ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආන්නද සංගරී මහතාගේ පුත් ගැරී ආනන්ද සංගරී (43) කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වී සිටී.
ඔහු කැනඩා පුරවැසියෙකි.
කැනඩාවේ ස්කාබරෝ රෝග් පාක් ආසනය වෙනුවෙන් ලිබරල් පක්ෂයෙන් තරග කළ ඔහු ප්‍රතිවාදී අපේක්ෂක කන්සර්වේටිව් පක්ෂයේ ජෙරී බාන්ස් පරාජයට පත් කළේය.
ගැරී ආනන්ද සංගරී ලොව ප්‍රසිද්ධ මානව හිමිකම් පිළිබඳ නීති විශාරදයකු වේ. කැනඩාව වෙනුවෙන් ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දක්ෂතා දක්වා ඇත.
කාන්තරත්නම් ශාන්තිකුමාර නමැති කතෝලික පූජකවරයකුද කැනඩා මැතිවරණයට ඉදිරිපත්වූ තවත් ලාංකිකයෙකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ඇමතිවරුන්ගේ පසුගිය ක්‍රියාකලාපයන් හොඳින් තේරුම්ගත් අය වෙන්න ඇති ඉහතින් අදහස් පළකර ඇත්තේ. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ඒ මහතාට සුභ පතමු. ඒ වගේම අද රටේ ඇත්තේ කොටින්ගේ ප්‍රශ්නයකට වඩා හොරුන්ගේ ප්‍රශ්නයක් බව තේරුම් ගනිමු.කොටි බිල්ලන් ඔබ වැන්නන්ගේ මනසට දමා "එදාවේල" සොයන අය ගැන සහ දුෂිත බිල්ලන් ජනතාවට දමා"එදාවේල" ගෙනයන අයගේ ක්‍රියාකලාපයන් ගැන විමසා බලා කවුද යන්න හඳුනා ගැනීම සංගරී මහතා ගැන සොයනවාට වඩා වැදගත් වන්නට පුළුවන. (නි)
අපට ඔබ අගෙයි (රේ)
අපට ඔබ අගෙයි. (ර)
අපි සිංහල. ඔබ අපේ රටට ආඩම්බරයක්. (නි)
ඔබගේ පියා හොඳ මිනිසෙක්. හොඳ වැදගත් මානව හිතවාදියෙක්. සිහලුන් සමග විරසක නොවන සිංහල , දෙමළ ජනයාගේ අයිතීන් ගැන සිතන ප්‍රවීණ ජෙෂ්ඨ දේශපාලකයෙක්. (ර)
අපි මානව හිමිකම් උල්ලංඝනය නොකර ඉන්නව නම්, වැරදි කල අයට දඩුවම් දෙනවනම් කාටවත් අතපොවන්න බෑ.. (රේ්)
ඉමේෂ් කැනේඩියානුවන්ට සිංහල, දමිළ කියල වෙනසක් නෑ.. අපි ඔක්කොම ඒ අයට ශ්‍රීලාංකිකයින් නැතිනම් ආසියානුවන් (රේ)
අනේ අනේ......! කාටවත් පෙනෙන්නේ නැහැනෙ අන්තිම පින්තූරෙ ඉංග්‍රීසියෙන් ලියලා තියන දේ.රටට ආඩම්බරයක් කියන අය හොඳටම කියවලා බලන්න ලියලා තියෙන්නෙ මොනවද කියලා. (නි)
කව්රු උනත් කමක් අපිට මොකෝ ලංකාව ගැනත් සුභවාධිව බලන්න (රේ)
මා ශ්‍රී ලාංකිකයෙක් විදිහට ගොඩක් සතුටු වෙනවා, ඔබ ලද ශ්‍රේෂ්ඨ ජයට. ඔබගේ පියතුමා, ( ආනන්ද සංගරී මැතිතුමා ) මේ ජය පිළිබඳ ගොඩක් සතුටු වේවි. අවස්ථාවක් ලද විගස අපේ මවුරටට එන්න. අද මුළු ලෝකයක් දිනාගත් ජනනායකයන් දෙපළක් මගේ රට පාලනය කරන බව සිතට ගන්න. මේ උත්තරීතර ජය තුළ අපේ ශ්‍රී ලංකාව අමතක නොකරන්න.ඔබට මුළු ශ්‍රී ලාංකික ජනතාවගේම සුබ පැතුම්! ඔබට සහ පවුලේ සියලු දෙනාට සහ කැනඩාව නියෝජනය කරන මගේ ශ්‍රී ලාංකික ජනතාවට ජය සහ සතුට! (නි)
හැමදෙනාම ප්‍රවෘත්ති කියවනවා වගේම ඡායාරූපත් වටහාගන්න පුරුදුවෙනවා නම් හොඳයි (නි)
මොහු අපේ රට වෙනුවෙන් පෙනී සිට්යිද?කවදාවත්..මොහුගේ පහුගිය ක්‍රියාකලාපයන් විමසා බලල කව්ද කියල වටහ ගෙන අදහස් දාන්න..මොහු ආනන්ද සංගරීගේ පුතෙක් මිස ආනන්ද සංගරී නෙමෙයි.(රේ).
මොහු එළිපිටම කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටි අයෙක්..තමන්ගේ පියා ඝාතනයට සොයපු උත්සහ කල කොටින් වෙනුවෙන් පෙනී සිටි අයෙක් අපේ රට වෙනුවෙන් පෙනී සිටියිද කවදාවත්..මොහුගේ පහුගිය ක්‍රියාකලාපයන් විමසා බලල කවුද කියල වටහ ගෙන අදහස් දාන්න..මොහු ආනන්ද සංගරීගේ පුතෙක් මිස ආනන්ද සංගරී නෙමෙයි. (අ)
වෙන්න යන දේ පැහැදිලියි දැන්. ප්‍රවේශමෙන්! (නි)
සිංහල අයට නම් ඉතින් දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්නනේ ඕනෑ. එනිසා අපේ රටට පිටස්තර අයට අතපොවන්න හරිම පහසුයි. (නි)
අනේ අපේ රටට කෙණෙහිලිකම් නම් කරන්න සූදානම් වෙන්න එපා. ජීවත්ව ඉන්න මිනිසුන් වෙනුවෙන් කරන්න පුළුවන් වැඩ කොටසක් කරන්න, පරණ කුණුගොඩවල් අවුස්සන්නේ නැතුව (නි)
සතුටුයි. ආනන්ද සංගරී මහතා ගේ පුතෙක් ලෙස උපන් දේශය ගැන සිතා කටයුතු කරන්න (රේ)
මොනවා වෙන්න යනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)