ඇවන්ගාඩ් අධිපති විශ්‍රාමික මේජර් නිශ්ශංඛ සේනාධිපතිගෙන් තමන් මුදල් ඉල්ලා සිටියේයැයි ද, එම මුදල් නොදුන් නිසා ඇවන්ගාඩ් සමාගමට චෝදනා කරන්නේයැයි ද එල්ල කර ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාවය විමර්ශනය කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සහ අර්ජුන රණතුංග ඇමැතිවරු පොලිස්පතිගෙන් ලිඛිතව ඉල්ලීමක් කළහ.
ගිනි අවි ආඥා පනත හෝ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනතෙහි සඳහන් ආකෘතියට අදාළ අවි ආයුධ බලපත්‍රයක් ඇවන්ගාඩ් සමාගම සතුව නොතිබීම ඇතුළු හේතු හතක් තමන් එම සමාගමට එරෙහි වූ බව ද ඇමැතිවරුන් කළ පැමිණිල්ලේ සඳහන් ය.
නයිජීරියාව ඇතුළු රටවල් සමග ශ්‍රී ලංකා රජය එළඹිය යුතු ගිවිසුම්වලට ඇවන්ගාඩ් සමාගම ඇතුළු වී ඇති බව ද, එම සමාගමට පමණක් මුහුදු ආරක්ෂක කටයුතුවල ඒකාධිකාරය ලබා දීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවට ලැබිය යුතු මුදල් අහිමි කර ඇති බව ද, අති විශාල ස්වයංක්‍රීය අවි තොගයක් පෞද්ගලික සමාගමක නීති විරෝධීව පැවැතීම මගින් රාජ්‍ය ආරක්ෂාවට හා කලාපීය ආරක්ෂාවට අනතුරක් සිදුවන බව ද ඇමැතිවරුන් පොලිසියට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාව මේවාට නිසි පිළිතුරු දෙනු ඇත (නි)
කවුද ඇත්ත කියන්නේ කියලා මට නම් හිතාගන්න බැහැ (නි)
රටට ඉතා විශාල විදේශ විනිමයක්, රජයට ආදායමක්, විශ්‍රාමික හමුදා නිලධාරීන්ට ගෞරවාන්විත රැකියාවක් දුන් සමාගමක අවසානය! වැරදි කරලා නම් ඒවාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. නමුත් ලාබ ලබන ව්‍යාපාර නැවතීම වැරදියි. (නි)
මෛත්‍රී ජනපති ඇතුලු ඔබ තුමාලා ඉතා අවංකයි. නමුත් වර්තමාන රජය දුෂිතයන්, වංචාකාරයන් සම්බන්ධව කටයුතු කරන ආකාරය ජනතාවට සෑහීමට පත්විය නොහැකියි. (ර)
පාටලී චම්පික කවදාහරි රටේ නායකයා විය යුතුය. (ර)
ලංකාවේ මිනිස්සු තාමත් මේ දේශපාලකයන්ට රැවටෙනවනේ. රැවටෙනෙනවා මදිවට එයාලගෙන් සමාජ සදාරණය බලාපොරොත්තු වෙලා නොලැබෙනකොට බැන බැන ඉදිවී. (ර)
අනේ අපි දන්නෙ නැහැ මේවා (නි)
ඔය ගියපු දේවල් නැවත ලබාගන්න පුළුවන්ද මිනිසුනේ. පුළුවනි නම් නීතිය ක්‍රියාත්මක කළාට කමක් නැහැ. සිංහල අය අතරේ එකමුතු කමක් නැතිනිසා කාලයක් මේ රටේ දියුණුවක් නැත. (බ)
මෙයාලා රටට ආදරේටද මේවා කරන්නේ? ආයෙත් ඔයාලට අපේ ඡන්ද නම් නැහැ හොඳේ (නි)
ඇවන්ගාඩුත් අවසානයි වගේ (නි)
සාගල, වර්තමාන දේශපාලන කතිකාවත ගැඹුරට අධ්‍යයනය කළහම ඔයාටම වැටහෙයි ඔයා ඉන්නේ කොතනද කියල. (බ)
නිශ්ශබ්දව සිටීම තමයි හොඳම දේ (නි)
මේ ඇවන්ගාඩ් ප්‍රශ්නය අවසන් වෙන්නේ කවදාද? (නි)