IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ආණ්ඩුවේ ඩිජිටල් වැඩකාරයෝ එක්කෙනා දෙන්න යනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති සහ ඩිජිටල් අමාත්‍යාංශය ඩිජිටල්කරණ වැඩේට උනන්දුවෙන් අත ගසා තිබෙන බව පෙනුණත් ඒ සඳහා පත් කෙරුණු කණ්ඩායමේ එක්කෙනා දෙන්නා ඉවත් වන බව පෙනෙන්නේ යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ඇතැම් අමාත්‍යවරුන් සහ නිලධාරීන් හිතන ආකාරයේ වෙනසක් තිබෙනවා.ඩිජිටල්කරණය යනු රටට අත්‍යවශ්‍ය අමාත්‍යංශයක්.රටේ ඊළඟ වෙනස ඇති කළ හැකි ප්‍රධානම අමාත්‍යංශය වන්නේ මෙයයි.ඒ සඳහා ජනපති සහ අදාළ අමාත්‍යාංශය පමණක් සූදානම් වී ඵලක් වන්නේ නැහැ.සියලු අමාත්‍යාංශ ඊට පෙළ ගැසිය යුතුයි.මේ ආණ්ඩුව බලය ගත්තේ හොරකම වංචාව දූෂණය නවත්වන්න.යම් ටෙන්ඩරයක් දැම්මා කියූ විට ඒ තුළින් හොරකමක් වේ යැයි ජනතාවගේ මතයක් තිබෙනවා.මේ මතය නැති කිරීමට දිය හැකි හොඳම විසඳුම ඩිජිටල්කරණයයි.

එදා ගෝඨාභයටත් දක්ෂ කණ්ඩායමක් හිටියා. අයි.ටී ක්ෂේත්‍රයේ හිටපු අය මාස හයක් යන විට එතැනින්  ඉවත් වුණා.වත්මන් ජනපති සහ අමාත්‍යාංශය ඉතා උනන්දුවෙන් මේකට අත ගහල තියන බව පේනවා.ඒකට පත් වෙච්ච කණ්ඩායමේ එක්කෙනා දෙන්නා ඉවත් වෙමින් යන බව ට්විටර් පණිවිඩ වලින් අප දුටුවා.ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (0)

ආණ්ඩුවේ ඩිජිටල් වැඩකාරයෝ එක්කෙනා දෙන්න යනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 206 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1069 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site