පුත්තලම ආණමඩුවේ සිට දියතලාවේ මංගල උත්සවයක සහභාගීවීම සඳහා යන පිරිසක් රැගත් බසයක් හාලිඇළ අඹවකදී පාරෙන් ඉවතට පැන ගලක හැපීමෙන් දස දෙනෙක් තුවාල ලැබීය. තුවලාකරුවන් අතර කාන්තාවන් පස් දෙනකු සිටින බව පොලිසිය කියයි. තුවාල කරුවෝ බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබති. අනතුර සිදුවන අවස්ථාවේ එහි 34 දෙනක් ගමන් කර ඇතැයි පොලිසිය කියයි. පෙරදින ද මෙම ස්ථානයේ දී වෑන් රථයක් මේ ආකාරයෙන් අනතුරට ලක් වීමෙන් තිදෙනෙක් තුවාල ලැබූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් කාපට් කරලා හොඳට තියෙන විට රියදුරන් වේගයෙන් යන්න හදනවා. උඩරට පාරවල වංගු ගැන රියදුරන් අවබෝධයක් තියෙන්න ඕනි.(නදී)
රියදුරුට වංගුව පාලනය කර ගන්න බැරි වෙච්ච බවකුයි පෙනෙන්නේ. (නදී)
එදා අර නිල්පාට වෑන් එකකුත් මෙතනමනේ ගලක හැප්පිලා තිබුනේ? අනේ මන්දා දැන් ඉන්න රියදුරන්ට වංගු ගන්න බැරි ද මන්දා. (නදී)
කිසිම වෙනසක් නෑ ඒ තැනමයි. බලන්න වෑන් රිය හැප්පිච්ච ගලේ මයි වැදිලා තියෙන්නේ. මෙම ස්ථානය මදක් විපරම් කළ බැලිය යුතුයි. (නදී)
ඉංජිනේරුවන් පාර සැලසුම් කළාට පාර හදන්නේ දේශපාලකයින් සමග පාටි දාන කොන්ත්‍රාත්කරුවෝනේ. පාරේ නැම්ම හරියට හදලා නැති බවයි මට නම් පේන්නේ. (නදී)
නැම්මේ වැරැද්ද නොවෙයි ඒක්කො වාහනයේ වැරැද්දක්, රියදුරාට මාර්ගය පිළිබදව අවබෝධයක් නැති කම, කොහොම වුණත් මේ අයට පිහිට වෙන අයට බොහෝම ස්තුතියි.(නදී)