සියලු බදුවලට විරුද්ධ පිරිස් විරෝධය පළ කිරීමට මෙවර මැයි දිනයේදී කිරුළපන මැයි රැළියට පැමිණෙන්නැයි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (25) කරන්දෙණියේ පැවැති ජනහමුවකදී පැවසීය.
‘අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට බදු ගහන්නෑ කියලා එදත් කිව්වා. අදත් කියනවා. ඒත් මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා කියන්නේ නෑ. දැන් අපේ වීරෝදාර රණවිරුවන් අපේ සහෝදර සහෝදරියන් ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කළ ඒකීය භාවය පිළිබඳ ගැටළුවක් ඇවිත් තිබෙනවා. මොනම ආකාරයෙන්වත් අපේ රටේ ඒකීය භාවයට ස්වෛරීත්වයට හානියක් එනවනම් මේ ආණ්ඩුවට විරෝධය පාන්න කිරුළපනට එන්න. මේ රටේ වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ව්‍යාපාරිකයෝ වගේ කිසිදා මැයි රැලියකට ආවේ නැති පිරිස් රථ පෙළපාළිවලින් කිරුළපනට එනවා‘ යැයි ද ඔහු කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගමම එක්ක මමත් කිරුළපනට එනවා (නි)
සඳරුවන්, මෙයාලා අාවොත් ඕගොල්ලෝ ඉවරයිලු. දැන් සිටින අය සිටියොත් රටත් ඉවරයිලු. ඕගොල්ලෝ නම් නැතිවුණාට කමක් නැහැ අපට රට ඉතුරු වෙනවා නම්. (නි)
ඔය විරෝධය තමන්ටම පාගන්න. රට මෙවැනි තත්වයකට පත්කළේ නුඹලා විසින්ම නොවේද? (නි)
දැන් වැඩිපුර කෑ ගහන්නේ මොනවගේ අයද කියලා අපි දන්නවා (නි)
ඔයා කියනතුරු තමයි අපිත් හිටියේ කිරුළපනට එන්න. (නි)
අරක්කු බාගයක් දෙනවනම් මමත් කිරුළපනට එනවා ....(හේ)
අනේ කොහොමහරි කිරුළපනට එන්න. අපි වගේ අය දැකගන්න පුළුවන් එදිනට විතරයි. සමාවන්න සිල්රෙදි, කැලැන්ඩර්, කෝප්ප මේ කිසිවක් නොමිලේ දීමට එදාට නොහැකිවෙයි (නි)
හොරණ ජනතාව සමඟ මමත් එනවා කිරුලපනට..(හේ)
අනේ මේ ගෙදරට වෙලා ටීවී එකෙන් ඔක්කොගේම කෙරුවාව බැලුවොත් හොද නැද්ද ? (හේ)
එන්න කියලා ආරාධනා කරන අයගෙ මුහුණ දැක්කහමම තේරෙනවා මේ එන්න කියන්නේ ඇයි කියලා. ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැති හැටි. (නි)
ලංකාවේ ඡන්දදායකයා රට තණකොල කනවා කියලා වෙන්න ඇති මේ අය හිතාගෙන ඉන්නේ. එහෙම නැත්නම් ඩිමෙන්සියා වගේ අමතකවිමේ රෝගයකින් සකල ලාංකික ජනතාවම පෙළෙනවා කියලා හිතාගෙන ඇති. (නි)
මෙයාලා බලය තිබුණු කාලේ ජනතාවගේ පැත්තවත් බැලුවේ නැහැ. අපිට ඒවා මතකයි (නි)
මෙයා කිවුවොත් නම් සේරම වැලනොකැඩී එයි. මොකද ජනතාවට හරිම ආදරයක් පෙන්නපු නායකයෙක් නිසා. (නි)
අපි කොහොමත් මහින්ද මහත්තයාව තනිකරන්නේ නැහැ මොන ප්‍රශ්න ආවත් (නි)
අපිට ඩිමෙන්ෂියාව නැත. ඒ නිසා අප කිරුළපනට එන්නේද නැත. (නි)
බොහොම කණගාටුයි බොහෝ දෙනා ගැන. (ර)
කොහොමත් එදාට බලාගන්න පුළුවන් හොඳටම හොරකම් කළ අය කවුද කියලා සහ අමතකවිමේ රෝගය තියෙන්නෙ කාටද කියලා. (නි)
ටෙරන්ස්, එක එක මහත්තුරු ගැන හිතලා වැඩකරලා හරියන්නේ නැහැ. ඒක තමයි මේච්චරකල් වෙලා තිබුනු හෙණය. එක එක මහත්තුරු දියුණු වුණා කියලා රට හැදෙන්නෙවත් සාමාන්‍ය ජනයාට සෙතක් වෙන්නෙවත් නැහැ (නි)
තනි වචනයකින් කිව්වොත් “අප්‍රසන්නයි“. (නි)
කොහොමද රෙද්දක් ඇඳගෙන ඔතනට එන්නේ ?(හේ)
මේ වගේ අයටත් තාම කඩේ යන පිරිස් රාජ්‍ය ආයතන/කාර්යාංශ වල තාම ඉන්නවා. ඒ අය සමඟ මේ රට ගොඩනගන්න අමාරුයි. මොකද යටින් ඉඳලා උගුල් අදින එකයි කරන්නේ. (නි)
බණ්ඩාර, හරියටම හරි. මට තාම අමතක කරන්න බැහැ මෙයාලා ගමන් මල්ලත් ඇදගෙන රට පනින්න දිව්ව දිවිල්ල. (නි)
අනේ, එන්න එන්න. එදාට අර හොරකම් කරපු සල්ලිත් බෙදනවා ඇති නේද? (නි)
බැසිල් සෑහෙන සංවර්ධන වැඩ කොටසක් කළා රටට. දැන් කිසිම දෙයක් සිදුවෙන්නේ නැහැ. රට දියුණු කරගන්න නම් මහින්දම තමය් ඉන්න ඕනෑ. අපි යනවා කිරුළපන. (නි)
කිරුළපන රැලියට ජය වේවා! (නි)
කිරුළපනට අපි එනවා. එදාට පෙන්වමු අපේ බලය! (නි)
බැසිල්ලා කිරුළපනෙට ඕනෑ නැහැ. මහින්දත් මේක තේරුම් ගත්තේ නැත්තම් සොරි තමයි (නි)
අපි අපේ රටට ගොඩක් අාදෙරයි, (ම)
අනේ මහින්ද මහත්තයෝ ආයිත් හොරුන්ව ළං කර ගන්නේ අැයි ? (ම)
බදු වැඩිවෙනවට බඩු මිල ඉහළ යනවට කැමති අය ගාල්ලට යන්න. ඒවාට විරුද්ධ නම් කිරුළපනට එන්න. (නි)
අපිනම් ඉතින් කිරුළපනට තමයි. (ර)
අපි අනිවාර්යයෙන්ම එනවා එනවාමයි (නි)
විරෝධය පාන්න අපි එන්නේ ගාල්ලට ... (ර)
සමහර උදවියට ලැජ්ජාව කියන දේ ගෑවිලාවත් නැති හැටි? (නි)
කිරුළපනට එන්න අපිට නම් දෙගිඩියාවක් නැහැ. (නි)
අනිවාර්යයෙන්ම අපිත් එනවා. එන්න බස් තමයි නැත්තේ.(හේ)
එනවට අපිට මොකද දෙන්නේ.(හේ)
බදු ගහන්නේ නැතුව ලංකාව වැනි රටකට සැලකිය යුතු ආදායමක් ලබා ගන්න හැටිත් කිව්වොත් හොඳයි ඔය රැලියේදී. ණයට ඉල්ලගෙන කන ප්‍රතිපත්තිය වෙන්න ඇති විකල්පය (හේ)
අනේ මෙහෙම තණ්හාවක්! (නි)
හරි සෑර්, කිව්වා වගේ මමත් එනවා එදාට. (ර)
ඔබ තුමා ඇමෙරිකාවට ගිහින් ඉන්න. එතකොට පක්ෂෙට ආදරය කරන අය ඒක ආරක්ෂා කර ගනීවි. (ර)
අහවලාගේ ආගමනයත් සමඟ සන්ධාන ආණ්ඩුවට හා ජනපතිකමට වුණ දේ මෙවර කිරුළපන මැයි රැළියට සිදුවන බව හොඳටම විශ්වාසයි (නි)
අපි කිරුළපනට... (ර)
විරුද්ධ මතවාද වලටත් වේදිකාවක්.... (නි)
අනේ! අපිට දැන් තියන නිදහස වටිනවා ඔය ඔක්කොටම වඩා! (නි)
අපි කිරුළපනට... හමුවෙමු. (ර)
බැසිල් කිරුළපනට එනවා නම් අපි නම් කිරුළපනට එන්නෙ නැහැ. (නි)
කීයක්හරි හොයාගත්තේ අපේ ගම්වල බහුතරයක් තේ වලින්. මෙදාපාර ඒකත් නැතිවුණා. කිව්වත්, නොකිව්වත් එන්නේ කිරුළපනට (නි)
අපි නම් දෙයියනේ කියලා ගෙදරට වෙලා ඉන්නවා. (නි)
බමුණු ආරච්චි මහතාට පුදුම කලබලයක් නොවැ තියෙන්නේ කිරුළපනට යන්න (නි)
මට මතක්වෙනවා 2015 ජනවාරි 9 වෙනිදා පරාජයෙන් පස්සේ රටෙන් පැනලා ගිය හැටි (නි)
අපිත් කිරුළපනට තමයි (නි)
අපි අනිවාර්යයෙන් එනවා (නි)
එදාට මුළු කිරුළපනම එකම මිනිස් ගංගාවක් වෙන බව විශ්වාසයි (නි)
අපි නම් ආණ්ඩුවේ වැඩවලට විරුද්ධ වෙන්න පාර්ලිමේන්තුවට කෙනෙක් කුරුණෑගලින් යැව්වා. කෝ එයා පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැහැ නොවැ. අපි එදාට දියවන්නාවේ පාලම ළඟට නිදහසේ නාන්න යනවා. දියවන්නා හෝටලය වසා ඇතිනේ (නි)
නොකිව්වත් කිරුළපනට තමා අපි එන්නේ (නි)
දේශපාලකයන්ට නොව රටට ආදරය කරමු (නි)
අපේ සල්ලි කෝටි ගණන් හොරකම් කරලා, ඇමෙරිකාවේ ගෙවල් අරගෙන, දැන් කොහොමද මුන් කතා කරන හැටි. මුන්ගේ කතා අහන්න එන උන්ටයි ගහල එලවන්න ඕන.(බ)
අපි ගාල්ලට! මහින්ද මහත්තයට වෙලාවට අවස්ථාව ලැබෙයි. හැබැයි පක්ෂය දෙකඩ නොකළ යුතුයි. (නි)
ඡන්ද ප්‍රතිඵල කියනකොට මොකද ඇමෙරිකාවට දිව්වේ? (නි)
අපි රාජපක්ෂ සමග කිරුළපනට. (ර)
මමත් එනවා කිරුළපනට. මම හැමෝගෙන්ම ඉල්ලන්නෙත් මීට පැමිණෙන්න කියලයි (නි)
අපේ සනුහරේම කිරුලපන යු එන් පී විරෝද රැලිය කොහෙද අපි එතන ජය වේවා.! (ර)
ඇයි අපිත්, කිරුලපනට එනවා මහින්ද කොතනද අපි එතන. (ර)
අපිත් එනවා බුරුතු පටින් (නි)
අසංක විරෝධය පාලා ගෙදර එනකොට රට ෆෙඩරල් වෙලා තියෙයිද දන්නෙ නැහැ (නි)
ඔබතුමා එන්නේ නැත්නම් අපි කිරුළපනට එනවා (නි)
මෙයාලම නේද ඡන්දෙ පැරදුනාට පස්සේ කුරහන් සාටකයත් දාලා ඇමරිකාවට පැන්නෙ? යනකොට ගණන් හිලව් බේරලා පොත් බාරදීලා නේද ගියේ? (නි)
අපි හැමෝම එදාට කිරුළපනට එනවා (නි)
මහින්ද මහත්තයෝ, මෙයාලව අයින් කරලා තියන්න. එහෙම නොවුණොත් තුන්වෙනි පාරත් අපි විනාශයි. (නි)
නන්ද, අපි ආදරය කරන්නේ රටට. රට රැකදෙන කෙනෙකුට අපි පක්ෂයි. රටට දැන් වෙන්නේ මොකක්ද කියලා හිතලා තීරණය ගන්න. (නි)
මහින්ද රජය පැරදුන ගමන් තමන්ට ඡන්දය දුන් ජනතාව අතහැර රටින් පලාගිය මෙවැන්නන් පසුපස යන අය ගැන ලැජ්ජයි. ප්‍රවේශම් වෙන්න. කළ පවු පළදෙන කාලය ළං වි අැත. (නි)
ජනතාව නැති නිසාද රථ පෙළපාලි තියන්නේ? (නි)
ගමනක අවසානය කිරුළපනෙන්! (නි)
පැරදුනොත් ඔබතුමාලා නම් ඉතින් ඇමරිකාවටවත් දුවයි. අපි ඉතින් කොහේ දුවන්නද? (නි)
අපෝ එයාද? එයාගේ හැටිත් මතකයි අපිට. බලය තිබුණ කාලේදී එයාලා හිටියේ පොළොවට අඩි 2 ක් උඩින්. (නි)
මෙය හොඳ ආරම්භයක්. අපිත් එනවා කිරුළපනට (නි)
මෙයාලා අායෙත් ආවොත් නම් ඉවරයි. හොඳම දේ සද්ද නැතුව ඉන්න එක (නි)
මහින්ද මහත්තයාව තුන්වෙනි පාරත් නැතිකරන්නයි හදන්නේ. පුලුවන්නම් රනිල් මහත්තයා 29 පාරක් පැරදිලා තියපු වාර්තාව කඩන්න බැසිල් මහත්තයෝ (නි)
ඒ කාලේ බදු ගැහුවේ නැද්ද අනේ? දැන්ද මේ බදු කියලා එකක් ගහන්නේ? (නි)
කිවුවත් නැතත් අපි නම් අනිවාර්යයෙන්ම එනවා (නි)
බදු වලට විරෝධය පාන අතරතුර මන්ත්‍රී සැප වාහන වලට පාර්ලිමේන්තුවේදී අත ඔසවමු. (නි)