දිවි පරදුවට තබා රට නිදහස් කරගත් රණවිරුවන් ත‍්‍රස්තවාදීන් ලෙස සලකමින් තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමට ආණ්ඩුව ගන්නා උත්සාහය නයාට ගසා පොල්ල වරද්දා ගැනීමක් බව පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ දී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
දේශපාලනය වෙනුවෙන් රණවිරුවන් දඩයම් කිරීම සම්බන්ධයෙන් රජයට ජනතාවගෙන් කිසිදු සමාවක් නොලැබෙනු ඇතැයි කී මන්ත‍්‍රීවරයා එය මේ ආණ්ඩුවේ අවසානයට හේතුව වනු ඇතැයි ද සඳහන් කළේය.
අයවැය ගැන ඡෙන්දය විමසීමට පෙර මුදල් ඇමතිවරයා කළ අවසන් කතාවේදීත් එයට සංශෝධනය එක් කළ නිසා අයවැය පිළිබඳ යළිත් විවාද කර එය සම්මත කරගත යුතු බව ද ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හැබෑට මේ වගේ කතා? (නි)
හමුදා නිලධාරීන් වූ පමණින් නීතියට උඩින් ඉන්න බැහැ. වැරැද්දක් කර තිබෙනවා නම් ඒක තීරණය කරන්නේ අධිකරණය. ආණ්ඩුව නෙවෙයි. ඒක මේ නීතිඥයෙක් වූ මෙයා දන්නේ නැද්ද? (නි)
මොනවද මන්දා මේ කියන්නේ! (ර)
ඔබට අපගේ සහයෝගය. (ර)
අපේ සම්පුර්ණ සහය. (ර)
තිලක් ඩුබායි, ඒක තමා සාමයට අත දිගුකළේ හැම රජයක්ම. සමහරු ඉන්නවා ඒක තේරුම් ගත්තේ නැති. (නි)
ඕවට රැවටෙන අය දැන් අඩුයි (නි)
පෙරේරා ඔබට සිංහල තේරෙන්නේ නැද්ද? (බ)
දැන් බොහෝවිට වෙන්නේ ඇමෙරිකාව සහ ඉන්දියාව කියන දේ. (නි)
දැනටමත් වදද්දගෙන ඉවරයි. (ර)
පොල්ල ගැන දන්නෙත් නැ, නයා ගැන දන්නෙත් නෑ. (ර)
හමුදා නිලධාරීන් හෝ කවුරුන් හෝ වරදක් කර ඇත්නම් නීතියෙන් දඩුවම් ලැබියයුතු බව නීතීඥයෙකු වන ගම්මන්පිල දන්නේ නැත්ද? (ර)
රැවටෙන කාලේ ඉවරයි. (ර)
හොරාට පෙර කෙසෙල් කැන වැට පනී. (ර)
නාමල් ඒකද....ලංකාවම ගිනිතියපු . ත්‍රස්තවාදීන් නිදහස් කරන ගමන් රට වෙනුවෙන් දිවි පරදුවට තියපු රණ විරුවන් ඇතුලට දක්කන්නේ...(බ)
හමුදාව කරන්නේ අණ පිළිපදින එක, එතකොට ඔය වැඩ කරන්න කියාපු අය දැන් සැපට ඉන්නේ, එයාලව අල්ලගන්න. (බ)
පුර්ණ සහයෝගය. (ර)
ඕනෑ එකටයි එපා එකටයි ඔක්කොටම හමුදාව යොදාගන්න ගිහින් තුරුම්පු අවසන්වෙලා අන්තිමට අමාරුවේ වැටෙන්න නම් එපා (නි)
සිංහලයට වැඩි කල් මතක තියෙන්නේ නැහැ ප්‍රභාකරන් කිවුවේ කට කහනවට නෙමෙයි ජාතියත් පාවල දෙන කුහක මිනිස්සු දැන් රටේ ඉන්නේ (බ)
ඔය මහත්තයට වැරදුනේ අර රුපියල් සීයේ පොල්ලනේ . මයේ හිතේ ඒ ගැන වෙන්න ඇති මේ කියවන්නේ. (බ)
හීනෙන් බයවෙනවා (බ)
ඕවා කළේ කාගෙත් අනුමැතියෙන් බව කරුණාවෙන් සලකන්න (බ)
එතකොට ත්‍රස්තවාදී නායකයන් නිදහස් කළේ, තනතුරු දුන්නේ මොනවා ලැබෙනවටද? (නි)
ඉදිරියේදී බලමුකෝ සිද්ධවෙන්නේ මොකක්ද කියලා (නි)
ලංකාවේ සිංහල යැයි කියාගන්නා සමහර කළු සුද්දන්ගේ හම ජනතාව ගළවන කාලය වැඩි ඈතක නොවන බව හැඟේ. (නි)
දැන් කතා ඇති මහත්තයෝ (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
වැරදි කළ අයට දඬුවම් ඉදිරියේදී ලැබෙයි. (නි)
විෂඝෝර සර්පයා දැක නාරු මෝඩයා කියලත් ජනවහරේ කියමනක් තියෙනවානේ. (නයා විෂඝෝර සර්පයෙක් නේද) (නි)
නාමල්, ඒ නිලධාරීන් කළ වැරැද්ද ත්‍රස්තවාදීන් නැතිකළ එකද? (නි)
කතාව නම් නියමයි හොඳේ! (නි)
ත්‍රස්දවාදීන් නැතිකළ එක එක කාරණාවක්. මොළය තිබෙන මින්සුන්ට නම් තේරෙන්න ඕනෑ මේ කරන්නේ අපරාධකාරයින් කොටුකිරීම පමණයි කියලා. (නි)