
(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව මර්ධනයෙන් රාජ්‍ය පාලනය කරමින් සිටින බවත් ආණ්ඩුව අඛණ්ඩව මේ ආකාරයෙන් කටයුතු කළ හොත් රාජ්‍ය බිඳවැටී රට තවත් ආමාරුවේ වැටෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (17) පැවසීය.
නාමල් රාජපක්‍ෂ මහතා බත්තරමුල්ල, නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී අද (17) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ආණ්ඩුව එක පැත්තකින් දේශපාලඥයන් ද අනෙක් පැත්තෙන් රාජ්‍ය සේවකයන් සහ බුද්ධි අංශ නිලධාරීන් ද, මර්ධධනය කරමින් සිටින බව දද නාමල් රාජපක්‍ෂ මහතා කීය.
මෙරට බුද්ධි අංශ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සහ මෙවාවන් පිළිබඳව ආණ්ඩුවට පැහැදිළිව තේරුම් ගැනීමට නොහැකිව තිබෙන බවත් ආණ්ඩුව සියල්ලම පටලවාගෙන ‘ඩයස්පෝරාව’ හෝ වෙනත් තුන්වැනි පාර්ශවයක බලපෑමත මත බුද්ධි අංශ මර්ධනය කරන තත්වයකට ආණ්ඩුව පරිවර්ථනය වී ඇති බවත් ඒ මහතා කීය.
එම ක්‍රියාකළාපයට හේතුව ආණ්ඩුවේ නොදනුවත්කම හෝ එසේ නොවේ නම් ‘ඩයස්පෝරාවේ’ උවමනාව මත සිතාමතා බුද්ධි අංශ මර්ධනය කරනවා වියහැකි බව කී නාමල් රාජපක්‍ෂ මහතා ‘යහපාලන’ ආණ්ඩුව කාලයේ ද මේ ආකාරයටම බුද්ධි අංශ, දේශපාලඥයන් සහ රාජ්‍ය සේවකයා මර්ධනය කළ බව ද ඒ මහතා කීය.
බන්ධනාගාරයේ සිද්ධිය පිළිබඳව අධිකරණ අමාත්‍යවරයාගේ ස්ථාවය පිළිබඳව පරීක්‍ෂණයක් නොමැති අතර අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා සම්බන්ධයෙන් ද පරීක්‍ෂණ නොමැති බවත් සමාව දීමට අවසානයේ රටේ ජනාධිපතිවරයා අස්සන් කර තිබියදී බන්ධනාගාර නිලධාරීන් ගැන පරීක්‍ෂණ කරන බවත් ඒ මහතා කීය.
ජනාධිපතිවරයාට ලිපිය දුන් ජනාධිපති ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයාට අධිකරණ අමාත්‍යවරයා හරහා එම අමාත්‍යංහයේ ලේකම්වරිය ලිපිය එවූ බව කී නාමල් රජපක්‍ෂ මහතා පැවසුවේ මෙම සිද්ධියේ ඉහළ නිලදාරීන් පසක තබා ආණ්ඩුවේ වැරැද්ද වසා ගැනීමට පහළ නිලධාරීන් පිළිබඳව පරීක්‍ෂණ කරන බව ද සඳහන් කළේය.
කන්ටේනර් සිද්ධිය පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවෙන්ම එය කරඇති ක්‍රමවේදය වැරදි යැයි සඳහන් කර ඇති බවත් වර්තමාන ආණ්ඩුව නිලධාරීන් ලවා පසුගිය කාලය රතු කන්ටේනර් නිදහස් කළ බවත් ඒ මහතා කීය.
මෙම වැරැද්ද වසාගැනීමට ද නිලධාරීන් මර්ධනය කිරීමට අනිවාර්යෙන් ආණ්ඩුව කටයුතු කරන බවත් ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට එක පැත්තකින් දේශපාලඥයන් ද, අනෙත් පැත්තෙන් නිලධාරීන් ද මර්ධනය කරන බවත් නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.
ආණ්ඩුව ඊළගට පුරවැසියා මර්ධනයට කිරීමට කටයුතු කරන බව කී නාමල් රාජපක්‍ෂ මහතා පැවසුවේ කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා පත්කිරීමට විවෘත ඡන්දයක් ඉල්ලා සිටි මන්ත්‍රීවරියට පහර දී ඇති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියලු කාරනා වෙනුවෙන් නීතිඥයන් වශයෙන් ඔබ නඩු ගොනු ගොණුකාර ඔවුන්ට සාදාරණ ඉටුකරවා දෙන්න
තොපිට හරියන්නේ එහෙම තමයි
සිහිනෙන් සුදු වෑන් පේනවා නම්....අප්පච්චි, බාප්පලා,, ලොකු අප්පච්චිලා ගෙන් අහන්න...
හැබෑට. අර තාජුදීන් කොලුවා මරපු වෙලේ ඔහේ කොහේද හිටියේ...? ආහ් තව ලසන්ත වික්‍රමතුංග මහ දවල් මරලා ගිය වෙලේ, රාජ්‍ය ත්‍රස්තවාදය ගැන කෙළ බිඳක් හැලුවේ වත් නෑනේ. මොකෝ ඔහේ නිදන්ද උන්නේ...?
තාරුණ්‍යයට හෙටක්, ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය.., ආසියාවේ ආශ්චර්ය සෞභාග්‍යයේ දැක්ම කියලා බොරුවෙන් ජනතාව රවට්ටපු බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවන්ට අමු කැවිලා. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු, කැළෑ නීතිය රජ කරවපු අය, මාධ්‍යවේදීන් ඝාතනය කෙරුවේ, තාජුඩින්ව අමානුෂික විදියට ඝාතනය කෙරුවේ කවුද කියලාවත් මතක නැහැ. රටේ යුක්තිය නීතිය සාධාරනය විනාශ කරලා, මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කරලා, ජනතාවගේ රීර්‍ර් මාන්ස හූරාගෙන කාපු ලේ මාපිල්ලු දැන් රාජ්‍ය මර්දනය ගැන කතා කරනවා.
අනේ යන්ඩ මෙයා යන්න" රටේ මහජනතාවට කෙලින්න ඕනෑ කෙලවලි ඔක්කෝම කෙලලා මහජනතාවගේ සල්ලි වලින් දහ අට පාලියම නටලා රටයි, මිනිස්සුයි හිඟමනට පත්කරලා තමනුත් කෙලවාගෙන දැන් එනවා අපට අන්ඩර දෙමළ කතා කරන්න. තවමත් ඔහේලා හිතාගෙන ඉන්නේ අපි තණකොළ කන හරක් කියලා.
මෙම ප්‍රකාශය කරද්දී මොහු රෙද්දක් ඇඳගෙන සිටියේද? නැද්ද? යන්න සඳහන් නොවීම මෙම පුවතේ බලවත් අඩුපාඩුවකි...
දූෂිත පව්ල් ආණ්ඩුව රාජ්‍ය පාලනය කරපු හැටි ලෝකෙම දන්නවා. රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවෝ අල්ලන කොට හොර පෙරකදෝරුවා හිතාගෙන ඉන්නේ ආණ්ඩුව මර්දනයෙන් රාජ්‍ය පාලනය කරනවා කියලා...
ඒ දවස්වල විරුද්ධ පක්ෂේ මන්ත්‍රී ලා සුදු වෑන් එකෙන් සවාරි යැව්වා නේද පොඩි මයිනෝ? එතකොට ඒවා හොඳයිද?
ඔබගේ පියා, බාප්පා ඇතුළුව පොහොට්ටු කට්ටිය කරපු විදිහ හොඳද? අපි තමයි හොඳටම කළේ නේද?
සාටකයෝ ටික එකතු වෙලා රටම පාලනේ කරපු හැටි ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.ජනතාව පන්නලා දැම්මේ කරපු වැඩවල හොන්දකමට වෙන්ඩැති.
ඉස්සර නුබලා රට කරනකොට ජනතාව බෝඩ් උස්සන් මහපාරේ. එහෙම නැත්නම්. සුදුවෑන් වලින් අරන් ගිහින් මරලා දාලා. උබලට ඉහලින් වචනයක් කතා කෙරුවා කියලා තමයි එහෙම මරලා මිනිස්සු මට්ටු කෙරුවේ පිනා. කදුලූගෑස් වලින් තොර ලෝකයක් නැහැ. එවට කටවහගන හිටියා ජනතාව අපාදු ක් විදිනකොට. දැන්. මෝඩ බේබිලා. ගෝබ්බ රැල අපා දුක් විදිනවා. ඉස්සර සැප නැති නිසා. ඔය කියන දේවල් බෝඩ් වල ලියා ගන අනිත් ගොබ්බ රැලත් එකතු කරන්. ඒන්න මහ පාරට. ජනාතාවට නොකෑවත් බඩ පිරෙනවා. හොර ගොබ්බයො හිරේ යන විදියට. උබලා රට කෙරුවේ. පුලුවන් තරම් හොරා කකා පගා අරන් මිනිස්සු තිරිසන් විදියට ජිවත් වුනා. බඩ ගින්න වැඩිකමට මනුස්ස කමත්. අත ඇරලා තිරිසන් නු වගේ. එහෙම රටක් මේ බලන් ඉද්දි හැදෙන්නෙ. උබට පේන්නෙ මරදනය. කරනවා වගේද අම්මිට. කියලා ඔඩොක්කුවේ දාන් නලව ගන්න. අම්මි තාත්ති මාමි බාප්පි. නැන්දී ආච්චි. සේරම එකට හිර ගෙදර යන දවස ලගයි දැන් සැපද.
මේ මිනිහට තවම තියෙන්නේ තාත්තා කරපු පාහර වැඩ වල මතක වගේ.
මේකේ කොමන්ට්ස් දාන ජේප්පෝ ඒ කාලෙත් එහෙම කලා මෙහෙම කලා කියනවා. ඒත් ඔවුන්ට අමතකයි ඔවුන් චන්දේ දුන්නේ ඒවා ආයේ නොකරන්න මිසක් ඔවුන්ගේ ආණ්ඩුව ලවාත් ඒවා කරවන්න නොවන බව. හැබැයි කියන්න ඕනේ ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මුල් මාස 8 ට මේ තරම් දූෂිත උනේ නෑ.