IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ආදරය කරන හැමෝටම ආදරණීය චිත‍්‍රපටයක්

2016-05-06-ent-52

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයෙන් මිලීනා සුමතිපාල නිෂ්පාදනයෙන් නිර්මාණයවූ පත්තිනි සිනමා නිර්මාණය මේ දිනවල නැරඹිය හැකිය. මෙහි කන්නගී සහ මාධවීට මැදිවූ ප‍්‍රධාන පුරුෂ චරිතය වන්නේ කෝවලන්ය. විටෙක කන්නගී අතැර මාධවී වෙත යන කෝවලන් නැවත කන්නගී වෙත පැමිණෙන්නේය. අවසන කෝවලන් හිමිවන්නේ කාටද? "පත්තිනි" නරඹා ඔබට ඒ ගැන දැන ගත හැකිය.

දකුණු ඉන්දීය ජනවහරේ එන විදියට කෝවලන් යන්නෙහි තේරුම ගැහැණුන් පිරිසක් ඇසුරු කරන පිරිමියාට කියන නාමයක් ලෙස සඳහන් වේ. මෙලෙසින් පත්තිනි සඳහා කෝවලන් වූ ඔහු "උද්දික පේ‍්‍රමරත්නය" රංගනයෙන් තාරුණ්‍යයේ මෙන්ම පෞරුෂයේ හැඩතල අපූරුවට ප‍්‍රකාශ කරන රංග ශෛලියක් හෙබි "උද්දික" සමග පත්තිනිට සාපේක්ෂ පිළිසඳරක යෙදෙමු.

 

2016-05-06-ent-54උද්දික මේ දිනවල ජීවිතේ කොහොමද?

ජීවිතේ ඉතින් අනෙකුත් මිනිසුන්ගේ වගේම තමයි, නියමිත වැඩ රාජකාරි කරමින්, ප‍්‍රශ්න ගැටළු නිරාකරණය කර ගනිමින් බලාපොරොත්තු ආශාවන් අතරේ අරමුණ කරා හෙමින් සුවදායකව ගෙවන බව කිව හැකියි.

 

තියෙන ප‍්‍රශ්න ගැටළු මොනවාද?

ඕනෑම කෙනෙකුගෙ ජීවිතයේ ස්වභාවය ගැනයි මම කිව්වේ.

 

පත්තිනි සිනමා නිර්මාණය විතරක්ම නෙවෙයි. ඔබ රඟපාන චරිත රැගත් ටෙලි නිර්මාණත් විකාශයවෙනවා නේද?

බවචක‍්‍ර (ITN) හංස පිහාටු (ස්වර්ණවාහිනී) සහ සිල්ලරකාසි (ජාතික රූපවාහිනිය) විකාශය වෙනවා.

 

උද්දික එදා අතීතයේදී ක්ෂේත‍්‍රයට එද්දී ඔබ හිතුවද රංගනයෙන් මේ තරමට කාර්ය බහුල වේවි කියලා?

ආරම්භයේදී ක්ෂේත‍්‍රයේ මේ විදියට ගමනක් ඒමේ අදහසක් තිබුණේ නැහැ. ඒත් ඒ කාලවකවානුවලදී මට ලැබුණ දේ එක්ක මම අවංකව ජීවත්වුණා. එදාට කළ යුතු දේ වෙනුවෙන් අවංකව කැපවුණා. පුද්ගලිකව අද මේ වගේ අවස්ථා ලැබීම ගැන මම සතුටු වෙනවා.

 

එදා ඇත්තටම ඔබට මොනවගේ ගමනක් යාමේ අරමුණ ද තිබුණේ?

එදා මට තිබුණේ ඉලක්ක සපුරාගෙන යන ගමනක් නෙවෙයි. ක්ෂේත‍්‍රයට පැමිණීමේ ආසාවයි. එදා ඒ මොහොතේ ලැබුණු වැඩ කොටසට උපරිමයෙන් කැප වුණා.

 

ඔබගේ ගමන පටන් ගත්තෙ සංගීත කණ්ඩායමක් හදාගෙන එහි ගායකයකු ලෙසයි. එදා එහෙම පටන් ගත්ත ඔබ තුළ සිටි ඒ ගායකයා අද කෝ?

ගායන ශිල්පියා නළුවකු විය හැකියි. නළුවා ගායන ශිල්පියකු විය හැකියි. මම විතරක්ම නෙවෙයි. ඒ වගේ තව බොහෝ දෙනා සිටිනවා. මාත් එක්කෙනෙක් විතරයි. මුල්කාලයේදී මට තිබුණේ රංග ශිල්පියා වීම පමණයි. අද මම ඒ අරමුණ එක්ක ජීවත් වෙනවා. වක‍්‍රාකාරව මේ සෑම දෙයක් වෙතින්ම මගේ රංගන කටයුත්තට අත්දැකීම් එකතු කර ගනිමින් සිටිනවා. එදා සිටි ඒ ගායකයා මේ රංගන ශිල්පියා ඇතුලේ ඉන්නවා.

 

කොහොම වුණත්, අද මේ ලද අවස්ථා එක්ක එදා සිටි උද්දික කියන ඒ සරල මිනිසා වෙනුවට ආඩම්බරකාරයෙක් අද ඉන්නෙ කිව්වොත්.

කොහෙත්ම නැහැ. මගේ සරල සාමාන්‍ය ජීවන රටාවෙහි කිසිම වෙනසක් වෙලා නැහැ. හිතාමතා කරගෙනත් නැහැ. නමුත් සමහර විට සමාජයේ සමහර පංති සමග ඇසුර බලද්දී ඒ අයගෙ පිළිගැනීමට ගෞරවයට ලක්වෙනවා. ඒත් එදා යාළුමිත‍්‍ර හිතවතුන් නෑදෑයින් එක්ක සිටි උද්දිකම තමයි මේ.

 

අපි පත්තිනි ගැන කතා කරමු. කන්නගී සහ මාධවී දෙදෙනාගෙන් කාටද වඩා ප‍්‍රිය කරන්නෙ.

සැබෑ ලෙස මට ඒ රාමුවෙන් බලන්න අවකාශයක් නැහැ. චරිතයේ හැටියට තෝරාගත් කාන්තාවට අනුගතව රංගනයේ යෙදෙනවා.

 

"කෝවලන්" වෙන්න ගිහින් වෙච්ච මතකයක් සිහිපත් කළොත්?

ඇත්තටම සුනිල් සර්ගේ සිට, චන්න දේශප‍්‍රිය අයියාගෙ සිට වේෂනිරූපණය කළ සමීර මධු ඇතුළු බොහෝ දෙනා මට චරිතයේ ස්වාභාවය මවාගන්න උදව් කළා. ඉතා ප‍්‍රබල තිර රචනයක්. සුනිල් සර්ට එහි විශේෂ ගෞරවය හිමිවිය යුතුමයි.

 

මේ "පත්තිනි" සිනමා නිර්මාණය ඔබ දකින්නේ මොන විදියටද?

අපි හැමෝම උත්සාහ කරන්නෙ හොඳ වාණිජ සිනමාවක් නිර්මාණය කරන්න නම්? මේ පත්තිනි ඊට තවත් හොඳ උත්තේජනයක්. ආදරය හඳුනන ආදරය කරන පෙම්වතුන් පෙම්වතියන් ඇතුළු හැමෝටම ආදරණීය චිත‍්‍රපටයක්.

 

උද්දික ඔබගේ සැබෑ ජීවිතයේ කුටුම්භය මොන වගේද?

බිරිඳයි, පුතුනුවනුයි, මායි බොහොම සරලව ජීවිතය ගෙවනවා.

 

ගොඩගම පැත්තේදී වාහන සේදීම එහෙමත් කරනවා කියන්නෙ?

වාහන සර්විස් ආයතනයක් දැන් ටික කාලයකට පෙරදී පටන් ගත්තා. ඉතින් මගේ වැඩේනෙ. මුල් කාලයේදී සර්විස් එකට වාහනයක් ආවාම මමම ගිහින් ටිකක් හෝදලා එහෙම දුන්න අවස්ථා තිබුණා. ඒවා ඉතින් හරිම සරල දේවල්. මහා ලොකුටව කතා කළ යුතු නැහැ. අපේ දෙයක් කරද්දි අපි ඊට මුල්තැන දෙන එක සාමාන්‍ය දෙයක්.

 

සඳුන් ගමගේ

 

sandalla

2016-05-06-ent-51
2016-05-06-ent-53
2016-05-06-ent-55
2016-05-06-ent-56

 

 related-ARTICAL



අදහස් (0)

ආදරය කරන හැමෝටම ආදරණීය චිත‍්‍රපටයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site