හම්බන්තොට සමස්ථ ප්‍රතිඵලය මීට මඳවේලාවකට කලින් නිකුත් කෙරිණි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධානය ඡන්ද 174,687 ද එක්සත් ජාතික පක්ෂය 79,829 ක්ද, ජනතා විමුක්ති පෙරමුණ 39,345ක් ද, ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ඡන්ද 9,547ක් ද හිමි කර ගත්තේය. ඒ අනුව පාලක එක්සත් ජනතා සංධානයට ආසන 8ක් ද, එක්සත් ජාතික පක්ෂයට 4ක් ද, ජනතා විමුක්ති පෙරමුණ ආසන 2ක් ද හිමිකර ගෙන ඇත.
2009 පැවැති පළාත් පාලන මැතිවරණය එක්සත් ජනතා සන්ධානය ඡන්ද 192,961 ක් ලබා ගත් අතර ආසන 8 හිමිවිය. එක්සත් ජාතික පක්ෂය පක්ෂය 62,391 ක් හිමිකර ගත් අතර ආසන 3ක් , ජනතා විමුක්ති පෙරමුණ 31, 734 හිමි වූ අතර ආසන එකක් හිමි විය.
මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කටය මන්ත්‍රී ආසන දෙකක් වැඩි වූ අතර මාතරට සහ ගාල්ලට එක බැගින් අඩුවිය. වැඩි වූ ආසන දෙකම එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණට හිමි වීඇති අතර එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද දායකයන්ගේ වර්ධනයක් දක්නට ලැබේ. පසුගිය පළාත් පාලන මැතිවරණයට වඩා මෙවර එක්සත් ජනතා සන්ධානයට ඡන්ද අඩු වීමක් දක්නට ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතේ පටන් හැමදාම රට බේරා ගත්තේ දකුණේ පුත්තු තමා. ආයෙත් රට කොටියට යන්න දෙන්නේ නෑ. ලිඳ කපල දුන්නම නාන්න නම් ඕනේ තරම් අය ඉන්නවා. අම්ම තාත්ත අමතක වෙන මේ රටේ කාලගුණ දන්නා අය ඉන්නේ දකුණේ තමා.(නදී)
සමන් හේවාසූරිය මහත්තයෝ, තංගල්ලට ස්ත්‍රී දුෂකයෝ පත් වුනාද? ඇයි ඒ කාට කාලගුණ සලකන්නද? (නදී)
සජිත් මහත්තයට ජය වේවා! (නි)
විපක්ෂයට ජය වේවා!!!! (ත)
සුභ පැතුම්! නියමයි. (නි)
සත්‍යය කවදා හරි ජය ගනීවි. අපිට සජිත් මහත්තයා ඕනෑ. (නි)
සජිත් ප්‍රේමදාසගේ උපන් හපන්කම් ප්‍රදර්ශනය කිරීමක් තමයි මේ. සජිත් මැතිදුණි, ඔබට ජය! (නි)
ආයේ මේකේ අහන්න දෙයක් තියෙනවද? දකුණ ප්‍රසිද්ධ මොනවටද කියලා දන්නවනේ. (නි)
මිනිස්සුන්ට බෝම්බ වලින් නොමැරී ජිවත් වෙන්න නිදහසක් ගෙනාවේ මේ රජය. ඒක තවම අමතක වෙලා නැහැ. ජිවන වියදම ඉහළ බව කවුරුත් දන්නා දෙයක්. නමුත් රටක් වශයෙන් ලබා තිබෙන ප්‍රගතිය අවුරුදු 10 කට පෙර සමඟ සංසන්දනය කර බැලූ විට කවුද වෙනත් පක්ෂ වලට ඡන්දය දෙන්නේ? මට පෙනෙන හැටියට මේ මිහිකත තිබෙන තාක්කල් සන්ධානය පැරදවීම බොරු. (නි)