ආණ්ඩුව යෝජනා කරන විශ්‍රාම වැටුප් ක්‍රමයට එකඟතාවයක් නැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන ආකාරයට ජනවාරි 1 වැනිදායින් පසු රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි නොවන බවත් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව හා විශ්‍රාම වැටුප පිළිබඳව බලපිටියේ දී සාකච්ඡාවක එක්වෙමින් පැවසීය.

19 වතාවක් සංශෝධනය කර තිබෙන ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ඇතැම් දේශපාලනඥයන් ඊට විරුද්ධ බවද කිසිම දේකට පක්ෂ නැති දේශපාලනඥයන් මෙරට සිටින බවද ඔහු කීවේය.