
(සිතුම් චතුරංග)
වවුනියාව, පට්ටාන්ච්චිචූර් හී මැතිවරණ ප්‍රචාරණ රැලියක් අතරතුර හිටපු ඇමැතිවරයෙක්ගේ සහ රාජ්‍ය අමැතිවරයෙක්ගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) රාත්‍රියේ දි ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වවුනියාව පොලිසිය පවසයි.
ජන හමුවක් නිමාකර එක් පක්ෂයක පිරිසක් මාර්ගයේ පැමිණෙමින් සිටියදී අනෙක් පාර්ශවය ‘හූ‘ තැබීමෙන් පසු දෙපාර්ශවය අතර මෙම ගැටුම හටගෙන තිබේ.
ජන හමුවේ සිටි ආධාරකරුවන් නොසන්සුන්වී හිටපු අමැතිවරයා ගමන්ගත් වාහනයට සහ පරිවාරක රථ වලට පහරදී අලාභ හානි සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේය.
පසුව දෙපාර්ශවය අතර ගැටුමක් හටගත් අතර, වවුනියාව පොලිසිය පොලිසිය මැදිහත්ව දැඩි පරිශ්‍රමයකින් ගැටුම සමතයකට පත්කර තුවාල ලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කිරීමට පියවරගනු ලැබිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හදන්න නේද මේ කැපවීම කියලා හිතෙනකොට වාවන්නේ නැහැ.
නම් රහිත තැනැත්තන්ට අපේක්ෂකත්වය දුන්නේ මන්ද? නැතුව ඇති...
හොද වැඩේ හිටපු ඇමැතිලාට