අභාවප්‍රාප්ත ආචාර්ය ආනන්ද ගුරුගේ මහතාගේ අවසන් කටයුතු අගෝස්තු 16 වැනි සෙනසුරාදාට කල් තබා ඇත.
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි විටියර් නගරයේ රෝස් හිල් මෙමෝරියල් පාර්ක්හි අවමගුල සිදුවීමට නියමිතය.
සිකුරාදා (15) පස්වරු තුනේ සිට පහ දක්වා දේහය මහජන බුහුමන් සඳහා තබන බවත්, රෝස් හිල් මෙමෝරියල් පාර්ක්හිදී සෙනසුරාදා පහේ සිට හය දක්වා අවසන් කටයුතු සිදු වන බවත් පවුලේ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ තියෙන නිසා දැන්මම අපේ 42 ක විදේශ අමාත්‍යංශයේ නඩයක් ඇමෙරිකාවේ යන්න දත කට මැදගෙන බලාගෙන ඉන්නවා කියල ආරංචියි (නදී)
ඔබට නිවන් සුව! (නි)
ඇයි ඔබට උපන් බිම අමතක උනේ . ඔබට නිවන් සුව. (අ)
විද්වතාණෙනි, ඔබතුමාට නිවන් සුව! (නි)
යන්න හැකියාවක් තිබුණා නම් මමත් සහභාගි වෙනවා (නි)
උපන් බිමේ උරුමයට පිනුත් කරලා තියෙන්න ඕනේ කියලි මන් හිතන්නේ. (අ)
ඔබට නිවන් සුව අත්වේවා! (නි)
අපගේ කණගාටුව පළකරමු (නි)
ඔබ වැනි උතුමෙකුගේ අවසන් කටයුතු වලට සහභාගි වන්නට නොලැබීම මහත් වේදනාවක්. එහෙත් උතුමාණෙනි, ඔබේ ආදාහනෝත්සවය දුෂිත දේශපාලකයන්ගේ වාසියට ලක්නොවී දුරුරටක සිදුවීම ගැන සිතා සැනසෙමි. (නි)
මොහු පැරිසියේ සේවය කල කාලයේ ,ඔහුගෙන් හොඳ අවංක සේවයක් උනා . මම කිහිප වරක් මොහු මුණ ගැසි තිබෙනවා. ඔබට අජරාමර නිවන් සුව පතමි (නදී)
මිය යන හැමෝම උතුමන් ලා ය. ඒ මිය ගිය නිසාය. ජීවතුන් අතර සිටියදී කරන කියන දේ නොදැන ගැනීම හේතු කොට ගෙනත් මේ අධිතක්සේරුව මානව ඉතිහාසය තුළම සිදුව ඇත. හෙටත් ඒ දෙය ඒ ලෙසින්ම සිදුවීම ඇත්තෙන්ම ශෝචනීයයි. (නදී)
මොන ජගතෙක් වුණත් ලංකාවේ පොළොවට පස් වෙන එක නේද හොද? මිනිස්සු වැඩිය ඉගෙන ගත්තහම ඕක වෙන්නේ, හුගක් දෙනෙක් ලංකාවට එනවා ලංකා පොළොවට පස් වෙන්න ඕනේ කියල, සමහරු පිට රටට පස් වෙනවා, හරිම දුක්බරයි.(අ)
තමන්ගේ රට කියා කිසිවෙකු දුපත් මානසිකත්වයට යටවිය යුතු නැහැ. තමා දන්නා දේ කියා දිය යුත්තේ අසා සිටින බුද්ධිමතුන්ටයි. විශ්වය මිනිසාටයි. බුදුන් වහන්සේ, ජේසු තුමා පමණක් නොව කාල්මාක්ස්, හෙගල්ස්, ආදීන්ද විශ්වයටම අයිති ශ්‍රෂ්ටයෝ . (දී)
මම බුදුදහම හා දර්ශනය පිළිබඳ ගොඩක් ආශාවෙන් කටයුතු කරමි.එහිදී මෙබඳු ඇඳුරුවරයෙකුකේ ඇසුර නොලැබීම පිළිබඳ ගොඩක් දුක්වෙමි. කෙසේ වුවත් යථාර්ථය මෙයයි. නුඹට නිවන් සුව පතමි. (නි)