ආණ්ඩුව ,රටත් රණවිරුවනුත් පවාදීමට සැරසෙතියි ද ඊට එරෙහිව සියලු දෙනා පෙළ ගැසිය යුතුයි යැයි ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් හුසෙන් කුමරුගේ ශ්‍රී ලංකා ගමන ගැන හිටපු ජනපති පවසනුයේ ජනපති හා අගමැති ඔහුට දුන් ප්‍රතිඥාව රට පවා දෙන ගිවිසුමක් බවයි.
එහි මෙසේ ද සඳහන් වේ.
පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කරන බවට මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කොමසාරිස්වරයා ඉදිරියේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රතිඥා දී තිබේ. එම යෝජනාවේ විශේෂත්වය වන්නේ එය ලංකාවේ ආණ්ඩුව විසින්ද පිළිගෙන මානව හිමිකම් කවුන්සිලය තුළ ඡන්ද විමසීමකින් තොරවම සම්මත කරගෙන තිබීමයි. එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ආණ්ඩුව ලංකාවට එරෙහි මේ යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කලේද 2002 දී කුප්‍රකට සටන් විරාම ගිවිසුමට එලෙඹුණු ආකාරයටමය. එම යෝජනාව සම්මත වීමට පෙර ජිනීවාහි සිටි අපේ තානාපතිවරයා එය වෙනස් කිරීමට උත්සාහයක් දැරුවද ආණ්ඩුව එය නවතා එම යෝජනාව ඇමරිකාව විසින් සකස් කල ආකාරයෙන්ම පිළිගැනීමට කටයුතු කලේය. ඇමරිකානු යෝජනාව කිසිදු වෙනසක් නැතිවම පිළිගෙන එය ලංකාව ලැබූ මහා රාජයතාන්ත්‍රික ජයග්‍රහණයක් හැටියට ජනතාව ඉදිරියේ හුවාදැක්වීමට ආණ්ඩුව උත්සාහ කළද, සත්‍ය වශයෙන්ම එය 1815 උඩරට ගිවිසුමට සමාන කළ හැකි රට පාවාදෙන එකගතාවයක් විය.
ආණ්ඩුව ජිනීවා යෝජනාව තුළින් ක්‍රියාත්මක කිරීමට එකගතාවයට පැමිණ තිබෙන කාරණා ගැන ජනතාවට නැවත මතක් කර දීමක් කල යුතුය. මේ යෝජනාවේ 1,4,6,7,8 සහ 12 යන ක්‍රියාන්විත ඡේදවලට අනුව දෙමළ සිවිල් ජනතාව ඝාතනය කිරීම, ඔවුන්ට වද බන්ධන පැමිණවිම හා උතුරු ප්‍රදේශයේ හිතාමතාම ආහාර හිගයක් නිර්මාණය කිරීම ඇතුළු යුද අපරාධ සිදු වූ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර තිබෙන පක්‍ෂග්‍රාහී වාර්තාව සම්පූර්ණයෙන්ම පිළිගෙන තිබෙන අතර එකී යුද අපරාධ විභාග කිරීම සදහා විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන්ගෙන් සමන්විත යුද අපරාධ අධිකරණයක් ඇති කිරීමටත්, එම අධිකරණය නඩත්තු කිරීම සදහා පිටරටින් ඍජුවම මුදල් ලබා ගැනීමට ඉඩදීමටත් ආණ්ඩුව එකග වී ඇත. එයින් නොනැවතී යුද අපරාධ සිදුකලා යැයි සැකයක් පවතින ආරක්‍ෂක හමුදා සාමාජිකයන් යුද අපරාධ අධිකරණය ඉදිරියට පැමිණවීමට තරම් ප්‍රමාණවත් සාක්‍ෂි නොතිබුණත් අදාල පුද්ගලයන් පරිපාලනමය ක්‍රියාදාමයක් තුළින් ආරක්‍ෂක හමුදාවෙන් ඉවත් කිරීමටද ආණ්ඩුව එකග වී තිබේ. තවද, ලංකාවේ මහජන ආරක්‍ෂක ආඥාපනත සංශෝධනය කිරීමටත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමටත් ආණ්ඩුව එකග වී ඇත.
ජිනීවා යෝජනාවේ 16, 18, 20, යන ක්‍රියාන්විත ඡේද වලින් ලංකාවේ ප්‍රශ්නයට දේශපාලන විසදුමක් දීම සදහා බලය බෙදීමටත්, ඉහත කී සියල්ල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ අධික්‍ෂණය යටතේ කිරීමටත් එකගත්වය පල කොට තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය යනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින්ම දෝෂදර්ශනයට ලක් කර තිබෙන ආයතනයකි. මානව හිමිකම් කොමසරිස් කාර්යාලය තුල බටහිර ජාතිකයන් දරණ ආධිපත්‍ය නැති කල යුතු බවත් බටහිර රටවල මුදල් වලින් යැපීම අඩු කළ යුතු බවත් කියමින් සෑම වසරක් පාසාම මානව හිමිකම් කවුසිලය තුළ තුනෙන් දෙකකටත් වැඩි බහුතරයකින් යෝජනා සම්මත වේ. ලංකාවේ සිදු වන මේ සියළු ක්‍රියාදාමයන් අධීක්‍ෂණය කරන්නේ බටහිර රටවලට ගැතිකම් දැක්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේම දෝෂදර්ශනයට නිරන්තරයෙන්ම ලක් වන ආයතනයක් බව ජනතාව දැනගත යුතුය.
ජීනීවා යෝජනාවට එකඟත්වය පළ කිරීමෙන් පසුව එයින් මේ රටට කිසිදු හානියක් නැතැයි කීමටත් ජනතාව අතර එයට පිළිගැනීමක් ඇති කිරීමටත් ආණ්ඩුව විවිධ උපක්‍රම භාවිතා කරන හැටි අපට පෙනෙන්නට තිබේ. යෝජිත යුද අපරාධ යාන්ත්‍රණය තුළ විදේශීය විනිශ්චයකාරවරුන් සහභාගී වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් පරස්පර විරෝධී අදහස් පසුගියදා ජාත්‍යන්තර මාධ්‍යට පල කරනු අපට පෙණිනි. නමුත් ජනාධිපතිවරයාගේ නිදහස් දින කතාවෙන් පැහැදිලි වූයේ ඔහුත් අගමැතිවරයාත් අතර ජීනීවා යෝජනාව සම්බන්ධයෙන් මත ගැටුමක් සත්‍ය වශයෙන්ම නැති බවයි. ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට ආණුඩව ගෙන ඇති තීන්දුව ජනාධිපතිවරයා අනුමත කලා පමණක් නොව ඊට විරුද්ධ උදවිය ජනතාව නොමග හරිමින් සිටින බවද කීවේය. ඔහු නිදහස් දින කතාවෙන් තවදුරටත් පවසා සිටියේ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, සංහිදියාව හා ආරක්‍ෂක හමුදාවන්ට ඇති ගරුත්වය වර්ධන වන බවයි. ඉන් පසු පෙබරවාරී 06 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය හමුවකදී ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, එක්සත් ජාතික පක්‍ෂයත් එකග වී ඇති බව නිල වශයෙන් ප්‍රකාශ වූ බවටද වාර්තාවක් ඩේලි මිරර් පුවත් පතේ පළ විය.
යුද්ධය දිනුවේ මා විසින් නායකත්ව දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවකි. යුද්ධයට හැකි සෑම අවස්ථාවකදීම අකුල් හෙලූ එක්සත් ජාතික පක්‍ෂයට අපේ පක්‍ෂය මේ ආකාරයට යටත් කර තැබීම ගැන මම කණගාටු වෙමි. 2007 අය වැය විවාදයේ දී මගේ ආණ්ඩුව පෙරලා හෝ යුද්ධය නතර කිරීමට එක්සත් ජාතික පක්‍ෂය කුමන්ත්‍රණය කල ආකාරය බොහෝ අයට තවමත් මතක ඇතුවාට සැකයක් නැත. ඒ ප්‍රයත්නය අසාර්ථක වූ පසු යුද්ධය අවසන් වන තුරුම එක්සත් ජාතික පක්‍ෂය කලේ ඕන ගොනෙකුට යුද්ද කල හැකි බවත් අලිමංකඩ යනවා යැයි කියා යුද හමුදාව පාමංකඩට යන බවත් කියමින් යුද්ධයට සරදම් කිරීමයි. මෙවන් පිරිසක් යුද අපරාධ චෝදනා එල්ල කරමින් යුද්ධය දිනූ පාර්ශවයෙන් පළිගැනීමට උත්සාහ කිරිම ගැන මම කිසිසේත්ම පුදුම නොවෙමි.
නමුත් මගේ අතිමහත් කණගාටුවට හේතුව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක්ද එක්සත් ජාතික පක්‍ෂයේ මේ රට පාවාදෙන වැඩපිළිවෙලට එකතු වී සිටීමයි. යුද්ධය ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක් ලවා තමන්ගේ මේ ක්‍රියාවන්වලට සහයෝගය ලබා ගැනීමෙන් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විශාල කාලකණ්නි සන්තෝසයක් ලබන බවට සැකයක් නැත. වත්මන් ආණ්ඩුව රටත්, රණවිරුවනුත් පාවාදීමට ගෙනයන මේ වැඩපිළිවෙලට එරෙහිව පෙළගැසෙන මෙන් සියළුම ලක්වාසී ජනතාවගෙන් මම මේ අවස්ථාවේ දී ඉල්ලා සිටිමි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පරාජිත රජතුමෙනි. ඔය තැටිය පරණ වැඩියි. දාන්නකෝ අලුත් එකක්. කකුලෙන් අදින්න්නේ නැතුව මේ අයට කරන්න දෙන්නකෝ. රටේ දැන් නීතියක් තියෙනවනේ මොනවා නැති වුණත්.ඔයාගේ කාලේ නොතිබුනාට.(අ)
ආයේ අපිව ගොනාට අන්දවන්නද හදන්නේ ?(හේ)
යුද්දය දිනීමට මුවා වෙලා, අපේ රටට ආපකීර්තියක් ගෙනාපු එකම මනුස්සය. (අ)
එ්කීය රටක් වෙනුවෙන් ඔබ කළ දේට අපි ගරුකරනවා (හේ)
මහින්ද මහත්තයා තමයි මේ රටේ වීරයා.(හේ)
පාවා දෙන්න හැදුවට තාම පාවා දුන්නේ නෑනේ.(හේ)
පළමුවත් පවුල, දෙවනුවත් පවුල තෙවනුවත් පවුල ඒකයි දඟලන්නේ (අ)
මහින්ද මහත්තයාගේ කාලේ මිනිස්සු ගොඩක් දියුණු වුණා. අපේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා අලුත් ගෙවල් තුනක් හැදුවා. මම තව දන්නා දේශපාලනයට සම්බන්ද කෙනෙක් අලුත් ප්‍රාඩෝ ජීප් 2 ක් ගත්තා. ලොකු ලොරි 6 ක් ගත්ත. දැන් කිසිම දියුණුවක් නැහැ. මේ අය ඒ කාලේ ලබපු දියුණුව තමයි. (අ)
ඔබ තුමාගේ කාලේ වෙච්ච දේවල් අදාල නැද්ද?(හේ)
ඔබතුමාගේ අගය තේරෙන්න වැඩි කල් යන්නෑ (හේ)
වින්සන්ට් චර්චිල් ලෝක යුද්දේ දිනුව, ඒත් ඊට පස්සේ එංගලන්තේ මිනිස්සු ඔයාට රට හදන්න බැහැ කියල එයාව ගෙදර ඇරිය.ඒ එංගලන්තේ මිනිස්සුන්ගේ හැටි. සුළු ජාතිකයෙක් වෙච්ච බරක් ඔබාමාව ඇමරිකන් මිනිස්සු තමාව පාලනය කරගන්න තෝරා ගන්නවා. ඒ ඇමරිකාවේ මිනිස්සුන්ගේ හැටි. අපේ මිනිස්සු (සම හරක්) දොස්තර තමාගේ බිරිදව බේරගත්ත කියල බිරිදව අපයෝජනය කරන එක සධාරණීය කරනවා. ඒ අපේ මිනිස්සු. ඔය මිනිස්සු දෙගොල්ලගෙන් වඩා බුද්ධිමත් කියල ඔය හිතන්නේ කවුද? (බ)
මුල අමතකවෙන අය ජාතියක් විනාශ වීම වැළැක්විය නොහැක (බ)
ඉතින් කියන්නේ මොනවද හලාල් / හිජාබ් කියලා හරියට අහන්නේ වත් නැතිව මුස්ලිම් මිනිසුන්ට බනින්න පටන් ගත්තේ , එකනේ අපේ සිංහලයාගේ ගතිය. ඉතින් කියන්නේ මොනවද කියලා හරියට අහන්නේ වත් නැතිව බනින්න පටන් ගන්න , එ්කනේ අපේ සිංහලයාගේ ගතිය. (බ)
සනුකි ඔය පොඩ්ඩක් අලුත් විදියට හිතන් පුරුදු වෙන්න. මන්ත්‍රීවරුන්ට ලක්ෂ 90 ක් වටිනා වාහන දෙන්න අනුමැතිය හම්බෙලා. එතකොට ඒවා ඔයාලගේ සල්ලි නෙවෙයිද (අ)
මහින්ද මහත්තයාට දැන් කියන දේ දැන් මතක නෑ.(හේ)
ඔය චන්දන ඔස්ට්‍රේලියා වගේ නම් වලින් අදහස් දාන්නේ කොටි නියෝජිතයෝ. මුන් දඟලන්නේ ඊළඟ ඡන්දෙට කලින් බුද්ධාගමත් විනාශ කරලා රටත් දෙකඩ කරන්න. කවුරුත් රැවටෙන්න එපා (බ)
කවුද මේවට වගකියන්න ඕනෑ? (නි)
හොරු බේරාගන්න නම් මොන සෙල්ලම දාලා හරි බලය ගන්න ඕනෑ. ඒකට හොඳම ආයුධය දේශප්‍රේමයයි (නි)
දැන් ඕවා කිවුවා කියලා වැඩක් නැහැනේ (නි)
දැන් මේ වෙලා තිබෙන සියළු දේවල් වලට වගකියන්න ඕනෑ ඔබතුමා. අන්තිම අවරුදු දෙක තුළ කරන්න ඕනෑ දෙය කළේ නැහැ (නි)
ඉහලින් මෝඩ අදහස් දාපු අයට කියන්නේ. රට වෙනුවෙන් කතා කරද්දී පක්ෂපාති වෙන්න එපා. ඔක්කොටම කලින් රට ගැන හිතන්න. (කෞ)
මහින්ද මහත්තයෝ, ඔබ අතේ තිබෙන ඔය මොන තුරුම්පු කොලේ ගැහුවත් පිට තියන ලොකු තුරුම්පු වලට යටවෙනවා. එමනිසා මේකත් පරාදයි. (නි)
අයියෝ මහින්ද?(හේ)
දැන් නම් මටත් හිතෙනවා මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ නව පරපුරට කොටි නැටුම් වල ත්රාශයේ භිහිතියේ රස විඳින්න තිබු අනගි අවස්ථාව අහිමි කල නරුමයෙක්ම තමයි කියලා. (කෞ)
මේ අදහස් ගොඩක් දාල තියෙන්නේ ආණ්ඩුවේ ඉන්න කට්ටියම තමයි (බ)
යුද්ධය දිනුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ස ආණ්ඩුව නිසා නොවේ අපේ රටේ අභීත රණ විරුවන් නිසයි .(හේ)
පාඨලි, කතාවක් තියෙනවා නේද දැනුම දෙන්න පුළුවන් වුණාට මොළේ දෙන්නන බැහැ කියලා. ඒ කතාව තමයි ඔයාටත් කියන්න තියෙන්නේ. අදහස් පළකරන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න (නි)
ඔබතුමත් මේවට වග කිවයුතුයි.(හේ)
කොහෙද ඒ දවස් වල ඔයා දේශප්‍රේමිත්වය තිබුනේ? අයියෝ මහින්ද...?(හේ)
කොහොමත් ටික දවසකින් හැමෝටම මහින්ද මහත්තය නැතිව බැරි වෙනවා... මහින්දට කරන චෝදනා ඉවර වෙන්න වැඩි කලක් යන්නේ නැහැනේ...(හේ)
මහින්ද මහතාගේ ජය සිකුරුයි (නි)
යුද්ද කළේ ඔබතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව නම් හමුදාව මුකුත්ම කළේ නැද්ද?(හේ)
මහින්ද මහතා අපි කණගාටු වෙනවා සිරිසේන ජනපති කරගත් එකට.(කෞ)
අපේ ගමේ සිමොන් අතාත් ඔය වගේ තම ,දැන් කියනදේ දැන් අමතක වෙලා තව එකක් කියනව ,ඔහොම තමයි මැන්ටල් වෙනකොට (අ)
මේ බලි කටටනම් නිදහසක් නෑ වගේ. කිසිම ලැජ්ජාවක් නැතිව කියවන විදිහක්. පුතා ඇතුලට ගිය නිසා මනස විකුර්ති වෙලා වගේ. අනේ පව් නේද මෙයා. (අ)
චන්දන - ඕස්ට්‍රේලියා, ඔයා ඕස්ට්‍රේලියාවට වෙලා ලංකාවේ දේවල් ගැන කියවන්න එපා. ඇවිල්ලා ලංකාවේ තත්වය බලන්න. අනික ඔයාගේ අදහස් දාන්න කලින් ටිකක් පුවත් කියවන්න.ඔයා ඔහේ ඉඳන් දන්න දෙයක් නැහැ. මහින්ද මහතා වැරදි කළා. ඒ නිසයි එතුමා පැරදුනේ. ඒකත් ලොකු ප්‍රමාණයකින් නෙමෙයි. නමුත් මතක තියාගන්න. එතුමා නිසයි රට මෙපමණ ඉතුරුවුණේ. මහින්ද මහතාට දැනටත් මිනිස්සු මෙපමණ පිරිසක් ඒකරාශීවෙලා ඉන්නවා. නැවත ඡන්දයක් තියන්න මොකද වෙන්නේ බලන්න (නි)
ළඟදීම සීපා ගිවිසුම ගහලා අර පාලමට මුල් ගල තියලා, මේ රට ඉන්දියාවේ හිඟන්නන්ගෙන් පිරිලා ඉතිරිලා ගියාම හදිසියකටවත් හොයාගන්න ලංකාවේ ගැහැණියක් නැතිවෙයි. ඉන්දියාවේ මිනිස්සු ඇවිල්ලා මේකේ පදිං චි වුණාම ඉන්දියාවට සම්පුර්ණම මේ රටේ පාලන අයිතිය නිකම්ම ලැබෙනවා. අපිට ඔයාලට තේරෙයි තව මාස දෙකකින් මහින්ද ජනාධිපතිගේ අගය (නි)
මම වෙනසක් බලාපොරොත්තුවෙන් සහ පහුගිය රජය ගෙන කලකිරී හංසයාට ඡන්දය දුන්නේ, (හේ)
වසර තිහක් තිස්සේ රටේ තිබුණු යුද්ධය ඇති කළ සහ එයින් වවාගෙන කෑ අය, වටිනා තරුණ ජීවිත දහස් ගණනක් නැති කරමින් වධකාගාර පවත්වාගෙන ගිය අය, මූල්‍ය වංචා කරමින් කෝටි ගණන් දැනටත් රටට නැති කරමින් සිටින අයටත් වඩා, රටට හානියක් කළ කෙනෙක් වගෙයි මහින්ද. ඕස්ට්‍රේලිය චන්දන වගේ අයට ඉන්න ලොකුම හතුරා මහින්ද. ඔබ මහින්ද පරාජය කිරීමෙන් බලාපොරොත්තුවෙන ජය හිතන තරම් මිහිරි නොවෙන බව හිතට ගන්න. (නි)
පාඨලී සනුකිල වගේ අයට අනුකම්පා කොරන්න(කෞ)
බුදු අම්මෝ මෙන්න මහින්ද මහත්තයා ආයේ ගමනක් අපේ රට බේරා ගන්න හදනවෝ! (හේ)
බණ්ඩාර යුද්දය තිබුනානම් කොච්චර හොඳයිද නේද (කෞ)
ඔබතුමා ගොඩක් පරක්කු වැඩියි.(හේ)
දැන් විදුලි පුටුව නැද්ද දන්නේ නැහැ.(හේ)
එතුමා පැහැදිලි කරන දෙය තේරුම් ගැනීමට තරම්වත් බුද්ධියක් නැති අපේ රටේ පිරිසක් ඉන්නවා.(හේ)
ආණ්ඩුව රට පාවා දීල ඉවරයි දැන් ජාතක ගීයත් දෙමලෙන් කියනවා. ඉඩම් ටිකත් දුන්නම වැඩේ අහවරයි (කෞ)
යමු ඉදිරියට මහින්ද මහතාණෙනි. මුළු ලංකාවේම බහුතරය ඔබ සමඟයි. (නි)
ඔහොමවත් කියලා බලය ගන්න බලමු. (ර)
මහා මිනිස් ඝාතකයා විනාශ කරවූ ඔබතුමා, ඔබ වටාසිටි දූෂිතයන් සහ දරුවන් මෙල්ල කරගත්තා නම්, මේ රටේ සියලු දෙනාටම ආගමික නීති මඟින් නොව පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මත වෙන නීති යටත් ජීවත්වීමට සැලැස්වූවා නම් අද රටට මෙහෙම වන්නේ නැහැ. විදේශිය කොටි හිතවතුන්ගේ පදයට නටන රූකඩ වෙන්නේ නැහැ. මේවාට වැඩියෙන්ම වගකිවයුත්තේ ඔබතුමා. දැන්වත් කළ වරද නැවත සිදුවීමට ඉඩ හොතබන්න. (නි)
ආලෝක ඔබගේ අදහස ඉතා අගය කරනවා. ලංකාවේ මිනිස්සු මෝඩ නැත්නම් විමල් කියන හැම දෙයක්ම මේ විදිහට විස්වාස කරයිද. විමල් කිවුවොත් මේ ආණ්ඩුව හදන්නේ ඉර පායන එක නතර කරන්න කියල ඒකත් විස්වාස කරයි. ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩ මොකද කියල තේරෙන්නේ නැහැ (අ)
එහෙම වත් කියා ආයේ බලයට එන්න දගලනවද ? (ර)
තවම බල ලෝබය ගිහින් නැහැ. (ර)
මෙතන අදහස් පල කරන (සම හරක්) මහින්දවාදීන්ට විතරයි මහින්ද නැතුව බහ කියන්නේ. ලංකාවේ මිනිස්සු බහුතරයකින් දෙවරක් මහින්දව පරද්දල පෙන්වල තියෙනවා එය තවදුරටත් රට පාලනය කිරීමට අවශ්‍ය නැහැ කියල. මහින්දවදීන්ගේ මතය රටේ බහුතර මතය නොවේ (අ)
අනේ මහින්ද මහත්තයෝ අයෙ එන්න. දුක් විදින අපිව බේරගන්න. ඔබ තුමා තනි තිරනේකට එන්න. ඔබ තුමාට හොද සෙනගක් ඉන්නවා. ඔබට මුළු රටම ආදරේ කරනවා. (ර)
මෙතුමා තමන්ගේ වැරදි හදාගත්තනම් මේ මොකුත් වෙන්නේ නැහැනේ. (ර)
ඇයි මේ බලය ලබා ගන්න මෙතරම් මහන්සි වෙන්නේ.(හේ)
බමුණු , මහින්ද මහත්තයට දැන් බලය හම්බෙනවා කිව්වොත් දමිල බසින් විතරක් උනත් ජාතික ගීය ගයයි. (කෞ)
මෙවැනි දේවල්වලට ජනතාව රැවටෙන්නේ නැති බව ඡන්ද දෙකක පරාජයකින් පසුවවත් තෙරුන් අරන් නැති එකයි මගේ කණගාටුව. (ර)
මොන එකටත් එකම දේ දේශප්‍රේමය. (ර)
අපගේ උත්තමාචාරය ඔබ තුමාට.(හේ)
ඔබතුමා අපිට ඕනේ. (ර)
හොරකම් කළ වස්තුව ආපසු ගත හැකී නමුත් රට ගියොත් ආපසු ගන්න බැහැ. එම නිසා ඒ ගැන විමසිලිවන්න. (හේ)
අලුත් පක්ෂයක් හදල පාඩමක් උගන්වමු මගේ පුර්ණ සහයෝගය 2020 වෙනකොට ලැහැස්තිවෙමු . දැනට අපි ආණ්ඩුවට වැඩ කොරගෙන යන්න සහය දෙමු !(හේ)
මෙතුමා කියන්න කලින්ම අපිට ඒක තේරිලා තියෙන්නේ. හෙට අනිද්දා සීපා ගෙනාවහම අපේ මිනිස්සුට තියන රැකියා ටිකත් අහිමි උනහම තෙරෙය් මෙතුමා මේ කිව්වේ මොනවද කියලා. (ර)
අනිත්‍ය දුක අනාත්ම බව තේරුම් ගත්තේ නැතුව නිකන් බොරුවට දගලන්න එපා, ලින්කන්, රේගන්, තචේර්, නෙල්සෝන් මන්ඩෙලත් ගෙදර ගියානම් ඉතින්... (ර)
වෙන ඒවා වැඩක් නැහැ. මේ ප්‍රකාශය බුද්ධියෙන් කියෙව්වහම ඇති. (ර)
නාමල් ගුණපාල හිරාන්...මහින්ද මහතා පිලිබදව අමල් ගේ වගේම මගෙත් දැඩි විවේචන තියෙනවා. අපි හංසයාට ඡන්දෙ දුන්නේ ඒකයි. නමුත් මේ වෙලාවේ ඔහු දක්වා තියෙන අදහස් තාර්කිකව හිතා බලන්න. ඇස් වහගෙන අන්ධානුකරණයෙන් බලන්නේ නැතුව. මෙතන තියෙන්නේ දේශපාලනය නොවේ. (ර)
පාවා දෙන්න කලින් බේර ගන්නයි ඕනේ නේද අසංක..(හේ)
කවුද මේ චන්දන කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න. ලෝකයේ වෙන දේවල් හරියට නොදැන ලියන්නේ. ලංකාවට ඔය තරම් ආදරයක් තියෙනවා නම් ලංකාවට ඇවිල්ලා ජීවත්වෙන්න (නි)
මෙතුමාගේ යුගය මෙතුමාට අමතකවෙලා වගේ. මෙතුමාගේ කාලයේ විදේශ සේවාව මොකද්ද කලේ? (ර)
අපේ ජනතාව හැගීම්වලට තැන දී කරන ප්‍රකාශවලට පහසුවෙන්ම රැවටෙන කොට්ඨාසයක්. (ර)
ඉදිරියටත් හොද හොද දේ දැන ගන්න පුළුවන්.(හේ)
දැන් අපිට තේරෙනවා අපි කරපු මෝඩකම (නි)
පළමුවෙන් තමන්ට තමන්ගේ පවුලේ ඇයට තිබෙන සාධාරණ චෝදනා වලට උත්තර දෙන්න (ම)
මහින්ද ජනාධිපතිතුමනි, දැන් නැගිටීමට කාලය හරි. ලෝකයේ පැරදිලා වසරක් ගිහිල්ලත් වැඩියෙන්ම කතාවෙන පුද්ගලයා මහින්ද. (නි)
බමුණු, බමුණෙක් වගේම හිතන්න එපා. මීට පෙර ජාතික ගීය දෙමළෙන් කියලා නැද්ද කියලා හොයලා බලන්න. ජාතික ගීය කියන්නේ මුළු ජාතියටම අදාළ එකක්. ඒක තනිකරම සිංහලයන්ගේ ගීයක් වුණා නම් කියන්න තියෙන්නේ සිංහල ගීය කියලනේ. ව්‍යවස්ථාවේ දෙමළ පරිවර්තනය වලංගුයි නම් ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමේ ඇති වැරැද්ද මොකද්ද? (නි)
ඔබ තුමා නැති අඩුව දැන් අපිට හොදටම තේරිලා තියෙන්නේ. කව්රු පාර හරස් කැපුවත් ඔබ තුමා තරම් වීර නායකයෙකුට වල කපන්න කාටවත් බැහැ. එකනේ මේ දරුවන්ටවත් ඉන්න නොදෙන්නේ. අපි හැමදා ඔබතුමා සමගයි. (ර)
ඔබතුමා යලි එන්න ඕනි. (ර)
මහින්ද මහත්තයෝ මේක ලංකාවේ ආණ්ඩුවට ඕන විදිහට කරගන්න අවසර දීලා තියන්නේ, ඔබ දැන් විශ්‍රාම යන්න ජනතාවට සියලු දේවල් පැහැදිලියි. (ර)
අපි වෙනම පෙළ ගැහෙන්නම්. ඔයා ඉස්සරහින් ඉන්න ඕන නෑ. (ර)
දිල්ශාන්, කලබල වෙන්න එපා. රට දෙකට කඩන්න පුළුවන් පපඩමක් වගේ එකක් නොවෙයි. බුද්ධාගම කියන එක කාටවත් කවදාවත් විනාශ කරන්න පුළුවන් එකකුත් නොවෙයි. ඡන්දෙයි, බුද්ධාගමෙයි, රට දෙකට කැඩිල්ලෙයි ඇති සම්බන්ධයකුත් නැහැ. (නි)
කියන්න දේවල් දැන් ගොඩක් තියෙනවනේ.(හේ)
ඉතින් කියන්නේ මොනවද කියලා හරියට අහන්නේ වත් නැතිව බනින්න පටන් ගන්න , එකනේ අපේ සිංහලයාගේ ගතිය.(හේ)
තාන්හාව නසී (හේ)
දගලන්න දගලන්න තොණ්ඩුව හිරවෙනවා. මහින්දට වෙන්නෙත් ඒකම තමා. ඔය රණවිරුවෝ රණවිරුවෝ කියල අපිව විකුනම් කන්න එපා. (අ)
අලුත් පක්ෂයට වහෙන් ඔරෝ වලංගු භාවයක් ඇති කරගන්න වගේ.(හේ)
ඔබ තුමා වැරැදි නිසානේ ඔබ තුමාට ජනතාව තීන්දුවක් දුන්නේ.(හේ)
මහින්දට මිනිස්සු අදරෙලු මුළු රටම. ඇයි එහෙ නම් පැරදුනේ මෙයාලා.කැමති හින්දද අනේ.සරත් ෆොන්සේකාව බලෙන් උස්සගෙන ගිහිල්ල හිරේ දැම්මේ දැන් රණවිරුවන් ගැන දුක කියනවා.(අ)
රට පාවාදෙන්න හදන පිරිසට වඩා වලිකනවා රට පවාගන්න දගලන පිරිස.(අ)
කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.අවංක මිනිස්සු කියන දෙයක් නම් සලකල බලන්න. නැත්නම් ඇහුන්නේ නැහැ වගේ ඉන්න. (හේ)