා මේ දේ සිදුවිය. ඉගැන්වීමේ කටයුතු වගේම ළමුන්ගේ ආරක්ෂාව ගැන විමසිලිමත් විය යුතුය. සිසුවා ගල් රෝලක් තල්ලු කරන විට ගුරුවරයා සිටියේ කොහේ ද ? හැම දෙයක්ම වෙන්නේ කර්මය අනුව කියල හිත හදා ගන්නවා. (නදී)
විධිමත් මරණ පරීක්ෂණයක් තැබිය යුතුයි. අවධානම පිලිබඳ සිසුහු දැනුවත් කල යුතයි. සොහොයුර ඔබට නිවන් සුව!! (නදී)
හරිම දුක හිතෙන ඇග හිරිවැටෙන පුවතක්. ආනන්දය වගේ පාසලක මෙහෙම අනාරක්ෂිත බවක් . හිතන්නත් අමාරුයි.(නදී)
කව්ද ගල් රෝල බෑවුමක නවතා තිබ්බේ. අඩු තරමින් ඇදයක් තියන්න තිබුනේ නැද්ද? මේ නැතිවෙච්ච අහිංසක ජීවිතයට වග කියන්නේ කව්ද? (නදී)
ඉතා කනගාටුදයක් පුවතක්. පුතාට නිවන් සුව ලැබේවා (නදී)
කළුපහන,සුදුපහන - මෙවන් ශෝකාකුල අවස්තාවකදී ඇයිද මේ අනවශ්‍ය විසංවාද? ඒ අහිංසක දරුවාට මතු මෙවන් අකල් මරණයක් සිදු නොම වේවා!(නදී)
සංසාරේ දුක අවබෝදය කරගෙන යනකම් මරණය ඔහොම භයන්කරයි ඔබටත් මටත් එය උරුමයි ඔබට සංසාරේ දුක අවබෝද වේවා මේ සසරේ (අ)
හරිම කණගාටුයි මට මෙහෙම දුකනම් දෙමව්පියන්ට කොහොම දුක ඇතිද ? දරු දුක තරම් ගින්නක් මේ ලෝකෙ නැහැ. (නදී)
සුදු පහන, මෙතන 4 වසරේ ළමයෙක් කොහෙද වයස 8 වෙන්නේ කියල අහල තියෙන කළුපහන කවදාකවත් ඉස්කෝලෙකට ගිය කෙනෙක් නෙමෙයි. මේ වගේ අයට උත්තර දෙන එකත් මෝඩ කමක්. මමත් වයස 8 දී හිටියේ 4 වසරේ. එයා 4 වසරට යන්න ඇත්තේ වයස 30 දී විතර.(නදී)
භානු ....ඔබ හරි,, පිට රටවල ආරක්ෂාව සහ ප්‍රවේශම (ඔකියුපෙශ්නල් හෙල්ත් සේෆ්ටි ) ඉතා දැඩිව අනුගමනය කරනවා. ක්‍රීඩා පිටිය භාර ගුරුවරයා සිට පිට්ටනිය සකස් කරන කෙනා දක්වා මේ ගැන කටයුතු කරන්න දන්නවද කියල පරීක්ෂා කරලා තමා රස්සා දෙන්නේ. නමුත් ලංකාවේ තවම මේ තත්ත්වය නැහැ. ඉදිරියටවත් ඇති වුනොත් ලොකු දෙයක්. (නදී)
පව් අහිංසක දරුවා.මේක වෙලා තියෙන්නේ තනිකරම නොසැලකිල්ලෙන්.පොඩි ළමයි ඔය වගේ දෙයක් දැක්කම කොහොමත් තල්ලු කරලා සෙල්ලම් කරන ගන්නවා. එක ඔතන තියපු කෙනාගෙයි වැරැද්ද. ඔය ගල් රෝල බරව කෙනෙක් ඇතිනේ. එයා තමයි ඕකට වග කියන ඕන.පොඩි ළමයි ඉන්න තැනක ඔය වගේ දෙයක් නිදැල්ලේ තියන එක ගැන. (දිල්)
නිවන සුව ඔබට.ඔබ අප අතරේ ඉපදේවා.(නදී)
නිවන් සුව පුතා. යලි අප අතරේ ඉපදේවා. මම ඔයා ගැන හරියට දුක් වුනා.(නදී)
කොහොම නමුත් තවත් අහිංසක ජීවිතයක් ලොවට අහිමි වුනා. (නදී).
ඔහුට අහිමි දේවල් 1. සුන්දර පාසල් ජීවිතය 2. දෙමව්පිය සොයුරු සෙවනේ උණුසුම 3. උදැසන හිරුගේ උණුසුම 3. සීතල පවනේ සිසිලස 4. සෞම්‍ය සන්ධ්‍යාව 5. නිහඬ රාත්‍රියේ චමත්කාරය 6. අප්‍රේල් අවුරුද්දේ ප්‍රීතිය 7. වෙසක් සදේ සිසිලස 8. වෙර දරා උගෙන ලබා ගත විභාග ජය. 9. මිතුරන්ගේ සහ මිතුරියන්ගේ සහය. 10. ආගමේ විමුක්තිය. ........ තවත් මොන තරම් දේ අහිමි උනාද සුදු පුතේ ? ඔබට නිවන් සුවම ලැබේවා !(නදී)
ඔබට නිවන්සුව ලැබේවා පුත (අ)
දොස්තර මහත්වරුන්ට තව උත්සහ කල නම් ගොඩ ගන්න පොඩ්ඩක් හරි ඉඩ තිබුන කියල මට හිතෙනවා.(නදී)
කළුපහන හරි. සංවෙදි කරුණු වලදී තොරතුරු සපයනකොට නිවරදිව දක්වන්න. අවරුදු 5 සම්පුර්ණවෙලා නේ ඉස්කොලේ යන්නේ . එතකොට වයස 8 ළමයා සිටිය යුත්තේ 3 වසරේ නේ.(නදී)
ලකාවේ අද පාසල්වල මේවගේ අනතුරු කොච්චර වෙනවද. පාසල්වල මීට වැඩිය ළමයින්ගේ ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. හැම පාසැලක්ම මේ ගැන හිතල අපේ දරු පැටව් ආරක්ෂා කරලා දෙන්න. මම ඉල්ලන්නේ එච්චරයි. පුතේ ජාති ජාතිත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා. සසර වසන තුරා ඒ අම්මගේ කුසේම ඉපිද අවසානයේ අමා මහා නිවන් සුවම ලැබේවා! (නදී)
ඔයා ගැන ගොඩක් දුක්වෙනවා පුතේ මටත් ඔයාගෙම වයසේ පුතෙක් ඉන්නවා. මෙවන් අනතුරක් කිසිම කෙනෙකුට සිදුනොවේවා කියා දෙවියන්ගෙන් ඉල්ලා සිටිමි.(නදී)
පන්තිකාමරයේ උනත් දැන් නම් දරුවන් ගැන අවධානයෙන් ඉන්න වෙනවා.(නදී)
ඉගැන්වීම කොපමණ උසස් උනත් ළමුන්ට පාසලේ ආරක්ෂාකාරී වාතාවරණයක් ලබාදෙන්න බැරිනම් විදුහල් පතිතුමා ඉවත්විය යුතුයි. දෙමාපියන් ළමයි පාසලට එවන්නේ මේ විශ්වාසය මත. , එහෙම නොවේ නම් මේ විදුහල් කොපමණ උසස් උනත් පලක් නැත.(නදී) .
ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
සියලු දේ කර්මය නොවේ .(නදී)
ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
ආරක්ෂා සහිතව ගල් රෝල නවත්තලා නැහැ. විදුහල්පති සහ ගුරුමන්ඩලය මීට වඩා ළමයින්ගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි.(නදී)
බට ඔබට නිවන් සුව චුටි පුතේ.(නදී).
ලොකු මිනිසුන් කරන වැරදි වලට පොඩි ළමුන් අකාලයේ මියැදෙති. මල් කැකැළු වන් දරුවන් රකිමු.(නදී)
මෙවැනි අනාපේක්ෂිත දේවල් ගැන අපේක්ෂාවෙන් ඉන්න. (නදී)
වැඩි හිටියන්ට ආරක්ෂාවක් නැති රටේ කුඩා පාසැල් දරුවෙකුට ඒ ආරක්ෂාව ලැබෙයිද? (නදී)
මට මැවිලා පෙනෙනවා මේ සමනල්ලු පිට්ටනිය පුරහම දුවන පනින හැටි. වැඩිහිටි අය මීට වඩා උදව් කරන්න ඕනේ අපේ ළමා පරපුරට ආදරය හඳුන්වා දෙන්න. අර නංගියෙක් හරියටම කිව්වා, ලොකුම කිල්ල, නොසැලකිල්ල. දරුවාට නිවන් සුව. (නදී)
නිවන් සුවයම ලැබේවා! (නදී)
"ගල් රෝල එතැන ඇති බෑවුමට ඇදී ගොස් ඇති බවක් පෙනෙන්නට ඇතැයි මරදාන පොලීසිය සඳහන් කළේය". මෙම ප්‍රකාශය මට සැක සහිතයි. මෙයින් කියන්න යන්නේ ගල් රෝල ඉබේ ඇදී ගොස් මේ ළමයාට හානි කල බවකි. හොඳයි...මේ විනාසයට කවුරුත් වගකිවයුතු නැත. අර ගල් රෝල තමයි හිරේ යැවිය යුත්තේ. මෙවන් වැඩ බිම් වල භාවිතා කරන උපකරණ මෙතරම් විශාල සිසුන් සංඛ්‍යාවක් අතරින් මනා අපදා කළමනාකාරී අධීක්ෂණයකින් තොරව භාවිතා කරන්න ඉඩ දීමේ වගකීම කවුද බාර ගන්නේ? මතු දිනක තණකොළ කපන කැත්තට අහිංසක බෙල්ලක් අසුවුයේනම් කියයි 'කැත්ත පාවී ගොස් ළමයාගේ බෙල්ලේ වැදුනා' කියලා. මේ රටේ නම් ආයතන ප්‍රධානීන් මනා සැලකිල්ලක් දක්වන ක්ෂේත්‍රයක් තමයි ආපදා කළමනාකරණය.(නදී)
මේ දරුවාට නිවන් සුව! (නදී)
මැරුණම කොහොමද නිවන් සුව ලබන්නේ ? නිවන් ලබන්න පුළුවන් ජීවත්ව ඉදිද්දී විතරය්නේ .... ඒ නිසා මේ පුංචි පුතාට ලබන ආත්මෙවත් මෙවන් අකල් මරණයක් නොවේවා කියල අපි ප්‍රර්ථනා කරමු.(නදී)
මෙහෙන් ගල් රෝලට යටවෙලා මැරෙනවා. අරහේ සපත්තු ගන්න සල්ලි නැතුව එල්ලිලා මැරෙනවා.(නදී)
ආදරණීය අනද පුතේ ඔබට නිවන් සුව. දරුවන් පිලිබඳ සැලකිලිමත් වෙන්න මේවා පාඩමකට ගන්න. (නදී)
අපේ ගුරුවරුන් මීට වඩා සැලකිලිමත් විය යුතුයි. ළමුන් ගැන.(නදී)
පුතේ ඔබට අමාමහ නිවන් සුව ලැබේව..(අ)
වැඩිහිටියෝ මොලේ කල්පනා කරලා වැඩ කළා නම් වලකා ගත හැකි අනතුරක් මේක. ළමයා පාසල ඇතුලත අනතුරක් වූවා නම් එය වගකීම පාසල බාර ගත යුතුයි. හරිම අවසනවත්න කතාවක්. (අ)
පුතේ ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
වයස තැන නොතැන නැත මරු හට මායිම් පුතනුවනි ඔබට නිවන් සුව පතමි. (නදී)
කොතන උනත් නැත මරූ හට බාදා. මල්ලියාට නිවන් සුව !. (නදී)
මේවා නොසැලකිල්ලෙන් වෙන අනතුරු. ළමයින් දඟකාරයි. දරුවන්ට එය නොගැටෙන ගබඩා කාමරයක වැනි තැනක එය දමන්නට තිබුනා. එසේත් සිදුවී නැහැ. ළමුන් ක්‍රීඩා කරන පරිසරය ඔවුනට,ආරක්ෂිතද කියාත් සොයා බලා නැහැ. මේ අහිංසක දරුවා ගැන හරිම දුකයි. 'සිනෙත්' පුතාට නිවන් සුව ලැබේවා.(නදී)
.ළමයින් ගැන නිසි අධීක්ෂණයක් නොතිබුනාවත්ද? (නදී)