අධිකරණය අපහාසයට ලක්වන ආකාරයෙන් මාධ්‍ය හරහා ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි ශෂිදරන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මුලතිව් මහේස්ත්‍රාත් එම්.එස්.එම්.සම්සුඩීන් මහතා රහස් පොලීසියට නියෝග කළේය.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ත්‍රීකුණාමලය දිසාව භාර නායකයාව සිටි සින්නදුරෙයි ශෂීදරන් හෙවත් එලීලන් වන සිය සැමියා ඇතුළු පස්දෙනෙකුගේ යුද හමුදාව වෙත භාරවීමෙන් අනතුරුව අතුරුදහන් වූ බව කියමින් ආනන්දි ශෂිදරන් ඇතුළු පස්දෙනෙකු විසින් ගොනුකළ පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී විනිසුරුවරයා මෙම නියෝගය කළේය.
අවසන් යුද සමයේදී යුද හමුදාව වෙත භාර වූ පිරිසකගේ නම් ගම් ඇතුළත් අසත්‍ය වාර්තාවක් රජයේ නීතීඥයෙකුගේ මාර්ගයෙන් හමුදාව විසින් අධිකරණය වෙත ඉදිරිපත් නිරීමට යන බවට හා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බවට ආනන්දි ශෂිදරන්ප්‍රකාශ කර තිබිණු බව කියති. මෙම ප්‍රකාශයෙන් අධිකරණට අපහාස වී ඇතැයි අප්‍රසාදය පළ කළ මහේස්ත්‍රාත්වරයා මැගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පරීකෂණ කර කඩිනමින් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි රහස් පොලීසියට නියෝග කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බලන්නකෝ ටික දවසකින් මහත්තය පිට රටකින් මතුවේවි! ඔය අතුරුදහන් කියන බහුතරයක් පිට රටවල තමයි ඉන්නේ. (ර)
බයවෙන්න එපා. කොච්චර අපහාස කළත් අන්තිමට සමාව ලැබේවි (නි)
වරදක් කළා නම් ඊට විරුද්ධව නීතිමය පියවරක් ගන්නම ඕනෑ
ආනන්දි ශෂිදරන්ව අත්අඩංගුවට අරගෙන සංහිඳියාව කඩාකප්පල් කරන්න එපා (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නෙ නැහැ (නි)
අනේ මේ අය හරිම අහිංසක අයනේ. ඒ අය දිහා වැරදි ඇහෙන් බලන්න එපා. (නි)