(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට වුවත් හැකියාව පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයක වැඩසටහනකට සහභාගීවෙමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කළ හැකි ගොඩක් දේවල් ඇති බවත් අයවැය පරාජය කිරීමටද හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය.
නමුත් එවැනි දේ කිරීමට මේ අවස්ථාවේදී කටයුතු නොකරන බවද ඔහු කීවේය.
ඇමතිවරුන් ඉවත් කළොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කළ හැකි ගොඩක් දේවල් ඇතැයිද එස් බී දිසානායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියෙන එක ගෙදර යවනවා. මෙයාලා එනවා හොරා කාගෙන කාගෙන යනවා. මෙයාලා යනවා. අයෙත් හිටපු අය එනවා. පුරුදු සෙල්ලමම කරනවා. ඡන්ද දායකයෝ පොඩි පොඩි පෞද්ගලික වාසි බලලා ඡන්දේ දෙනවා. මේක තමයි එකම සමීකරණය... රට හාන්සියි...!
ඇමැතිකම් ලබාගන්න නැති පාටයි... නේද සමෘද්ධි හොරු?
අන්න කරනවා නම් වැඩක් එස්.බී...!
ඔයාවත් අපි ඊළඟ චන්දෙදි ගෙදර යවනවා
ඒ කියන්නෙ තමුන්නැහැලාම ගෙදර යවනව කියන එකනේ.අපි බලාගෙන ඉන්නෙ ඒකට තමයි.
ජනතාව මෙයාව ගෙදර ඇරියට පස්සේ මෙයා පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රිංගුවා කියලා අමතක වෙලා
බොහෝ දේවල් ලබන වසර වෙනකම් පමණි ආණ්ඩුව පෙරලුවොත් ඔතන ඉන්න ඉන්න ප්‍රගතිශීලී ,තබෑරුම් නැති පිරිස සහ විරුද්ධ පක්ෂ එකතු වී ආණ්ඩුවක් පිහිටුවාවී හොරුන් එලවා දමාවි පෙරලමු ජනතාව වෙනුවෙන්
එතකොට දැන් මේ තියන ආණ්ඩුව කාගේද?
ආණ්ඩුව පෙරළුණු ගමන් ඒකට යටවෙලා මිරිකලා ලොඳ පැනලා හිටියාද කියා හඳුනාගන්න බැරි විදිහට චප්ප වෙලා යන්නේ ඔහෙලා නේද?. අපි බලාගෙන ඉන්නේ ඒක වෙනකම්. ඔහෙලාත් ඒ බව නොදන්නවා නොවෙයි නේද? රනිලුත් ඒ බව හොඳට දන්නවා...!
ඔයත් ගෙදර...
ගෙදර ඉඳගෙන කියන කතා, තමුන් ඉන්නේ ගෙදර කියලාවත් මේ මිනිහාට අමතක වෙලා වගේ. හීනෙන් දොඩවනවා.
අනේ ඔයාලාට මතක නැහැ... මහජනතාව ඔබ කොතැනද තිබ්බේ කියලා... මීට අවුරුද්දකට කලින් ඔයා සහ රාජපක්ෂලා හැංගුනේ ත්‍රිකුණාමල දූපත්වල මතක නැද්ද? නුඹලාට පාරට බහින්න බැරිව හිටපු කාලයක් තිබුණා... ඔබලා වගේ දේශපාලන හිඟන්නෝ...
පේනවා නේද මේ කට්ටියගේ මනස වැඩ කරන හැටි...? රට, නීතිය, ජනතාව නෙවෙයි ප්‍රධාන ... ඇමැතිකම්...!
කවුද මේ..?
ආණ්ඩුව කෙසේවෙතත් මෙයාව ගෙදර යවන්නේ කවද්ද කියලයි ජනතාව බලාගෙන ඉන්නේ...