සේරුවිල රජමහා විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාල සේරුනුවර සරණකිත්ති අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අතරමග දී ගිහියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත් අතර එය සංසිඳවීමට පොලිසියට සිදු විය.
සේරුවිල චෛත්‍ය වර්ධන සමිතිය වෙනුවෙන් මහාචාර්ය විමල් විජේරත්න මහතා කතා කරමින් සේරුවිල රජමහා විහාරයේ මීලඟ අධිපතිත්වය චෛත්‍ය වර්ධන සමිතියට සම්බන්ධ හිමිනමකට ලැබිය යුතු යැයි කීවේය. අධිකරණයේ ද නඩුවක් පවතින මෙම සිද්ධිය ගැන ගිහියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූයේ ඒ ප්‍රකාශයත් සමඟය.
ආදාහන පූජෝත්සවයේ කටයුතු මෙහෙය වීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් පත් කැරුණු කමිටු සභාපති සේරුනුවර ප්‍රාදේශීය ලේකම් පී.ආර්. ජයරත්න මහතා ඉන් පසු ගිහි කතා නතර කැර සංඝරත්නයෙන් ඉල්ලා සිටියේ දේහය චිතකයට ඇතුළු කර ආදාහන පූජෝත්සවයේ සෙස කටයුතු කරන ලෙසයි.
ඒ අනූව පස්වරු 6 ට පමණ චිතකයට ගිනි දැල්විණි.කොටපළ අමරකිත්ති හිමියෝ ඇති වූ මෙම සිද්ධිය ගැන අපවත් වූ අනුනායක හිමියන්ගෙන් ද, සංඝරත්නයෙන් ද, දායකාරකාධීන්ගෙන් ද සමාව ඉල්ලා සිටියහ.
ආදාහනය සිදු වූයේ මංගල රජමහා විහාර ආදාහන මළුවේදීය.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහි පැවිදි දෙපිරිසම තම තමන්ගේ කාර්යභාරය දන්නේ නැහැ. එනිසා සියලු බෞද්ධයෝ බෞද්ධයාගේ අත්පොත ඉගෙනිය යුතුයි. සැබෑ ගිහියෙකුගේ කාර්යයභාරය මැනවින් දත් ගිහියාට ව්‍යාජ පැවිද්දා හඳුනාගත හැකියි. එවන් ගිහියෝ ගැවසෙන තැන ගැටුම් හටනොගනියි. (නි)
ලංකාවේ අධ්‍යාපනය හොඳටම බාලවෙලා වගේ. (නි)
අනේ හැබෑටම අපේ මිනිසුන්ට කිසිම ඉවසීමක් නැති හැටි? (නි)
අපේ පාර්ලිමේන්තුවේත් කචල්. රටෙත් හැමතැනම ප්‍රශ්න. (නි)
සමහරු නම් අපවත්වූ හාමුදුරුවන්ට තිබෙන ආදරේට නොවෙයි මෙතන රැස්වෙලා ඉන්නේ, බල තණ්හාවට... (නි)
අවසන් ගමනවත් නිදහසේ යන්න බැරි රටක් මේක. බලය තණ්හාව නිසා කාකොටා ගන්නවා. (නි)
අපේ අයට දැන් කිසිම වැඩක් රණ්ඩුවක් නැතුව කරගන්න බැරිවෙලා (නි)
අනෙක් ගිහියෝත් කුලප්පු කරගෙන සංවිධාන හදාගෙන මේ යන්නේ කුමනාකාරයේ ගමනක්ද? (නි)
හරිම කැතයි. හාමුදුරුවන්ගේ ශ්‍රී දේහය ඉදිරිපිටදීත් රණ්ඩු වෙනවා. අපවත්වුණ ස්වාමීන් වහන්සේට කරන්න පුළුවන් ලොකුම අපහාසය මේ උදවිය කළා (නි)
අනවබෝධය නිසා මේ ඇති වුණදේට ඇත්තටම ස්වාමීන් වහන්සේලාගේ කොහෙත්ම සම්බන්ධයක් නැහැ. එහෙත් මිනිසුන්ට ගිය පණිවුඩය බොහොම නරක එකක්. ශාසනික දේවල් වලදී ඒවා විසඳන විදියක් තියෙනවා. අපේ දායක පින්වතුන් ගොඩක් කල්පනාවෙන් කටයුතු කළයුතුව තිබුනා. එහෙත් සිදුවුයේ වෙනම දෙයක් (නි)
වගකිවයුතු මාධ්‍යයක් ලෙස මේ අවස්ථාවේ කටයුතු කළ ලංකාදීපයට මා හිස නමා ගරුකරනවා (නි)
අවමඟුලක්වත් හරියට කරගන්න දන්නේ නැතුව ඒකට රණ්ඩු වෙන අය නම් ඉන්නේ වෙන මොනවා කියන්නද? (නි)
රටක් වටිනා හාමුදුරුවන්ට නින්දා වෙන විදිහට උන්වහන්සේගේ අවසාන කටයුතු පවා අවුල් කළ එකට අපි විරුද්ධයි (නි)
අපි දන්නේ නැහැ මේවායේ අග මුල. අධිකරණයක තිබෙන ප්‍රශ්නයක දෙපාර්ශවයක් එකට ඉන්න අවස්ථාවක ඔය වගේ දේවල් ඇදල ගත්තහම වෙන දේ තේරෙන්නේ නැද්ද? (නි)
වෙහෙර විහාරස්ථාන වල වැඩ කටයුතු කරන්නේ බුද්ධ පුත්‍රයින් මිස ගිහියන් නොවෙයි. ඔවුන් එතුමන්ලාගෙන් උපදෙස් සහ අනුශාසනා පමණක් ගතයුතුයි. ගොඩක් ගිහියන් අනවශ්‍ය විදියට පණ්ඩිත වැඩ කිරීමෙන් බෞද්ධ අාගම පිරිහීමට වගේම ඔවුන්ද පව් පුරවාගෙන යනු ඇත. (නි)
මේ දේවල් දකිනකොට අපිට නම් ලැජ්ජයි (නි)
මා මහා ලොකු උගතෙකු නොවුවත්, සිංහලමට ,බොදු අයිතියට ජිවිතයට වඩා ආදරය කරන මම , පල නොවන බැවින් මගේ අදහස සදහන් නොකරමි. (ර)
ගිහියන්ගේ ආධාර නොමැතිව පවත්වාගෙන යාහැකි පන්සල් ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි ලංකාවේ තිබෙන්නේ.එනිසා ගිහියන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම නුවනට හුරුයි. (ර)
මෙතැන දොස් පරොස් දකිමින් මෙහි අදහස් දැක් වූ ඇත්තෝ මේ දිහා බොහොම උපේක්ෂාවෙන් බැලුවනම් ඒක බොහොම උතුම් ක්‍රියාවක් වෙනවා. අප බුද්ධිමත් නම් කළ යුතුව ඇත්තේ එයයි. (ර)
අත්හැරීම ගැන කියන බුදුදහමේ ශ්‍රාවක උගත් දායකයන්ගේ බුද්ධි මහිමය පෙන්වන අවස්ථාවක් වගේ. (නි)
මොන අපහාසයක්ද මේ? (නි)
මහනාහිමිගේ අවසන් උත්සව වෙලාවේ මෙවැනි දේ කීමෙන් පෙන්නන්නේ උගත්කමේ තරම නෙවේද? (හේ)
ඉතින් සිංහල බෞද්ධයන්ට අද අත්වි ඇති ඉරණම පේනවා නේද? එඩ්වඩ් ජයකොඩි මහතාගේ සහ මාලනී බුලත්සිංහල මහත්මියගේ 'බුදු බණ කිවුවත් නිරන්තරේ, බුදු බන ඇහුවත් නිරන්තරේ, ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ\' සින්දුවයි මතක් වෙන්නේ. හැමදේටම බෙදිලා මරාගන්නවා, පන්සලේ වැඩේට පවා. බලන්න අනිත් ජාතින් දිහා? බලන්න එකමුතුව ඔවුන්ගේ ඉල්ලීම් දින ගන්න හැටි. ඉතින් සිංහල බෞද්ධ ජාතිය තව ඉතා සුළු කලකින් දියවී යාම පුදුමයක්ද? (හේ)
ඉතින් අපේ සමාජය දිනෙන් දින පිරිහී යාම ගැන කවර කතාද?(හේ)
මොනවා නැතත් ලෝකය හිනස්සන එක නම් කරනවා (නි)
අනේ දෙවියනේ මෙහෙමත් දේවල්! (නි)
සිංහලයන් ලජ්ජා කම්පා වියයුත්තේ මෙන්න මෙවැනි ක්‍රියාවන් වෙනුවෙනි. අවාසනාව කියන්නේ සමහරුන් කම්පා වෙන්නේ රට ගිලපු පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්න ක්‍රියාකරන එකටනේ (නි)