දිවි පරදුවට තබා රට නිදහස් කරගත් රණවිරුවන් ත‍්‍රස්තවාදීන් ලෙස සලකමින් තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමට ආණ්ඩුව ගන්නා උත්සාහය නයාට ගසා පොල්ල වරද්දා ගැනීමක් බව පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ දී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
දේශපාලනය වෙනුවෙන් රණවිරුවන් දඩයම් කිරීම සම්බන්ධයෙන් රජයට ජනතාවගෙන් කිසිදු සමාවක් නොලැබෙනු ඇතැයි කී මන්ත‍්‍රීවරයා එය මේ ආණ්ඩුවේ අවසානයට හේතුව වනු ඇතැයි ද සඳහන් කළේය.
අයවැය ගැන ඡෙන්දය විමසීමට පෙර මුදල් ඇමතිවරයා කළ අවසන් කතාවේදීත් එයට සංශෝධනය එක් කළ නිසා අයවැය පිළිබඳ යළිත් විවාද කර එය සම්මත කරගත යුතු බව ද ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
532
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ආණ්ඩුව නයාට ගසා පොල්ල වරද්දාගන්න හදනවා‘
ශානක Tuesday, 22 December 2015 03:08 AM
අනේ හැබෑට මේ වගේ කතා? (නි)
හිමාල් Tuesday, 22 December 2015 03:24 AM
හමුදා නිලධාරීන් වූ පමණින් නීතියට උඩින් ඉන්න බැහැ. වැරැද්දක් කර තිබෙනවා නම් ඒක තීරණය කරන්නේ අධිකරණය. ආණ්ඩුව නෙවෙයි. ඒක මේ නීතිඥයෙක් වූ මෙයා දන්නේ නැද්ද? (නි)
කේ පෙරේරා Monday, 21 December 2015 11:51 AM
මොනවද මන්දා මේ කියන්නේ! (ර)
කපිල Monday, 21 December 2015 12:07 PM
ඔබට අපගේ සහයෝගය. (ර)
ශානි Monday, 21 December 2015 12:26 PM
අපේ සම්පුර්ණ සහය. (ර)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 22 December 2015 04:51 AM
තිලක් ඩුබායි, ඒක තමා සාමයට අත දිගුකළේ හැම රජයක්ම. සමහරු ඉන්නවා ඒක තේරුම් ගත්තේ නැති. (නි)
සරත් Tuesday, 22 December 2015 04:51 AM
ඕවට රැවටෙන අය දැන් අඩුයි (නි)
ශාන් Monday, 21 December 2015 12:35 PM
පෙරේරා ඔබට සිංහල තේරෙන්නේ නැද්ද? (බ)
සුනිල් Tuesday, 22 December 2015 04:49 AM
දැන් බොහෝවිට වෙන්නේ ඇමෙරිකාව සහ ඉන්දියාව කියන දේ. (නි)
මොහාන් Monday, 21 December 2015 12:52 PM
දැනටමත් වදද්දගෙන ඉවරයි. (ර)
සමන්ත Monday, 21 December 2015 01:11 PM
පොල්ල ගැන දන්නෙත් නැ, නයා ගැන දන්නෙත් නෑ. (ර)
නාමල් Monday, 21 December 2015 01:12 PM
හමුදා නිලධාරීන් හෝ කවුරුන් හෝ වරදක් කර ඇත්නම් නීතියෙන් දඩුවම් ලැබියයුතු බව නීතීඥයෙකු වන ගම්මන්පිල දන්නේ නැත්ද? (ර)
අසාද් Monday, 21 December 2015 01:24 PM
රැවටෙන කාලේ ඉවරයි. (ර)
නිමල් Monday, 21 December 2015 01:27 PM
හොරාට පෙර කෙසෙල් කැන වැට පනී. (ර)
මහින්ද ආර් කිතුල්ගොඩ Monday, 21 December 2015 01:53 PM
නාමල් ඒකද....ලංකාවම ගිනිතියපු . ත්‍රස්තවාදීන් නිදහස් කරන ගමන් රට වෙනුවෙන් දිවි පරදුවට තියපු රණ විරුවන් ඇතුලට දක්කන්නේ...(බ)
කුමාර් (ගල්ෆ්) Monday, 21 December 2015 02:07 PM
හමුදාව කරන්නේ අණ පිළිපදින එක, එතකොට ඔය වැඩ කරන්න කියාපු අය දැන් සැපට ඉන්නේ, එයාලව අල්ලගන්න. (බ)
අකලංක Monday, 21 December 2015 02:22 PM
පුර්ණ සහයෝගය. (ර)
සඳුන් Monday, 21 December 2015 02:33 PM
ඕනෑ එකටයි එපා එකටයි ඔක්කොටම හමුදාව යොදාගන්න ගිහින් තුරුම්පු අවසන්වෙලා අන්තිමට අමාරුවේ වැටෙන්න නම් එපා (නි)
ධනුෂ්ක Monday, 21 December 2015 02:35 PM
සිංහලයට වැඩි කල් මතක තියෙන්නේ නැහැ ප්‍රභාකරන් කිවුවේ කට කහනවට නෙමෙයි ජාතියත් පාවල දෙන කුහක මිනිස්සු දැන් රටේ ඉන්නේ (බ)
ජූඩ් විජේසිංහ Monday, 21 December 2015 02:44 PM
ඔය මහත්තයට වැරදුනේ අර රුපියල් සීයේ පොල්ලනේ . මයේ හිතේ ඒ ගැන වෙන්න ඇති මේ කියවන්නේ. (බ)
අජිත් Monday, 21 December 2015 02:55 PM
හීනෙන් බයවෙනවා (බ)
ජනහිත Monday, 21 December 2015 03:32 PM
ඕවා කළේ කාගෙත් අනුමැතියෙන් බව කරුණාවෙන් සලකන්න (බ)
තිලක්-ඩුබායි Monday, 21 December 2015 03:44 PM
එතකොට ත්‍රස්තවාදී නායකයන් නිදහස් කළේ, තනතුරු දුන්නේ මොනවා ලැබෙනවටද? (නි)
ප්‍රනාන්දු Monday, 21 December 2015 04:09 PM
ඉදිරියේදී බලමුකෝ සිද්ධවෙන්නේ මොකක්ද කියලා (නි)
ප්‍රනාන්දු Monday, 21 December 2015 04:25 PM
ලංකාවේ සිංහල යැයි කියාගන්නා සමහර කළු සුද්දන්ගේ හම ජනතාව ගළවන කාලය වැඩි ඈතක නොවන බව හැඟේ. (නි)
රුචිර Monday, 21 December 2015 05:46 PM
දැන් කතා ඇති මහත්තයෝ (නි)
රිතික් Monday, 21 December 2015 05:41 PM
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
රන්ජිත් Monday, 21 December 2015 05:41 PM
වැරදි කළ අයට දඬුවම් ඉදිරියේදී ලැබෙයි. (නි)
සමන්ති Monday, 21 December 2015 06:10 PM
විෂඝෝර සර්පයා දැක නාරු මෝඩයා කියලත් ජනවහරේ කියමනක් තියෙනවානේ. (නයා විෂඝෝර සර්පයෙක් නේද) (නි)
චතුර Monday, 21 December 2015 06:52 PM
නාමල්, ඒ නිලධාරීන් කළ වැරැද්ද ත්‍රස්තවාදීන් නැතිකළ එකද? (නි)
හේරත් Monday, 21 December 2015 07:34 PM
කතාව නම් නියමයි හොඳේ! (නි)
චන්දි Tuesday, 22 December 2015 02:45 AM
ත්‍රස්දවාදීන් නැතිකළ එක එක කාරණාවක්. මොළය තිබෙන මින්සුන්ට නම් තේරෙන්න ඕනෑ මේ කරන්නේ අපරාධකාරයින් කොටුකිරීම පමණයි කියලා. (නි)