බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමිපාණන් වහන්සේ නමින් ඉතා අලංකාර චෛත්‍යයයක් මහා බ්‍රිතාන්‍යයේ චිත්හර්ස්ට් බෞද්ධ විහාරස්ත භුමියේ ඉදිකර ඇත. ලන්ඩන් නුවරින් සැතපුම් 70ක් පමණ ඈතින් පිහිටි මනහර භුමියක පිහිටුවා ඇති චිත්හර්ස්ට් බෞද්ධ විහාරය චිත්තවිවෙකී බොදු සෙනසුන" නමින් ද හඳුන්වයි. බලන්ගොඩ මහනාහිමියෝ 1981 ජුලි මාසයේදී මෙම විහාරස්ථානයේ සීමා මාළකය සලකුණු කිරීම සඳහා අවශ්‍ය උපදේශයන් ලබාදී ඇති අතර නිරන්තරයෙන් එම විහාරස්ථානයේ ධර්ම ප්‍රචාරක වැඩකටයුතු සඳහා වැඩම කළහ.
බුදුරජානන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි පැහැදී ඒ පිළිබඳව ගැඹුරින් හදාරා සසුන්ගතවී ඉන්නා බහුශ්‍රත යුරෝපා ජාතික භික්ෂු භික්ෂුනීහු පිරිසක් චිත්තවිවෙකී ආශ්‍රමය පවත්වාගෙන යනු ලබති
මෙම විහාරස්ථානයට සම්බන්ධ දායක දායිකාවන්ද වැඩි වශයෙන් බුදුදහම පිළිබඳව පැහැදීමක් ඇතිව ඒ සම්බන්ධ තම දැනුම වර්ධනය කරගැනීම උදෙසාත් ඒ මඟින් තම ජීවිතයට ආධ්‍යාත්මක අභිවෘර්ධියක් ලඟා කරගැනීමට බලාපොරොත්තු වන යුරෝපීය ජාතීන් වීම ද විශේෂත්වයකි.
අභිනව චෛත්‍යයයේ ධාතු නිධන් කිරීම සහ කොත පැළඳවී ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි. එම පිංකම සඳහා ලන්ඩන් නුවර සහ ඒ අවට ශ්‍රී ලාංකික විහාරස්ථාන කිහිපයක් නියෝජනය කරමින් මහා සංඝ රත්නය වැඩමකර සිටියහ. එමෙන්ම චිත්හර්ස්ට් සහ අමරාවතී බෞද්ධ විහාරස්ථානයන්හි භික්ෂු භික්ෂුනීන් වහන්සේලාද එම පිංකමට වැඩම කර සිටියහ.
මෙම විහාරයේ දියුණුව වෙනුවෙන් බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමියන් විසින් නොමසුරුව සපයනලද අනුපමේය උපකාරය ඇගයීම සඳහා චෛත්‍යය උන්වහන්සේගේ නමින් ඉදිකිරීමට අදහස් කල බව එහිදී විහාරාධිපති අජාන් සුචිතෝ හිමියන් පැවසීය. ආනන්ද මෛත්‍රීය මහනාහිමියන්ගේ ශාසනික සේවාවේ වැදගත්කම සහ එමඟින් ලොව වටා බුදුදහම පිලිබඳ උනන්දුවක් දැක්වුවන්හට ලැබුන උදව් සහ උපකාර වල වටිනාකම විස්තර කරමින් බෝගොඩ සීලවිමල නාහිමියෝ අනුසාශනාවක් කළහ. මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරද්දී පුජ්‍ය අජාන් සුචිතෝ හිමියන් විසින් තඹ පත්වල ලියවුන සුත්‍ර ධර්ම ඇතුලත් ධාතුන් වහන්සේ චෛත්‍ය ගර්භයෙහි තැන්පත් කල අතර කොත්වහන්සේද පළඳවනු ලැබීය. පැමිණ සිටි සියලුම දෙනාට සෙත් පතා ධම්මචක්ක පවත්තන සුත්‍රය දේශනා කෙරුණි. ඉතාලියේ සිට ගෙන්වාගත් විශේෂ කිරිගරුඬ ගල් අඹරා සකස්කළ බදාමක් යොදා ගනිමින් චෛත්‍ය නිර්මාණය කර ඇත්තේ දොන් සිරිනිමල් රාජපක්ෂ විසිනි. ස්වෙතවර්ණ කිරිගරුඬ ගල්කුඩු පමණක් භාවිතා කිරීම නිසා එම චෛත්‍යය වර්ණ ගැන්වීමට අවශ්‍ය නොවන බව රාජපක්ෂ මහතා පැවසීය. ආනන්ද මෛත්‍රී මාහිමිපාණන් වහන්සේගේ ගුණ සමරා අද බලංගොඩ ද පින්කම් පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි මේ වගේ දේවල් දකින්න ලංකාදීපය කරන මෙහෙයට. බුදු සාදුගේ නිර්මල බුදු දහම ලෝකයේම වැජඹේවා! (නි)
ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ කියන්නේ බුදු බව පතා යන බෝධිසත්වයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ තමන්ම සත්‍ය වටහා ගන්නවා. (නි)
සියලුම මානවයන් කැමති තම ආගම ධර්මය ප්‍රචලිත වෙනවට. ඒ හැම දහමකින්ම උත්සාහ කරන්නේ ලොව සුන්දර මිනිසුන් තනන්නටයි. නමුත් මිනිස් සිත් විවිධාකාරි අවබෝධ ශක්තින් නිසා බෙදිලා වෙන් වෙලා (නි)
බුදු ධහම වැලඳගත්තන් ලොව පුරා පැතිරේවා. සිත් නිවි සැනහේවා.! (ස)
අති ගෞරවණීය ආනන්ද හිමියන් වෙනුයෙන්., ********************************************** නිවනට මඟ ඇසුරින් ********************************************** කසළ බවින් පිරිපුන් සිත් අසලට, අකුසල මැයි රොක් වන්නේ එක.............. ලෙස මියෙන මියෙන සිත් දහසක් විතරට, අලුත් සිතුම් පොදි උපදී නිති ................... ලෙස පෝතුජ්ජන දන මේ බැව් නොම දැන, කුසළ වෙසින් ගෙන අකුසළ හැඳි.............. නෙත කුසළ පුරන අය රෑ දාවල් මැද, හඳුනා මෙම සිත් ගෙවතැයි දිවි.................. පෙත (අ)
ලෝකෙම බෞද්ධයින් සන්තෝස වෙන්න (දී)
බුදුදහම ගැඹුරෙන් හදාරන්න උපදෙස් ගතහැකි පිටබැද්දර, ධම්මික වගේ එසැනේ අය ඕනෑතරම් ලංකාවෙ නම් ඉන්නවා. දහම හොඳින් දන්නවනම් මේ විදේශීය හිමිවරු ලංකාවේ පන්සල් වලට අනුයුක්තකරන එක මහාපල මහානිසංස ගෙනදෙන උතුම් පින්කමක් වේවි. (දී)
සිත් සැනසෙන මෙවන් උතුම් පුවත් පලකිරීම පිළිබඳව "එසැනට" පින්.මේ සසර ගමනේ නියම අරුත දන්නා ඇත්තන් ශ්‍රී සඳහම් මාර්ගයේ ගමන් කරන්නේ මනා අවබෝධයෙන්මයි.සකල ලෝක වාසීන්ටම අති උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා! (දී)
අර ආගමේ කට්ටියට දැන් දරන්ට අමාරුවෙයි (දී)
අපි සියලු දෙනා සුභපතනවා මේ උතුම් ක්‍රියාවට (දී)
මම නම් හිතන්නේ නාහිමියන් සෝවාන් උනයි කියලා. සාදු! සාදු !! සාදු!!!.(නදී)
සුද්දන්ටත් දැන් තේරෙනවා සත්තය කොතනද තියෙන්නේ කියල. නිර්මල බුදුදහම සදා කල් බැබලේවා!!! (දී)
වරුණ අර ආගමේ කට්ටියට දැන් දරන්ට බැරිවෙන්නේ මොනාද ?එය එහෙමෙ නම් ඔයාට කාලකන්නි සතුටක් දැනෙනවා ඇති නේද ?වරුණ පුරුදු වෙන්න අනිත් මිනිසුන්ගේ හිත නොරිදවන්න .ඔයාල වගේ නෙමේ මේ මිනිස්සු හැමෝටම ගෞරව කරනවා .ඔය හිතන්නේ ඔයාල විතරද මේ ලෝකේ ජීවත් වෙන්න ඕන කියල ?ඔයාල හරි පහත් මිනිස්සු (දී)
මෙවන් පින් කම්වලින් මුළු ලෝකයම බැබලේවා සියල්ලටම නිර්වානය ලගා කරගැනීමට හැකියාව ලැබේව !!! සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගිවෙත්ව සුවපත්වෙත්වා!! බුදු දහම තුලින් අප ජිවිතයට ලගාකර ගතහැකි දේ අනන්තයි එය අපගේ මනුෂ ව්ර්ගය ගේ යපත වෙනුවෙන් යොදා මේ ලෝකයේ සාමය සමාදානය වෙනුවෙන් වැඩ කරමු ජීවිතයේ යථාර්තය තේරුම් අරගෙන පන්සල තුලින් ගමටත් රටතත් ලෝකයටත් බෞද්ධ චින්තනයෙන් සාමය ගෙනියමු එයයි අපේ පැතුම බුදුසරණයි !!! (දී)
ගිම්හානි ඔය හරියට හරි. ලංකාවේ මිනිසුන්නට සැමවිටම ඔනෙ අනිත් අයගේ දේවල් . (දී)
වරුණ මෝඩ කතා නොකියනු. (දී)
අද යුරෝපයේ සහ ඇමරිකාව ඉතා සීග්‍රයෙන් බුදු දහම වැලද ගන්නවා එයට හේතුව ඔහුන්ගේ තිබෙන්නෞ බුද්ධ්ය සහ විකුර්ති මනස ත්රුම්ගනිමේ ශක්තිය ඉදරි වසර පනහ තුල 88% බෞද්ධ දර්ශනය වළද ගන්නවා ඒ දේ දැන් සනාථ වෙලා මෙ ලෝකයට සාමය ලගා කරගතහැක්කේ බුදුදහමෙන් පමණයි (දී)
වරුණ, ඔබ තුමා නිතරම කිසියම් ප්‍රශ්නයක් නිසා වේදනාවෙන් ඉන්න බව තේරෙනවා. නමුත් සියලුම ඉස්ලාම් බක්තිකයන් එක වගේ නැ. අපි ට තාමත් එකට වැඩ කරන්න පුළුවන් මම හිතන්නේ. සමහර විට ඔයා ගේ ප්‍රශ්නයට සාධාරණ හේතුවකුත් ඇති. එත් අපි එක රටක් විදියට ඉදිරියට යමු. තව දුරටත් හිතන්න. ස්තුතියි. (දී)
බලන්ගොඩ මහනායක හිමියන් පතන අනාගත බුදුබවට මෙම පින හේතු වසනා වෙව සදු සදු සදු (දී)
සාධු.සාධු.සාධු.
සාදු! සාදු !! සාදු!!!,,,,,,,,,,, (දී)
අපි කාටවත්ම අගෞරව කරන්න උවමනා නැ.මේක තමයි බෞද්ධ පිපිදීම කියන්නේ. ගමටත් රටතත් ලෝකයටත් බෞද්ධ චින්තනයෙන් සාමය ගෙනයමු. සියලු ලෝ වැසියන්ට තෙරුවන් සරණයි. (දී)
සාදු සාදු සාදු ධර්මය අවබෝද කරන්න කැමති අය සියලුම කුලවලින් මනස නිදහස් කරගෙන සෑම දෙනාටම සමානව මෛතීය කරලා ඉන්ද්‍රිය වඩා ගතයුතුයි , බලන අයගේ ද්වේශය ඇතිවෙන විදිහේ අදහස් නොලියන මෙන් කරුණාවෙන් ඉල්ලමි තෙරුවන් සරණයි (දී)
මට චෛත්‍යය දකිනවිට ආනන්ද මෛත්‍රී හිමියන් මැවිලා පෙනුනා. මතු බුදුවන හිමියනි, ඊට පෙර යලි අදම වැඩමකර මගේ දේශය අවදි කල මැනව! මෙවන් විසිතුරු සිතුවමින් අප හද තුලට එතුමන් වැඩම කරමින් සිදුකල මෙම සත්කාරයට එසැනට මගේ ප්‍රණාමය ! (නි)
සාදු සාදු...! බුදු දහම තව තවත් පැතිරේවා! (නි)
අපේ ස්වාමින් වහන්ස. ඒ හාමුදුරුවෝ බුදුවෙන්න හදන නිසා ඊට කලින් පෙරුන් පුරන කොට සෝවාන් වෙන්නේ නැත. (දී)
සාදු! සාදු !! සාදු!!!,,,,,,,,,,, (දී)
මේ පැනය කලකට ඉහතදී මිතුරකුගෙන් අසන්නට ලබුනෙකි, මුලින් විහිළුවක් ලෙස පෙනුනද ඒ තුල ඇති අපගේ මෝඩකම මානව පෙන්වන්නකි.. " ඔබ හිතන්න බුදු හාමුදුරුවෝ බසයක් අරන් ඇවිදින් නගර මැද නවතා නිවන් යාමට ඇති අන්තිම බසය මේ, තව සුවල්ප මොහොතකින් පිටත්වනවා, කැමති කෙනෙක් ඉක්මනින් ගොඩ වන්න යයි අඬ ගසා කීවත් ., කීදෙනෙකු ඒ බසයට ගොඩවේවිද ?? " බොහෝ දෙනෙකු මට අර වැඩේ , මේ වැඩේ, දරුවන්ගේ වැඩ, නෝනට/මහත්තයට කියල එන්නනම්., යයි බොහෝ නිදහසට කරුණු දක්වමින් ඒ බසයට ගොඩ නොවනු ඇත.! අද බොහෝ දෙනෙකුට අත්ව ඇති ඉරණම මෙයමුත් ඉන් මීදීමට කවුරුන් හෝ උත්සාහ කරණු බවක් නොපෙනේ. අනිත් අතට, ඒ උතුම් මග යා හැකි හරි ක්‍රමය කියා දීමට දන්නා විදර්ශනා භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා අද සොයා ගැනීම ඉතාමත්ම දුර්ලබය, අද අරණ්‍ය ගත බොහෝ හිමි වරුන් කරනුයේ සමථ භාවනා මිස විදර්ශණා භාවනා නොවන බව නම් සැබෑය... (දී)
එංගලන්තේ පටන් ගත්ත කියන්නේ ඉතින් ලෝකේ පුරා ඉතා ඉක්මනින් බුදු දහම පැතිරෙනවා. අපිට අරාබියේත් පටන් ගන්න පුළුවන් උනොත් හොඳා. මුළු ලොවම අඳුරෙන් ගලවමු.බුදු සසුන බැබලේවා ! (දී)
විදර්ශනා භාවනා කල අය ලියූ පොත් අතර , අචාන් චා හිමියන්ගේ දේශනා ඇතුලත් පොත් පත්ද , දෙහිවල නැදිමාල බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන මගින් පල කල " මේ මොහොත දැකීම " නම් කුඩා පොතද මේ සඳහා උනන්දුවක් ඇති අයට උපකාරී වනු ඇත.., එසේ නොමැතිනම් ඔබ සැමට මේ සඳහා උපකාරී විය හැකි හරි ගුරුවරයකු හමු වේවා යයි පතමි.! (දී)
මම හිතන්නේ ලෝක විනාශයට පෙර සියලු සත්වයන්ට බුදුගුණ තේරුම් ගන්න හැකි වේවි. මේ තුන් ලෝකෙට ඉන්න එකම එක්කෙනා අපේ බුදු හාමුදුරුවෝ පමණයි. ඔබ සැමට තිසරණ සරනයි.(නදී)
මේ පැනය කියා කියන්නේ මොකද්ද ?(නදී)
සාදු, සාදු, සාදු!!!! බුදු දහම ලොව වටා මිනිසුන් තව තවත් තේරුම් ගනිත්වා! (නි)
වෙන රටක මෙහෙම කරනකොට ඒ රටවල උදවිය බුද්ධිමත් නිසා ඉවසනවා, අපේ රටේ වෙන ආගමක කෙනෙක් මෙහෙම දෙයක් කළොත් අපේ සමහරු මොරදෙනවා. ඒක තමයි කියන්නේ හිස් බදුනෙන් මහත් ශබ්දයක් පිටවේ කියලා (නි)
අද ගොඩක් සුදු ජාතිකයන් බුදුරජානන් වහන්සේගේ ධර්මය කෙරෙහි පැහැදී බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සරණ යනවා. (අ)
මම ෆොටෝ කීපයක් මගේ වෙබ් එකට දැම්මා. දෙවියන් මත පදනම් වූ ආගම් ක්‍රමයෙන් පරිහානියට යනවා. ඒක තමයි ඇත්ත. (නි)
හරිම ආසයි,මගේ බුද්ද ධර්මය,ලෝකේ හැමතැනම පැතිරෙනවා. බුදු දහම ලොවේ කොතැනක හෝ පැතිරෙනවා නම් සතුටට කරුණකි!!!සාදු!සාදු!!සාදු!!!(අ)