නවගත්තේගම පාසල් ගුරුවරියක වන සුසිලා හේරත් මහත්මිය දණ ගැස්වියැයි සැක පිට රිමාන්ඩ් බාරයේ සිටි වයඹ පළාත් සභාවේ මන්ත්‍රී ආනන්ද සරත් කුමාර රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි පුත්තලම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (08) ආණමඩුව අධිකරණයේදී නියෝග කළේය.
ඇප කරුවන් ආණමඩුව ආසනයේ පදිංචිකරුවන් විය යුතු බවත් සෑම දිනකම උදේ නවගත්තේගම පොලීසියේ පෙනී සිටිය යුතු බවත් මහෙස්ත්‍රාත් ඔහුට නියෝග කළේය.
ආනන්ද සරත් කුමාරට එරෙහිව නීතීපති විසින් පුත්තලම මහාධිකරණයේ නඩු පවරා ඇත. නඩුව ලබන 28 වැනිදාට කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ හිටියත් ගුරුවරු දණ ගස්වන එක අනුමත කරන්න බැහැ. අනික මේ වගේ මිනිස්සුන්ට මහතයෝ කියන්න ඕනේද? (ස)
ඔක්කොම එකතු වෙලා මේ පාර මෙයාගේ ඥාති පුතාව පත් කර ගනිමු. එතකොට පුතාට පුළුවන් එක ගුරුවරයෙක් නෙමෙයි ගුරු පරපුරම දණ ගස්සවන්න. එක මකුනෙක් කෑවට ඔක්කොම මකුණෝ මරනවා නෙමෙයි. සේරම මකුණෝ කරන්නේ කන එක තමයි. ඉතින් නොමරා මොනවා කරන්නද. මේ පාර හිතා ගතහොත් හොදයි. කතිරය තියෙන්නේ ජනතාව අතේ. (නි)
ගුරුතුමී, ඔයා පරිස්සම් වෙන්න. එයා මොනවා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ (නි)
උදව් කරන්න ඕනෑ නැහැ. පුතා උඩින්ම දිනුම්. මිනිස්සු ඡන්දෙ දෙන්නේ මේ වගේ අයට. උගත් මිනිස්සු ළඟට ගියාට කිසිම උදව්වක් ගන්න බැහැ. රටේ නැති ප්‍රශ්න අහනවා. එනිසා උගතුන්ට මහජනතාව කැමති නැහැ. (නි)
ඔබගේ සහ ඔබගේ දරුවන්ගේ ජීවිත වලට ආශාවක් තිබේ නම් හැකි ඉක්මනින් මේ රටින් චුත වෙන්න බලන්න. දැන් ලංකාව සාමය අගයන අසරණයන්ට ජීවත් වීමට සුදුසු රටක් නෙමෙයි.බුදුන් තෙවරක් වැඩිය රටේ අයුක්තියට ,අසාදාරණයට හැමදාම ආයුෂ නැහැ. රටේ නීතියේ,සාධාරනය,සාමය නැවත ස්ථාපිත වුන දවසක නැවත ලංකාවට එන්න. (නි)
අනේ මන්දා මම දන්නේ නැහැ ඔන්න (දී)
අන්න සරත් මහත්තයෝ,,දන ගස්සවනම් හොද ගුරුවරියක් ඉන්නවා රෝයල් එකේ..කව්රුවත් මුකුත් කියන එකක්නම් නැහැ එයව දන ගස්සුවට.. (දී)
දැන් ඔහු ඉන්නවා ඇත්තේ වෙඩි කාපු ඌරෙක් වගේ (නි)
වයඹ පුරේ ශ්‍රී ......! (නි)
අපේ ගුරු තුමියට දෙවියන් ගේම පිහිටය්. සරත් කුමාර දැන් ඉන්නේ වෙඩි කාපු උරෙක් වගේ. ඉදිරියට වෙන දේ ගැන අවධානයෙන් ඉන්න. අපේ රටේ නිතිය කොහෙද ගිහිල්ල.(දී)
ඇප නෙමෙයි දෙන්න තිබුණේ (නි)
සුබ අනාගතයක් සැමට! (නි)
මේ වගේ අය නිසා අද කී දෙනෙක් රැකිලා ඉන්නවද? ඉතින් මේ වගේ අය නිදහස් නොකර පුලුවන්ද? (නි)
මොහු විසින් දණ ගැස්සුවේ සමස්ත රටේම අධ්‍යාපනයයි. (නි)
දැන් ඉතින් ගුරු මෑණියන්ට දෙවියන්ගේම පිහිටයි.බුදුන්ගේ සරණයි (නි)
රටක නීතියේ ආධිපත්‍යය විනාශ වීම මොන තරම් භයානකද කියලා දැන් තේරෙනවනේ. (නි)
ඉතින් පිටබැද්දර මහත්තයෝ,තමුන් අර හුදකලා සිදුවීමක් මුල් කරගෙන සමස්ත හමුදාවටම අපහාස කරන්නේ ,බනින්නේ, මේක මිනී කන්නන්ගේ දේශයක් කියලා ලෝකෙටම ප්‍රකාශ කරන්න හදන්නේ, තමුන්ටත් තමුන්ගේ අඹු දරුවන්ටත් නිදහසේ හුස්මක් ගන්න මර බිය නැතුව ජීවත් වෙන්න තමන්ගේ ඇස් ඉස මස් ලේ ජීවිත දැන් දුන්නු හමුදාවට ඒ විදියට අපහාස කරන තමුන් කොහොමද කළගුණ දන්නේ කියන එක හදුනන්නේ මහත්තයෝ? ඕවා ඔයාගේ කන්නාඩියෙන් බලන කට්ටියටම කියා ගන්න. (නි)
දණ ගැහුවද නැද්ද කියලා තවම කවුරුත් හරියට දන්නේ නැහැ,කියන කතා විතරයි. බලමු මොකද වෙන්නේ කියලා (නි)
මිනිස්සු පුදුම විදියට අසරණ වෙලා.එක වෙලාවකට හිතෙනවා පත්තර නොබලා හිටියා නම් අඩුමගානේ මානසික සුවයවත් තියෙනවා කියලා. (නි)
මෙයාට ඇප නෙමේ දෙන්න ඕනෑ (නි)
ආයෙත් දෙමු ඡන්දෙ. (නි)
බන්දුල, අපි ඔහොම කිව්වට බැරිවෙලාවත් නාම යෝජනා ලැබුනා නම් මෙයා ඉහළින්ම දිනනවා. ඡන්ද රැස්වීම් 100ක් තියලාවත් මේ වගේ ප්‍රසිද්ධියක් ලැබෙනවද? මිනිස්සුන්ට ඡන්ද පත්‍රිකාව අරන් නම් ලැයිස්තුව කියවගෙන යනකොට මේ නම හුරුපුරුදු බව මනසට එනවා. ඒක තමයි මිනිස් ස්වභාවය නේද? (නි)
පළාත් සභාවට නාම යෝජනා නොලැබුනාට කමක් නැහැ. තානාපතිකමක් හරි සභාපතිකමක් හරි ලැබේවි කියලා බලාපොරොත්තු තබා ගනිමු (නි)
බන්දුල පෙරේරා නම් කවදාවත් ඉස්කෝලෙකට ගිය කෙනෙක් වෙන්න බැහැ. කොහේ හිටියත් මොන ඉස්කෝලේ හිටියත් ගුරුවරු කියන්නේ දෙවිවරු කියලයි අපි අහලා තියෙන්නේ. බුදුන්ට , අම්මට තාත්තට වඳින දෙඅත් එක් කරලා ගුරුවරු පාමුල වැඳ වැටුනේ ඒ නිසයි.ඔහෙත් අද අකුරක් හරි මේ විදියට ලියන්නේ ගුරුවරුට පින්සිද්ද වෙන්න කියලා මතක තියා ගත්තොත් හොදයි (නි)
දැන් ඉතින් මිස් ටිකක් පරිස්සම් වෙන්න ඕනෑ. නැත්නම් ඔබතුමියගේ ආරක්ෂාවට දෙවියන්ටවත් කරන්න දෙයක් නැතිවෙයි. බුදුන් , දෙවියෝ ඔබව රැකදේවා! (නි)
පුතා කියනවා මාමාට අවශ්‍ය ඕනෑම වෙලාවක සහයෝගයට එයා සූදානම්ලු. දිනවමු පුතාව දණගස්වමු රටම. (නි)
අපේ රටේ නීතිය අනිවාර්ය නිවාඩු ගිහින්ලු. ආයේ කවදා එයිද කව්ද දන්නේ? (නි)
බලය තිබුණහම මොළය නැහැ කියන්නේ ඕකට තමා. අපි මෙතුමාට දැන් අනුකම්පා කරමු.දැන් පුතාගේ ඡන්ද වැඩට උදව් කරන්න මහත්තයෝ (නි)