ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟයේ   කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් ක්‍රීඩාංගනයේ රුපියල් හත් ලක්ෂ පනස් දහසක පමණ දේපොළවලට අලාබ හානි කර ඇතැයි ක්‍රීඩාංගනයේ බාරකරු ගාල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මහින්ද විද්‍යාලයයේ ආදි සිසුන් බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කියන පොලිසිය සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රූපවාහිනී නාළිකාවල විකාශය වූ දර්ශන උපයෝගී කර ගන්නා බව පවසයි.