ලෝකයේ ලොකුම ණය හිමියා වන චීනය අමනාප කරගනිමින් ලොව ලොකුම ණය ගැතියා වන ඇමරිකාව සමග රජය මිතුරු දම් තර ගනිතියි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
ඇමරිකාව පවා වැඩිම වෙළඳ ගනුදෙනු කරන රට චීනය බව ආණ්ඩුවට අමතක වී ඇතැයිද ගම්මන්පිල මහතා කීය.
වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ සහ උපාය මාර්ගයන්හි වරදක් ඇත්නම් එයින් ඉරණම තීරණය වන්නේ ආණ්ඩුවේ පමණක් නොව සමස්ත ජාතියේම බවත් මේ හේතුවෙන් දේශපාලන භේද අමතක කර ආණ්ඩුවට උපකාරකොට අර්බුදයෙන් රට මුදවා ගැනීමට තමන් සූදානම් බවද පිවිතුරු හෙළ උරුම නායකයා කීවේය.
හෙළ උරුම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කී ගම්මන්පිල මහතා එබැවින් ආණ්ඩුව තමන්ටද සවන් දී වඩාත් ශක්තිමත් විය යුතුයැයිද පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද මේ එන්න හදන්නේ ? (ර)
කවුදෝ ගිය උඩ කිව්වලු. (බ)
ඔව් ඒක හොදයි. (ර)
ආණ්ඩුවට උදව් කරන එක සියලු දෙනාගේම වගකීම. (ර)
හොද දෙයක් මහත්තයෝ. (ර)
ගම්මන්පිල උන්නැහේ කියන්නේ මොනවද කියා එයාවත් නොදන්නවා වගේ අපිටනම් පෙනෙන්නේ. කපිල කියල තියෙන විදිහට අපි ගොඩක් ලංවෙන්න ඕනේ අපිට ගිනිපොලියට මුදල් දෙන බදු විකුණන කෙනාටද එහෙමත් නැතිනම් අපේ බඩු හොඳ මිලකට ගන්න කෙනාටද කියා හිතන්න මහා ලොකු උගත් කමක් උවමනාද ? ඒ නිසා ඔය දේශපාලන බංකොලොත් මුදලාලිලා කියන දේවලින් මොලේ කොලොප්පන් කරගන්න එපා....(රේ)
හොද තීරණයක්. (ර)
මෙච්චර දවසක් ආණ්ඩුවට බැන්න මේ කෙනා හදිසියේම වෙනස් වුනු හේතුව දන්නවද ....? (ර)
මහත්වරුනේ, මේ කියන ඒවා ගණන් ගන්න එපා. එයාලා ඉතින් මොනවාහරි කියනවා. (නි)
මේ රට මේ විදියට වසර 5 ක් ගියොත් සුඩානයක් වීම නියතයි, (බ)
මේ තීරණේ ගන්න පරක්කු උනේ ඇයි.? (ර)
අනේ අම්මපා මෙහෙමත් කතා! (නි)
බල්ටි පාරක්වත්දෝ... (ර)
අපිටත් ඉතින් රෑට රෑට ඇමති හීන පේනවා... (ර)
ගම්මන්පිල මහත්තයෝ ඔබලා ඔය කියන කතාවේ තව පැත්තක් තියෙනවා.ලංකාවේ අපනයන වලින් සියයට 70 ක්ම අමෙරිකාවටයි බටහිර යුරෝපෙටයි තමයි කෙරෙන්නේ. ආනයන වලින් සියයට70 ක්ම චීනයෙන්. චීන්නු ගිනි පොලියටත් ණයදීල තවත් හූර කෑමක් කරනවා. නමුත් බටහිර රටවල් මුලික කරගත් ලෝක බැංකුව, ජ්‍යාත්යන්තර මූල්‍ය අරමුදලෙන් නය දෙන්නේ සියයට 1,සියයට1.5, සියයට 2 වැනි අඩු පොලියට. මේ රටේ මිනිස්සුන්ටවත් තේරෙන්න ඕනේ මෙයාල කියන බොරු . සියයට 8 පොලියට චීනෙන් ණය අරන් අවුරුදු සිය ගාණක් ගෙවන්නේ ගම්මන්පිලද. (අ)
ආණ්ඩුව ඔබතුමා කියන දේ ඇහුවොත් ඉතින් ආණ්ඩුවටත් දෙයියන්ගේම පිහිටයි. (නි)
යාලු වෙන්න ඕනෙ, තමන්ගේ බඩු ගන්න මිනිහා එක්කද? තමන්ට බඩු වෑඩි ගාණට විකුණන මිනිහා එක්කද? මේක නම් මොන්ටිසෝරි යන පොඩි එකෙක් වුණත් උත්තර දෙයි..හෑබෑයි මොනෑෂ් යුනිවසිටි ගිය පන්ඩිතයන්ට නම් බෑරි වෙයි.(අ)
රුපියල් සියයට ගානේ හිඟා කාලද මෙයා ආණ්ඩුවට උදවු කරන්නේ යන්නේ (අ)
චීනය කියන්නේ හොඳ වෙළඳපොළක් . එය ලංකාව නියම ආකාරයට පාවිච්චි කරලා නැහැ. අපි ක්‍රම සම්පාදනය කළයුත්තේ කඩාවැටෙන ආර්ථිකයක් සහිත ඇමරිකාව දිහා බලාගෙන පමණක් නොවෙයි. නඟින ආර්ථික ඇති චීනය, රුසියාව, බ්‍රසීලය වගේ රටවල් සමඟයි.ඉනදියව නම් ගාවා නොගන්න තරමට හොඳයි. (නි)
අනේ මොකටද අපි මේවට උත්තර දීලා... (නි)
දේශපාලකයන් හැමදාමත් කළේ කොලේ වහලා ගහපු එකනේ.අනේ මන්දා මෙයාල හිතන් ඉන්නේ රටේ මිනිස්සු හැමෝම නුගත්තු කියලයි. (අ)
මේ වගේ සමාජයට වීකෘති අදහස් දෙන අය වීරයෝ විදිහට උලුප්පන්නේ මාධ්‍ය. චීනය ගැන මෙහෙම කතා කරන්නේ මෙයා චීනය ගැන දන්නේ නැතිවද එහෙම නැත්නම් දැනගෙන වෙන අරමුණකින් කතා කරනවද කියල හිතා ගන්න බැහැ. (අ)
ආණ්ඩුවට උදව් කරගන්න කලින් පක්ෂේ තනතුරුවලට ඕනේ කරන මිනිස්සු ගණනවත් සොයාගෙන ඔබතුමාගේ පක්ෂේ ලියාපදිංචි කර ගත්ත නම් නරකද ? (අ)
ඔය කියන තරම් ආර්ථික දැනුමක් සමහරුන්ට තියෙනවාද කියන එකයි ප්‍රශ්නේ (නි)
චාමික, පොඩ්ඩක් ඉන්නකෝ ඉවසලා (නි)
කපිල යාලු වෙන්න ඕනේ තමන්ගේ සල්ලිවලින් බදුගෙවන්න කෙන එක්ක මිසක් අනුන්ගේ සල්ලිවලින් තමන්ට බඩු ගන්න එක්කෙනා එක්ක නෙවි නේද ? දැනටම ඇමෙරිකාව චීනයට ඇමරිකා ඩොලර් 1.37 ට්‍රිලියන ණයයි .අපේ අය ලැජ්ජා නැතුව චීනය හලලා ඇමෙරිකාව පස්සේ යනවා. (අ)
චීනය පස්සෙන් ගිය රටවල් ඔක්කොම අතරමඟ (නි)
චීනය කියන්නේ ලෝකේ ලොකුම ගිනිපොලී කාරයා. එ්කනේ ණය ගන්න රටවල අතරමැදියන්ට හොඳ කොමිෂන් ගෙවන්නේ. අපිට චීනගේ සල්ලි ඕන නැහැ. (බ)
යනවා නම් අනේ මං අරන්, වෙන රටකට යන්න රත්තරන්... ඔයත් රට යන්නවද්ද? (නි)
මම නම් කියන්නේ ආණ්ඩුව යන අත හරි. (ර)
ලාල් කියන එක හරි (නි)
අනේ මහත්තයෝ මටනම් හිනා.... (ර)
චීනය දියුණු වුණෙත් ඇමරිකාව ඇතුලු යුරෝපා රටවල් සමඟ එකතුවී විවෘත ආර්ථිකයට සම්බන්ධවිමෙන් පසුය.ඇමෙරිකාවේ කර්මාන්තකරුවන් චීනයට පැමිණ කර්මාන්ත ආරම්භ කළා චීනයේ.චීනයේ ශ්‍රමය ලාබ නිසා.මේක තමා චීන දියුණුවේ ආරම්භය. (නි)
යුරෝපයට වැඩියෙන්ම සංචාරකයෝ එන්නේ චීනයෙන්.ඒ වගේම සුද්දාට වඩා චීනා හොඳයි (නි)
චීනය යන ක්‍රමයට ගියොත් හොඳයි. හැබැයි එහෙ වෘත්තීය සටන් බැහැ. ඔබතුමා ආණ්ඩුවට සහයෝගය දීමට ගත් තීරණය සැබෑ ජාති හිතෙෂී තීරණයක්. මේ රට බේරාගනිමු. අපි එකතුවෙමු. (නි)
ඔබ ගත් හොදම තීරණය. (ර)
ඔබතුමා ණයබරින් නිදහස්ද? චීන්නු සිඟමන් ඉල්ලීමටත් එන්නේ ලංකාවට නේද? (නි)
අනේ මොකටද මගේ කට! (නි)
පිවිතුරුට මළ පැනලද දන්නේ නැ, අදහසක් නැත්තේ මේකට (බ)
අනේ අපිට නම් උපකාර එපා (නි)
ඔන්න අපේ රටේ ලොකුම බුද්ධිමතෙක්. මෙයා ආර්ථික විශේෂඥයෙක්. ලෝකේ සම්බන්ධව අත්දැකීම් බහුල කෙනෙක්. (නි)
චීනය දියුණු වුනෙත් ලෝක බැංකුවෙන් ණය අරන්. ඇමෙරිකාව තමයි උදව් කලේ. ඒ කාලේ(1980 දශකයේ) චීනයේ පරම හතුරා රුසියාව. රුසියාවේ මිතුරු වියට්නාමෙට ගහලා කුඩු පට්ටම් කළා. කාම්බෝජේ ලක්ෂ 20 ක් මරන්න පොල්පොට්ට උදව් කළේ චීනය. නවීන ලෝකයේ සූරාකන්නා චීනයයි. දැන් ඉන්න පිවිතුරු උදවිය ඕව දන්නෙ නැහැ. (බ)
චීනය වැනි ඒකාධිපතිවාදී රටවල් ලංකර ගැනීම එතරම් සුභදායක නැත , තරහ කරගෙනත් හොඳ නැත අතේ දුරින් තබාගැනීම නුවනට හුරුය (බ)
සිතිජ, කවදාවත් ඔය වගේ දෙයක් ලංකාවට ප්‍රාර්ථනා කරන්න එපා (නි)
මේක හිතාගන්නත් අමාරුයි. (ර)