මතෘභූමිය ඊළාම්වාදීන්ගේ හා බෙදුම්වාදීන්ගේ උවමනාවන්ට අනුව බෙදා වෙන් කිරීමේ න්‍යායපත්‍රයක් වර්තමාන රජය ක්‍රියාත්මක කරමින් සිටින බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
මාදුළුවාවේ සෝභිත හිමියෝ ජීවතුන් අතර සිටියා නම් වත්මන් රජයට විරුද්ධව කටයුතු කරන බව ආනන්ද හිමියෝ කීහ.
පැවිදි හඬ සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේ අද පැවැත්වූ මාධ්‍ය හමුවක දී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ එසේ සඳහන් කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර ආරක්ශක සේනාව තවම හදනවද ? (ර)
මේ කතා නම් දැන් අපිට තිත්ත වෙලා තියෙන්නේ හැමෝම තම තමන්ට වාසි පැත්තට වෙලා ප්‍රකාශ නිකුත් කරන එක විතරයි. අලුත් මත සමාජයට දාල මිනිස්සුන්ගේ මොළ හෝදන වැඩේ දැන්වත් නවත්තන්න. (ර)
බලයට පත්වීමට වුණු පොරොන්දු ඉටු කරනවා මේ ආණ්ඩුව දැන් (බ)
කණගාටුවෙන් වුනත් අැත්ත කියන්න ඕන, ඉන්න කට්ටිය දිහා බලපුවම කියන්න පුළුවන්, මේ පිටිපස්සේ ඉඳල නැති ප්‍රශ්න ඇති කරන්නේ කවුද කියලා. (බ)
ඔබ වහන්සේලා විහාරස්ථානවලට වෙලා ඉඳගෙන ආගම-දහම අදහාගෙන, පිනක් දහමක් සිද්ධ කර ගන්නවානම් හොඳයි. ඒක ඔබවහන්සේලාටත් රටටත් යහපතක්.(බ)
ඇමරිකාවෙන් සහ ලෝක බැංකුවෙන් නය ගැනීමට නම් රට බෙදන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කළ යුතුය .(හේ)
කවුද මේ උණුසුම් පුවත ඔබ වහන්සේට දැන් වුයේ ?(හේ)
හාමුදුරුවෝ මේ කෙටුම් පත සකසනවා දැක්කා වගේ කියන්නේ සිල්පද කඩන එක වැරදි නේද . (හේ)
රට විනාශයට පත්වෙනකොට අතීතයේ සිටම රට බේරගන්න, මෙන්ම සිංහල නායකයෝ සතුරන්ගෙන් බේරගන්න භික්ෂුන් වහන්සේලායි මුල්වී කටයුතු කලේ ,ඒ දේ තමයි අදත් මේ භික්ෂුන් වහන්සේලායි සිදු කරන්නේ. නන්ද ඔබ ශ්‍රී ලංකා ඉතිහාසය ඉගෙනගෙන නැතිනම් කරුණාකර දන්නා කෙනෙකුගෙන් අහගන්න.(රේ)
ඔබවහන්සේලා වහාම විමල් වීරවංශ මන්ත්‍රී තුමාට මල්වතු මහා නායක මහා හිමි පානන්වහන්සේ පෙරදා වදාළ දේශනාව අහන්න. (රේ)
කවූද මේ නන්ද ලාල්... මේ අර ප්‍රංශයේ ඉදන් කොමෙට්ස් දාන කෙනා නේ ... කිව්වොත් ඇත්නම් කියන්නේ ඔයවගේ හරයක් තැති දෙයක්ම තමයි. (ර)
බණ්ඩාර-කැකිරාව, ශ්‍රීලංකා ඉතිහාසය ඉගෙන ගත්තා වගේම වර්තමානයත් අවබෝධ කරගන්නේ නම් මැනවි. (ර)