දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල තලා වරිගේ කළු අප්පු ඇත්තන් (114) දැනට අසරණ වී සිටියි.
එක් තැන් වී සිටින ඔහුට පිළිසරණක් වීමට නොමැතිව ඔහුගේ බිරිය ඌරු වරිගයේ ලොක්කි කනස්සල්ලෙන් පසුවන්නීය.ඔහුගේ වයස අවුරුදු 114 කියි අනුමානය කැරෙයි.
කළු අප්පු ඇත්තන්ට ඇද වන සෑදීමේ ඉඩ කඩ වැඩි නිසා වතුර මෙට්ටයක් භාවිත කරන්නැයි වෛද්‍යවරුන් උපදෙස් දී ඇත.‘වතුර මෙට්ටයක් තියා කොහු මෙට්ටයක් වත් ගන්නට අපිට වත්කමක් නැහැ’ යැයි ඔහුගේ බිරිය පවසයි.
ලොව වයස්ගතම ආදීවාසී නායකයා මෙන්ම ආදී වාසීන්ට අභිමානයක් වු කළු අප්පු ඇත්තන් තව ටික කාලයක් ජීවත් කැර ගැනීමට නම් කෑම බීම ආදී අනිකුත් පහසුකම් ටික ලැබෙනවානම් රැහේ ඇත්තන් සතුටු වන බව හේනානිගල ආදී වාසී නායක තලාවරිගයේ ගුණබණ්ඩියා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අත්තන්ට උදව් වෙන්න ඒ පළාත්වල ප්‍රාදේශීය සභා ඇත්තන්ට බැරිද (අ)
මෙය දැකල හිච්චි හුරෙක් හරි මහා හුරා හරි මේ ඇත්තාව නවලෝක පොජ්ජෙට ඇතුල් කරත්වා! (අ)
පද්මිණි ඇත්තිගේ මොලේ පොජ්ජට මක්ක වෙලයි, මේ කියාලා ඇත්තේ මහ හූරව තව කාලයක් ජීවත් කරවන්න ඕන කියාලා නොවැ.(නදී)
වගකිවයුත්තන්ට මේ ගැන කියලා සහනයක් ගන්න බැලුවේ නැද්ද? (නි)
ෂාහ්, කළු අප්පු ඇත්තෝ දකුණු පළාත් සභා මැතිවරණ බල ප්‍රදෙශයේ නම් අපේක්ෂකයෝ තරඟයට උදවු කරන්ට ඉදිරිපත් වේවි. (නදී)
මලා......... බලන් ගියාම ඔක්කොම වැද්දෝ වෙලානේ. (ස)
ලෙයින් මසින් සැදී තෙත් වන හදක් තියේ..... වැද්දෙක් වුණත් මනුසත්වයෙකි 'කුමාරියේ'.... (නි)
සමහර අයගේ අදහස් දැක්කහම හරි කනගාටුවක් හිතෙනවා. මේ 'තම්බපණ්ණියේ' නියම උරුමක්කාරයෝ.අපි ඇයි ඔවුන්ට අවමන් කරන්නේ. යමක් කියන්න පෙර දෙවරක් හිතන්න. (ස)
වැදි පරපුරෙන් අපි සැම දෙන පැවතෙන්නේ.., අද දින කිමද මේ අවමන් ගෙන දෙන්නේ.., රෝගාතුරව ඔහු සයනේ සැතපෙන්නේ.., කොහොම සිතාපන් අපි පිහිටට යන්නේ... (ඉක්මන් සුවය පතන්නේ හදවත පතුලෙන්මයි ) (නි)
අද ලංකාවේ ඉන්න සමහර දොස්තරවරු මිනිසුන්ට කරන්න ,ගන්න, කන්න, බැරි දේවල්ම කියනවා. 'එතකොට ලෙඩා මළත් දොස්තරගේ වරද නෙමෙයිනේ' කියන්න වගේ. මේ මිනිසුන්ට තියා සාමාන්‍ය මිනිසෙකුටවත් වතුර මෙට්ටයක් පාවිච්චි කරන්න වත්කමක් නැහැ කියලා නොදන්නවාවද්ද? (නි)
අර වාහනයක් ගත්ත නායකයා මේ බව දන්නේ නැතුව ඇති මම හිතන්නේ.(නදී)