තරුණ තරුණියන්, පාසල් දරුවන් හා වැඩිහිටියන් සහභාගී කරගනිමින් ‘‘පහන් සිතට දහම් සිසිලක්“ වැඩසටහන අකුරැස්සේ දස මහා බෝධි සෙනසුන් විහාරස්ථානයේ දී සෙනසුරාදා පැවැත්විණි.
මේ වැඩසටහන වාර්ෂිකව පවත්වනු ලබන්නේ ‘‘ආදරවන්තයන්ගේ දිනය“ ආගමානුකූලව සැමරීමේ ආදර්ශයක් සමාජයට ලබා දීමේ අපේක්ෂාවෙනි. වැඩසටහන පැවැත්වෙන දිනයේ දී අකුරැස්සේ සියළුම උපකාරක පන්ති වසා දමා දරුවන්ට ආගමික වැඩසටහන් සදහා සහභාගී කරවීමට ගුරුවරු ද කටයුතු කරති.
මෙවර සෙනසුරාදා වැඩසටහන පැවති අතර ඒ සදහා 5000ට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ. විහාරාධිපති දිද්දෙණිපොත නන්දරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය හා ව්‍යාපාරිකයන්ගේ දායකත්වයෙන්සිදුකැරිණි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරවන්තයින්ගේ දිනය යයි කියමින් මෙයට වසර 12 කට පෙර කොළඹ එක හෝටලයක තම පාර්ශව කරුගේ ඇඳුම් වැඩිපුරම ගලවා පෙන්වූ ජෝඩුවට පළමු තෑග්ග ලබාදෙන තරඟයක්ද පැවැත්වුණා. නැවතත් මේ වසරේ සිට කැමති අයට එවැනි තරඟ වලට යන්න පුළුවනි. එවැනි දේ වලට දරුවන් යැවීමට කැමති දෙමාපියනුත් ලංකාවේ දැනට අලුතෙන් බිහිවී සිටිනවා. (රේ)
පෙම්වතුන්ට වඳින ගාථාවක් තියෙනවාද? එහෙමනම් ඒ මොකක්ද?(රේ)
මෙන්න ආදර්ශයට ගන්නවනම් වැඩ. කරුණාව, මෛත්‍රිය, දයාව යනු ආදරයයි. අදරවන්තයිනි, රාගයට ඉඩ නොතබන්න. (ර)
සතුටුදායක දසුනක්. ලංකාව පුරාම ඔය වගේ වැඩසටහන් කරන්න පුලුවන්නම් තරුණ දරුවන් යහමගට ගැනීමත් සතුටු දායක වෙයි. (ර)
කාම අපචාර සඳහා වැඩිපුරම අඩු වයස් ගැහැණු ළමුන් නීති විරෝධී ලෙස යොදාගන්න රට ඇමෙරිකාවයි. වැලන්ටයින් දිනය වැඩිපුරම සමරන්නෙත් ඇමෙරිකාවේ. එතකොට නිල්මිණි ගේ අදහස පරස්පර විරෝධී නේද ? (බ)
ආදරය නොකරන තරුණ වයස මොකටද ..? තහනම ,සීමා මායිම් හැමදේටම පිළියම නොවෙයි.විශේෂයෙන් ආදරයට..! බෞද්ධ අපිට අන්මතය ඉවසීමේ හැකියාවක් තියනවා . වැලන්ටයින් පියතුමා එකල ආදරයකිරීමට තහංචි,බාධක වැටී තිබී නව යව්වනයන් ,යව්වනයන් වෙනුවෙන් පෙනීසිට දිවි පිදුවෙක්.මේ දිනය රටේ හැටියට සැමරීමට නිදහස තිබෙනවා මේ ප්‍රජාතන්තවාදී රටේ..! මේක ගැටළුවක් නැහැ තමතමන්ගේ ආගමට අනුව හෝ පිළිගත් විදිහකට සැමරුවාට.(රේ)
වැලන්ටයින් දවසට සිල් ගන්න වෙසක් දවසට ජෝඩු දාල තෝරන් බලන්න යන හැමදේම පටලවා ගත් මිනිස්සු ඉන්නේ. (ර)
මෙහෙම සස්කෘතියක් අපේ රටේ නැහැ අනුන්ගේ ජරා පුරුදු පටලවගන්න ශ්‍රීලංකික අපි හරි කැමති, ආදරය කරන්න දිනයක් වෙලාවක් මොකටද මොන බොරුවක්ද මේ කරන්නේ, මේවා අපේ රටේ තහනම් කරන්න ඕනේ. (ර)
නිල්මිණි කියන දේත් ඇත්ත තාමා. (ර)
නිල්මිණි ඔබේ ප්‍රකාශය නිවැරදියි, ලංකාවේ අතීතයේ ආදරය කරන්න කිසිම රජ කෙනෙක් වත් තහනම් පනවා තිබුනේ නෑ මෙය අපේ බුද්දාගමට අදාල දෙයක් නෙවෙයි. සිංහලයාගේ ආදරය එක දවසකට සීමා වී නැත. අපි සදාකාලිකව ආදරෙයි. (ර)
නිල්මිණි කියන දේ ඇත්ත. (ර)
නිල්මිනිගේ කතාව මමත් පිළිගන්නවා. (නි)
මේ ආදරවන්තයන්ගේ දිනය බටහිර රටවලින් ආ දෙයක්. මේවා බෞද්ධයන්ට සම්බන්ධයක් නැහැ. බුදු දහම අනුව බෞද්ධයන් මේවට ඇබ්බැහිවීම බුදු සසුනට අගෞරවයක්. මේවා සියල්ල දැන් වාණිජකරනය වී මුදල් ගැරීමට කරනා දේවල්. මේවායින් වෙන් වී සිටීම ආර්ථිකයටත් මනසටත් සුවයක් (නි)
ඉතාම හොඳයි. (නි)
වැලන්ටයින් දිනය තිබෙන්නේ ආදරය කරන්න. සුළු මුදලකට මලක් මිලදීගෙන බිරිඳට හෝ පෙම්වතියට තිළිණ කළාට, තමන් වෙහෙස වී කාඩ්පතක් සකසා සැමියාට හෝ පෙම්වතාට තිළිණ කළාට, හාද්දක් දුන්නාට අපායේ යයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. එදාට තරුණයන්ට එළිමහනේ උයන් වල ආදරේ කරන්න ඉඩ නොදී ඒ අයව අඳුරු කාමර වලට ගාල්කරන්නේ දුරදිග නොහිතන වැඩිහිටියෝම තමයි. තරුණ වයසේ ආදරේ වින්ඳේ නැතිවුණාම තමයි පසුව වැඩිහිටි වයසේදී ගැහැණු ළමයෙකුට බස් එකේවත් පාඩුවේ යන්න ඉඩ නොදෙන වැඩිහිටියෝ බවට පත්වෙන්නේ. (නි)