‘මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කළා. එහි වංචාවක් සිදුවී තිබේද යන්න සොයා බැලුවා. ඒ සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කෝප් කමිටුව තීරණයක් ගෙන තිබෙනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (23) පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘අගමැති අපේක්ෂා පහක් ගැන කිව්වා ඡන්දයට කලින්. ඒවා ඉටුවුණාද කියලා අහනවා. ළඟදීම අයවැයක් එනවා. අයවැය එන්න කලින් ඊට පිටින් කටයුතු කර තිබෙනවා. සංශෝධන රැසක් කරලා. අයවැයක් ඉදිරිපත් නොකර 2010 වසරේ රට පාලනය කළා අපට මතකයි. මේ අයවැයක් ඉදිරිපත් කරලා ඊට පිටින් කටයුතු කළ පළමු අවස්ථාව‘ යැයි ද මන්ත්‍රීවරයා කීවේය.
‘මේ ආණ්ඩුව හොරු සමග යහන්ගත වෙමින් ඉන්නවා. ජනතාවට පොරොන්දු වූයේ මොකක්ද ? මේ ප්‍රකාශ අනුව පැහැදිලියි දූෂිතයින්ට කිසිවක් වෙන්නේ නෑ කියලා‘ යනුවෙන් ද ඔහු පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඕගොල්ලෝ බබා වෙන්න යනවා , අපිද රනිල්ව මෛත්‍රීව පත් කළේ ? (බ)
රජය පෙරළුණු දාක සරල නායකයාට තමාගේ පක්ෂයේ පිහිට මිස අන් අය පිහිටට එන්නේ නැහැ. මෙතරම් පැසුණු දේශපාලන බුද්ධියක් ඇති ඔබලාට මෙය තේරෙන්නේ නැති හැටි. (බ)
ඉතින් මැතිතුමෝ...අපිද මේ ගොල්ලන්ව බලයට ගෙනාවේ. (බ)
රජය හොරු සමඟ යහන්ගතවෙනකොට මහජනතාව වන අපි තමයි ලාම්පුව අල්ලන්නේ (නි)
මෙයලා දන්නේ විවේචනය කර කර ඉන්න විතරයි. ඒ ඒ කාලෙට නැඟලා යන මාතෘකා අල්ලා ගන්නවා. අඩුමගානේ මහ බැංකුවේ වෙච්ච දේ මෙන්න මේකයි කියලා පැහැදිලි කරලා දෙන්නවත් දන්න විෂය දැනුමැති කෙනෙක් ඉන්නවද? (නි)
මහින්ද බලයට ගෙනාවෙත් ජවිපෙ, රනිල්ලා බලයට ගෙනාවෙත් ජවිපෙ (නි)
අතීතය ප්‍රචණ්ඩකාරී වුණත් ඔබේ පක්ෂය පිරිසිදු බව අපි දනිමු. පැහැදිලි දේශපාලන අරමුණක් ඇති බවද අපට තේරුම් ගැනීමට හැකිය. නමුත් ජනතාව අතරට ඔබේ පැමිණීම ප්‍රමාණවත් නොවීම ගැන අපි කණගාටු වන්නෙමු. (නි)
චමින්ද, ඔවුන් හැර ඔබ කවුද යෝජනා කරන්නේ? ඔය දුෂිත දේශපාලනයෙන් මුදවන්න පුළුවන් පක්ෂයක් තෝරාගන්න. නැත්නම් ඔබ සැමට අබ සරණයි! (නි)
මේ අයට දැන් මේක තමයි ඒගොල්ලන්ගේ එදිනෙදා න්‍යාය පත්‍රය වෙලා තියෙන්නේ. රටේ අහිංසක ජනතාවගේ දුක්ඛදෝමනස්සයන් ගැන දැන් මේ අයට වගේ වගක් නැහැ. (නි)
දේශය පාලුකරන්නන් හැමෝම ඉන්නේ කොයි පැත්තක් හරි අල්ලගන්න තමයි. ජනතාව තමයි යහනක්වත් නැතුව බලාගෙන ඉන්නේ! (නි)
ආණ්ඩුව හොරු සමඟ යහන්ගත වෙනවා කියලා ඔයා කියනවා. සමහරු රතු පක්ෂ ආණ්ඩුව එක්ක යහන්ගත වෙන බව අපිට පේනවා. එතකොට ඔය රතු පක්ෂත් හොරු එක්ක යහන්ගත වෙනවාද? (නි)
ජනතාවත් හොරු සමඟ යහන්ගතවී ඉන්න බව ගැන තව කුමට කතාද (නි)
හොරු එක්ක යහන්ගත වෙන්නේ කවුද කියලා බලාගන්න පුළුවන් ඔය කියන කෝප් වාර්තාව අාවම! (නි)
හා ! කවුද එතකොට මුලින්ම ඒ හොරුත් එක්ක යහන්ගත වුණේ?(නි)
2015 ඡන්ද වලදීත් එහෙමයි. එතකොට හොඳයි දැන් නරකයි. (හේ)