හොරණ ආදර්ශ හන්දියේ කඩ පිලක දමා ගොස් සිටි මහලු මවක (80) නහවා පිරිසිදු කැර හාන්දුපැල්පොල මෙත්සෙවන වැඩිහිටි නිවාසයට භාර දීමට හොරණ පොලීසියේ ළමා හා කාන්තා කර්යාංශයේ නිලධාරිහු කාරුණික වූහ.
බ්‍රහස්පතින්දා කනන්විල ග්‍රාම නිලධාරිනියට ලැබුණු තොරතුක් මත මේ මහලු මව හොරණ පොලීසියට භාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මා කෙනෙක්ගෙ අගයක් දන්නැති දරුවන්. පව් අසරණ අම්මා. උදව් කරපු හැමෝටම පින් සිද්ද වේවා.(නදී)
ඔබ සැම කලේ ලොකුම පිනක්. සැමටම ආදර්ශයක්.(නදී)
මගේ අම්මා මිය ගියපු දා ඉදල අද වෙනකන් අපි හතර දෙනා තවමත් අම්මව මතක් කරමින් අඩනව දුක් වෙනවා. අපිට පුළුවන් උපරිම විදහට අපි අපේ අම්මට සැලකුවා. ඒකටත් එක්ක මේ දරුවෝ නුබලා කොහේ ගෙනියන්ඩද මේ කරන පව්. මේ අම්මට රැක වරණය හදල දුන් සැමට ගොඩක් පින් ලැබේවා. කිසිම දිනක මෙවන් සිදුවීමක් අහන්ඩ නොලැබේවා.(නදී)
මේ සහයෝගය දුන් සැම දෙනාටම ගොඩක් පින් (දිල්)
මුළු හිතම අතීශය කම්පාවෙන පුවතක්. දරුවෝ අකාරුණික උනත් මෙවැනි උතුම් අය මුණගැහෙන්න තරම් මේ අම්ම වාසනාවන්තයි. අම්මාට තෙරුවන් සරණයි! (නදී)
සමන් ඔය කතාව නම් බොරු. පිරිත් කිව්වයි කියලා රට උතුම් වෙන්නේ නැහැ. පිරිත් අසලා මිනිසුන් යහපත් ගති පැවතුම් ඇති කරගත යුතුයි. (නදී)
ප්‍රවීන් සොයුර, අම්මෙක් කවදාවත් තමුන්ගේ දරුවෙකුට දුෂ්ටකම් කරන්නේ නැහැ. විශේෂයෙන් සමහර පිරිමි දරුවන් ලොකු මහත් වී කසාද බැන්දම අම්මව පේන්නේ යකෙක් යක්ෂනියෙක් වගේ. තමාගේ බිරිද, සුර දුතිකාවක් වගේ තමා දකින්නේ. සමහර විට ඔයත් එහෙම ඇති කියල හිතුනේ ඔයාගේ කොමන්ට් එක කියවූ පසුවයි. අම්මෙකුගේ අගේ දැනෙන්නේ ගැහැණියෙකුට විතරයි ප්‍රවීන් මල්ලි. දුෂ්ට කම් කරත් වැදූ අම්ම ලේ කිරි කර පෙවූ අම්මා කවදාවත් මහා මග දාල යන්න එපා. ඒ පව ජාති ජාතිත් ගෙවන්න වෙනවා.(නදී)
ලෝකේ උතුම්ම රට උදේට පිරිත් වලින් පටන් අරන් හවසට පිරිත් වලින් ඉවර කරන අපි.(නදී)
අනේ ඔයාලට ගොඩක් පින් හොදේ. මේ අම්මව මග දාල ගියේ මවු කිරි බීපු දරුවන්ද ටික කාටවත් අනුකම්පාවක් ඇති උනේ නැද්ද මේ අම්මව දාල යද්දී. මොනවද මේ අපේ රටේ අහන,දකින දේවල්. මට මගේ මියගිය ආත්තම්මව මතක් වුනා. මේ පින්තුරයේ සිටින පොලිස් කාන්තාවන් දෙදෙනාටත්, පොලිස් නිලදාරී මහතාටත්, අනෙක් දෙදෙනාටත්, මගේ ස්තුතිය පුදමි. ඔබලාගේ ජිවිත ගමන අතුරු ආන්තරාවක් නොවී, සැනසීම ලගා ''වේවා '' යනු චන්දිගේ පැතුමයි.(නදී)
මේ අම්මගේ දරුවොත් අන්ත අසරණ තත්වයක ඉන්නවද දන්නේ නැහැනේ. ඒ අයට මේ අම්මට සලකන්න විදිහක් නැතුව අතරමග දමා ගියාද දන්නේ නැ නේද. අපි මේ පොහොසත් කියන රටවල් වලත් වයසක අයට යන එන මං නැතුව අනාථ නිවාස පොලව යට දුම්රිය ස්ථානවල බස් නැවතුම්වල මැරිලා යනවා. ලොකු දුකක් කණගාටුවක්.(නදී)
මේ අම්මව දාලා ගිය දෙව්දත් දරුවන් ගැනත් හොයල පලකරන්නකෝ.(නදී)
මේ අම්මගේ දූලා පුතාලා මේක දකිනවා නම් ඇස්වල කටු අනිනවා වගේ ඇති.(නදී)
සමහරවිට ඔය අම්මගේ රුධිරය උරා බිපු දුවල තොල් නියපොතු පාට කරගෙන සරුව පිත්තල නෝනලා ලෙස මේ සමාජයේම රඟපානවා ඇති. පුතාලත් සුදු පිරිවට ඇදගෙන මහත්තුරු විදියට ඇති. ඒ නිසා ඔය අම්මගෙන් තොරතුරු අරන් සමාජයට ඒ අයගේ වග තුග ඉදිරිපත් කිරීම වැදගත්.(නදී)
මෙහෙමත් දරුවන් මේ ලෝකයේ ඉන්නවානේ? (නි)
දෙවියනේ! මට වචන නැහැ කියන්න (නි)
උතුම් පුන්‍යකර්මයක් ඊට දායක වූ සැමට මේ පිනම ඇති නිරෝගී සම්පත්‍යය ලබන්න. (ත)
මේකට ලැබිල තියෙන ප්‍රතිචාර දිහා බැලුවම පේනවා නේද ලංකාවේ අයගේ සංවේදීත්වය සහ කාරුණික භාවය සහ ධර්මානුකූල බවේ තරම. තමන්ගේ වර්ගයේ අන්ත අසරණ උන කෙනෙක් වෙනුවෙන් විනාඩියක් වෙන්කරලා කැප කරන්න බැරි ජනතාව අවිහිංසාවාදය පිලිබදව ප්‍රසිද්ද දේශනා දෙන සහ අහන හැටි. සෑම දෙමාපියෙක්ම ලජ්ජා වෙන්න ඕන තම දරුවා කාරුණිකව සමාජය දෙස නොබැලීම පිළිබඳව. තමන් අනාගතයට කරගන්න ලොකුම හානිය තමයි ඒක. තමන්ටත් ඒ කල යනවා කියල අමතක කරන්න එපා. ඒ දවසට මේ අම්මගේ නම වෙනුවට ඔය අම්මගේ නම ලියවෙයි. (නදී)
බුදු පදවියට පමණක් දෙවෙනි ඌ අම්මට මෙපමණ දුක් දී දරුවන් කොයි යන්නද? හොරණ පොලිසිය කල ආදර්ශයට පින්.(නදී)
ලංකාවෙ දැන් ඉන්න බහුතරයක් අය හිතන්නෙ තමන් හොදින් කාල බිල ඉන්න එක ගැන විතරයි. මේ අම්මව දාල ගියපු අයට මේ ආත්මයෙදිම හම්බවෙන්න ඕනෙ දේවල් හම්බවෙයි. (නදී)
අම්මේ, නුඹ හරි වාසනා වන්තයි! අවසාන කාලේ පල නොකිය පලා බෙදන දරුවන්ට වඩා මෙතන නුබට ආරක්ෂා කාරී තැනක් වෙයි. නොමැරෙන දරුවන්ට හොදින් ජිවත් වෙන්න කියන්න.(නදී)
මේ සහයෝගය දුන් සැම දෙනාටම ගොඩක් පින්.(නදී)
මෙම සත් ක්‍රියාවට සහය දුන් සියලු දෙනාටම දළදා සමිඳු පිහිටයි ! (නදී)
මේ සත්කාර්යය සඳහා දායකත්වය දුන් හැම දෙනාටම බොහෝ පින්.(නදී)
පසුගිය දවසක අම්ම කෙනෙකුට පයින් ගහල කියල මේ වෙබ් එකේම තිබුන පොලිසිය ගැන අද මෙහෙම පුවතක් දැක්කම ඒක වාසනාවක් කියල හිතුනා. එකම විලේ ගෙම්බන්,මැඩියන්,දියබරි වගේම නිල මානෙල්,නෙලුම් එහෙම පිපෙනවනේ. හොරණ මේ නෙලුම් ,මානෙල් පුෂ්පයන් මෙන් තවතවත් මල් පිපි පොලිස් සේවය සුවඳ වේවා. ඔබ සැමට මෙවන් උතුම් සිත් තවතවත් පහල වේවා. මගේ ආචාරය හොරණ පොලිසියට.(නදී)
නියම වැඩක්. පින් සිද්ද වෙනවා.(නදී)
දසමාසේ උරේකත්වා..පොසේති උද්දිකාරනන්..(දිල්)
මම මේක සාමාන්‍යයෙන් කියන්නේ නැතිම දෙයක්. ඒත් ඔය අම්මව ඔහොම අතරමං කරලා ගියපු අයට මේවා ඵලදෙයි. මේ උතුම් සත්කාර්යයට දායක වූ සියල්ලන්ට මාගේ උත්තමාචාරය.(නදී)
අනිච්චේ දුක්කේ සංසාරේ, පින්වත් නිල දරුවන්ට ගොඩක් පින්. ඒ මව දැන් කොපමණ සතුටින් ඇද්ද ? (නදී)
මය අම්මගේ පුත්තුන්ට සලකා ගන්න විදියක් නැතිව ඇති.(නදී)
අනේ පව්. මේ අම්ම මේ අම්මගේ දරුවෝ හදන්න මොන තරම් මහන්සි වෙන්න ඇතිද. අම්ම බඩගින්නේ ඉදලා හරි දරුවන්ගේ බඩගින්න නිවන්න ඇති. ඒත් අන්තිමට අම්මව පාරට දැම්ම නේද. ගොඩක් දුකයි. ඒත් අම්මේ අම්මගේ දරුවන්ටත් කවදා හරි වෙන්නේ ඔය ටිකම තමයි.(නදී)
සමහර දෙමව්පියෝ නමට විතරයි . දරුවන්ට දොස් කියලාම බෑ. දුෂ්ට කම් වෙනස් කම් කලාම මහ මගට වැටනවා තමයි . ඒ නිසා දරුවන්ට දරුවෝ විදිහට සලකනවා නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ.(නදී)
දස මස කුස දරා දහදුක් විදි අම්මා. ඇග ලේ කිරට හරවා කිරි දුන් අම්මා. කැත කුණු අත ගගා දහ දුක් විදි අම්මා. නිදුක් නිරෝගිව ජීවත් වෙනු අම්මා.(නදී)
මේ අසරණ මෑණියන්ට පිහිට වූ සියලු පින්වත් සත් පුරුෂ සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා ! බුදු සසුන සුරකින සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා. මේ මහගු පුන්‍යකර්මය මමද අනුමෝදන් වෙමි......! සාදු.....! සාදු....! සාදු....! (නදී)
දරුවන්ට ගුණ දර්ම පොඩි කාලෙම නොදුන්නොත් කොයි අම්මටත්, තාත්තටත් වෙන්නේ මේ ටිකම තමයි.(නදී)