මහනුවර දළඳා මාළිගාවේ ඇසල මහා මංගල්‍යයයේ පළමු රන්දෝලි පෙරහැර නිමිත්තෙන් අද (25) ආදි වාසීහු දළඳා වහන්සේට මී පැණි පූජා කළහ. සම්ප්‍රදායිකව මෙම මී පැණි පූජාව ආදි වාසීන් විසින් සිදු කරනු ලබයි.
අද එම චාරිත්‍රය ආදි වාසී නායක වන්නිල ඇත්තන් ප්‍රමුඛ 55 දෙනකුගෙන් යුත් ආදී වාසී කණ්ඩායමක් ඉටු කළ අතර මී පැණි පූජාව සිදු කිරීමෙන් අනතුරුව ඔවුහු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද හමුවූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු ! සාධු !! සාධු !!! සතුටින් මේ පිංකම අනුමෝදන් වෙමි. (ම)
සාදූ! සාදූ! සාදූ! මමත් සතුටින් අනුමෝදන් වෙමි...(බ)