IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආදරයෙන් පැරදි සරසවි සිසුවා කළ කැත වැඩේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සරසවි පෙම්වතිය පෙමට පිටු පෑවැයි උරණව  ඇයගේ නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝවක් ඇගේ මවට සහෝදරියන් සහ සහෝදරයන් ගේ ජංගම දුරකථනවලට වට්ස්ඇප් මගින් යැවූ බව කියන සරසවි සිසුවෙක් පොලිස් ලමා හා කාන්තා කාර්‍යංශය පොලිස් කණ්ඩායමක් විසින්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකාර සරසවි සිසුවා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි,

පැමිණිලිකාර සරසවි සිසුවිය නිකවැරටියට නුදුරු ප්‍රදේශයක පදිංචි තැනැත්තියකි.

මෙම සැකකරු හා පැමිණිලිකාර තරුණිය සරසවි දෙකක ඉගෙනුම ලබති.

කාලයක් තිස්සේ සිට මොවුන් දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

සරසවි සිසු පෙම්වතා තමන්ට ගැළපෙන්නේ නැති බව කියමින්මෑතකදී ඔහුගෙන් වෙන් වී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

සැකකාර සරසවි සිසුවා යළිත් තමා සමග ප්‍රේම සම්බන්ධතාවය පවත්වන ලෙස සරසවි සිසුවිය ට දිගින් දිගටම ඇවිටිලි කර ඇතත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවද පොලිසිය පැවැසීය.

සරසවි සිසු පෙම්වතා ඊට පළිගැනීමක් ලෙස ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන යන අතර වාරයේ ලබාගත් ඇයගේ නිරුවත් දර්ශන සහිත වීඩියෝවක්මවට සහෝදර සහෝදරියන්ගේ ජංගම දුරකථන වලට වට්ස්ඇප් වට්ස් ඇප් මගින් යවා ඇතැයි පොලිසිය කීය.

 



අදහස් (1)

ආදරයෙන් පැරදි සරසවි සිසුවා කළ කැත වැඩේ

kusumalatha Saturday, 25 March 2023 10:27 AM

අද කාලේ බහුතරයක් ඉන්නේ සැබෑ ප්‍රේමවන්තයන් නොවෙයි, රාගවන්තයෝ බව ප්‍රේමවන්තියන්ගෙන් බහුතරයක්ම තවමත් තේරුම්ගෙන නැහැ. මෝඩ ළමයි දුරදිග නොසිතා තමන්ගේ ආත්මය මේ වගේ නරුමයින්ට පාවාදෙනවා. ඒ නරුමයින් තමන්ව උපරිමයෙන්ම විශ්වාස කළ අනෙකාගේ ආත්මය අන්තර්ජාලය හරහා කෙළෙසනවා. ඇත්තටම ආදරයක් තිබුණානම් ඔවුන් මෙහෙම කැත වැඩ කරයිද? නව පරපුර ගොළුහදවත වගේ පොත් ගැන අහලාවත් නැහැ. ඒ වගේම හරිහමන් ගීතයක් රසවිඳලා නැහැ. වික්ටර් රත්නායකගේ සඳකැන් වැසිලා කියන ගීතය වැනි මිනිසෙකු තුළ තිබියයුතු උසස් ගුණාංග ගැන කියවෙන ගීතයන් තව කොපමණ තියෙනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site