කොළඹ ආනන්ද විද්‍යාලයයේ 2016 වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛවලට අනුකූල නොවන පරිදි සාවද්‍ය ලෙස ලකුණු ලබා දී ළමයින් 50කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් කරගෙන ඇතැයි විගණන පරීක්ෂණයක දී නිරීක්ෂණය වූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ට ලිඛිතව දන්වා තිබේ.
එලෙස සාවද්‍ය ලකුණු ලබාදී සිසුන් ඇතුළත් කර තිබුණු බැවින් ඒ හා සමාන ලකුණු ප්‍රමාණයක් නිවැරදිව ලබා ගෙන තිබුණු සිසුන්ට අසාධාරණයක් සිදුවී ඇති බව විගණනයේ අදහස බව ද එම දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යංශයට දන්වා ඇත.
ආසන්න පදනම මත පාසලට ගැනීමේ දී ඡන්ද හිමිකම නොතිබූ වර්ෂවලට ද වැඩිපුර ලකුණු ලබා දී තිබුණු අවස්ථා 29ක් විගණන පරීක්ෂණයේදී නිරීක්ෂණය කර ඇති විගණකාධිපති දෙපාර්තමේන්තුව එම නම් ලැයිස්තුව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ට යැවීමට කටයුතු කළේය.
අධ්‍යාපනයට සෘජුවම බලපාන ආයතන කාර්ය මණ්ඩලවල අයගේ දරුවන් ඇතුළු කර ගැනීමේ දී තෝරාගෙන තිබුණු ළමයින් එකළොස් දෙනාගෙන් නව දෙනකුගේම පදිංචි ස්ථාන පිහිටා තිබුණේ අවිස්සාවේල්ලේ හා ඒ ආසන්නයේ බව විගණනයේ දී නිරීක්ෂණය වී තිබේ.
ආසන්නතාවය මත පොරොත්තු ලේඛනයට ඇතුළු කිරීමේදී අවම ලකුණු සීමාව 83ක් වුවද ලකුණු 85ක් ලබා ගත් සිසුවකු තෝරාගෙන නොතිබුණු බව ද, සහෝදර පදනම යටතේ ඇතුළත් කළ සිසුවකුට සාවද්‍ය ලකුණු 15ක් එකතු කර තිබුණු බව ද, තවත් දරුවකු ඇතුළත් කිරීමේදී වෙනත් ආකෘති පත්‍රයකින් සාවද්‍යලෙස ලකුණු 89ක් ලබා දී එම සිසුවා පාසලට ඇතුළු කිරීමට සුදුසු තත්ත්වයට පත් කොට තිබුණු බව ද එම දෙපාර්තමේන්තුව දන්වා යවා ඇත.
පාසලට ළමයින් ඇතුළු කිරීමේදී චක්‍රලේඛ උල්ලංඝණය කරමින් මුදල් එකතු කර ඇතැයි ද විගණන විමසුමේ සඳහන්ය.
ලිපිගොනු නඩත්තු කිරීමේදී ආදි සිසු පදනම මත බඳවා ගනු ලබන ළමයින්ගේ ලිපිගොනු හැර අනෙකුත් ලිපිගොනු ලිපි කවරයට අමුණා අංක කිරීමකින් තොරව පවත්වාගෙන ගොස් තිබුණු බව ද, මෙම තත්ත්වය හේතුවෙන් පහසුවෙන් ලේඛණ ඉවත් කිරීමට හා ඇතුලත් කිරීමට හැකියාව පැවතීම විශේෂ අඩුපාඩුවක් ලෙස විගණනයේදී නිරීක්ෂණය වූ බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව දන්වා තිබේ.
මේ ගැන විමසීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව් එම් බන්ධුසේන මහතා සම්බන්ධ කර ගැනීමට කිහිපවරක් උත්සාහ කළ ද එය අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ගම් වල පාසල් දියුණු කරන්න මොනම දේශපාලකයෙකුටවත් ඕනෑ නැහැ. ඡන්දේ දිනලා මන්ත්‍රී හරි පට්ටමක් ලැබුණා නම් ළමයව කෙළින්ම කොළඹ තියෙන හොඳම පාසලට. මෙන්න මේ දීමනාව අයින් කළා නම් ගම්වල පාසල් ටික දියුණු කරන්න පුළුවන් (නි)
50 ද ? නමුත් කව්රුත් දන්නා දේ තමා 90% විතර ගන්නේ නුසුදුසන්. සියලු ලියකියවිලි සකස් කර දරුවන් ඇතුලත් කරනවා. ආනන්දය පමණක් නොවේ අනෙකුත් පාසල් වලත් එසේම තමා. හිතල බලන්න ඔය තරම් දරුවන් ප්‍රමාණයක් වසරකට ඉපදෙනවද ඔය කියන පාසල් අවට. අනෙක සිංහල පමණක්. (බ)
මේ දියුණු ලෝකයේ මොකටද මේ බලු පොරයක්? ආනන්දයේ ගුරුවරු කැමරාවක් ඉදිරිපිට උගන්වන්න දමල රටපුරා පන්තිකාමර වල සජීවීව පෙන්නුවානම් රටේ සැමටම ඒ හා සමාන අධ්‍යාපනයක් ලැබෙනවා. ඔය බලු පොරයත් ඉවරයි. දැනටමත් ඇමෙරිකානු පාසල්වල සහ විශ්වවිද්‍යාලවල මේ ක්‍රමය සාර්ථකව කරගෙන යනවා. අවශ්‍ය වෙන්නේ අධිවේගී අන්තර්ජාල පහසුකම් විතරයි. කෝ අර තාක්ෂනනුකුලව තේවත්තකට බස්සපු බැලුම තවම උඩට යැවුවේ නැතිද? (බ)
දැන් අධ්‍යාපන ඇමති බන්දුලද? අකිලද? බලනකොට දෙදෙනාම එක වගේ. (බ)
අනේ ලලිත්, මොනවද ආනන්දය ගැන දන්නේ. ඔය ඔක්කොම හොරමැර කරන්නේ ආනන්දේ ඉගැන්වීම හොඳ නිසාම නොවේ. ඉස්කෝලේ නම හා බැඳුණු ඉතිහාසය නිසා. (නි)
අධ්‍යාපන අමාත්‍යාංශයේ නම වෙනස් කරන්න ඕනෑ. මොකද ඔය අමාත්‍යාංශයෙන් අධ්‍යාපන දියුණුවට වැඩක් නොවන නිසා. (නි)
බලන් ගියාම පහුගිය රජයට හපන් මේ ආණ්ඩුව (බ)
පාසල හා බැදුණු අධ්‍යාපනයක් හැම පාසලකටම ඇත .එය අන්තර්ජාල හරහා ඉගැන්විය නොහැක .එයයි මේ පොරයට හේතුව. (ර)
මෙන්න මහා ලොකු සිංහල බෞද්ධ ජනප්‍රිය පාසල .. හරිම පින් අතේ වැඩ තමයි (බ)