පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් සහෝදරයාට ලංකාවේ ජීවත් වීමට සහ දේශපාලන කටයුතු වල නිරත වීමට ඇති අයිතිය ලබා නොදීමට පමණක් නොව එම අයිතිය ඉල්ලා සිටින්නන් මර්දනය කිරීමටද වත්මන් හවුල් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පෙරටුගාමී සමාජයවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.
කුමාර් ගුණරත්නම් පිටුවහල් නොකරන ලෙසත් ඔහු ලංකාවේ පුරවැසියෙකු ලෙස පිළිගන්නා ලෙසත් බල කරමින් කොටුව දුම්රියපල ඉදිරියේ නොවැම්බර් 13 දින සිට පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවය නැවැත්වීම සඳහා පොලිසිය අධිකරණ නියෝගයක් පතා ඇතැයි ද ඔහු පවසයි.
‘මෙම උද්ඝෝෂණය සඳහා අට්ටාලයක් ඉදි කිරීම සම්බන්ධයෙන් පොලීසිය නඩුවක් පවරා ඇති අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන්ට මෙන්ම කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ නැගණියට සහ තවත් වාමාංශික පක්ෂ ක්‍රියාකාරීන්ට අද (18) උසාවියට කැඳවා ඇත. දුමින්ද නාගමුව, ධර්මසිරි ලංකාපේලි, නිරන්ජනී ගුණරත්නම්, අජිත් කුමාර සහ සංජීව බණ්ඩාර ද ඒ අතර වෙති.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි නම් ඕවට මොකුත් කියන්නේ නැහැ (නි)
දැන් ඔය ද්විත්ව පුරවැසිභාවය තියෙන අයට මෙහෙ පුරවැසිකම වලංගු කරනවයි කිව්වා නේද?(හේ)
ඔහු කොටි ත්‍රස්තවාදීන් ටත් වඩා දරුණු කෙනෙක්ද ? (ම)
මට නම් කියන්න දෙයක් නැහැ (නි)
මේ ප්‍රශ්නයේත් අවසානයක් නැති හැඩයි (නි)
මේක ත්‍රස්තවාදීන් ගේ ක්‍රියා කලාපයන් සාධාරණීකරණය කරන්න යනවා වගේ වැඩක්. හොර පාස්පෝට් වලින් රටට අාපු එක වැරද්දක් නොවේ කියලද කියන්නේ. එය ඔස්ට්‍රේලියාවේ පුරවැසියෙක් නම් අපේ රටේ එයාට තියන දේශපාලන වැඩ මොනවද. ද්විත්ව පුරවැසි හිමිකම් නැති කළ යුතුයි. ද්විත්ව පුරවැසිකම් තියන අයට ලංකාවේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම් තහනම් කළ යුතුයි (බ) .
මේ අයට තේරෙන්නේ නැත්තේ ඇයි කුමාර් ආගමන විගමන නීති කැඩුව බව. ඒවාගේම ඔහුට දේශපාලනය කරන්න නම් ඔහු ශ්‍රීලංකාවේ පුරවැසිභාවය ලබාගත යුතුබවත්. බොරු සටන් පාඨ නැතිව ලංකාවේ නීතියට ගරුකරලා වැඩකරන්න. එතකොට ජනතාව තේරුම් ගනියි වැරුද්ද කරන්නේ කවුද කියලා. (ස)
අදමනේ ඇහුවේ උද්ඝෝෂණය කළාම විජාතිකයෙක්ව ලංකාවේ කියලා පිළිගන්න පුළුවන් කියලා. එහෙනම් පුරවැසිභාවය, වීසා එහෙම ඕන නැහැ.(ම)