‘පෑලියගොඩින් පාගමනට එක්වෙන්නද කියලා ආණ්ඩුවේ ඇමැතිකම් ගත් උදවිය අපට කතා කර අහනවා. ඒත් අපි ආණ්ඩු පෙරළන්නේ අයවැයේදියි.‘ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
ගම්පන්පිල මහතා එලෙස පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවේ දෙවැනි දිනට ඊයේ (29) රාත්‍රී 7.30ට අවසන් කිරීමෙන් පසු නෙළුම්දෙනියේ පැවැති රැලිය අමතමිනි.ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් ද එම රැලියට එක්වූහ.
එහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා මෙසේ ද කීවේය.
‘අපි හිතුවේ අද (29) සිකුරාදා නිසා අඩුම සෙනග ඉන්න දවස කියලයි. නමුත් අද අති විශාල පිරිසක් සහභාගී වුණා. ආණ්ඩුව මේ සෙනග දැකලා උණ හැදිලා. අපි කොළඹට එන දවසට ලංකාවෙම තියෙන කදුළු ගෑස් පෑලියගොඩ පාලම ළගට අරගෙන වරෙල්ලා. ලංකාවෙම තියෙනන උණ්ඩ අරගල වරෙන්ලා. ඒත් අපි කොළඹට ඇතුළු වෙන එක නවත්වන්න ආණ්ඩුවට බෑ.'
'පළවෙනි දවස් දෙකේ උසාවි නියෝග දෙකක් ගත්තා. ඉන් පසු අධිකරණය තහනම් නියෝග ලබා දුන්නේ නෑ. කොළ පාට පොලිසිය ඉදිරි දිනවලදී තවත් නියෝග ගන්න එයි අධිකරණවලට. අපි කියන්න කැමති අධිකරණයට එවිට බලන්න කවුද මුලින් සංවිධානය කළේ කියලා. මුලින් සංවිධානය කළ අයට ඉඩ දීලා නෙක් අයට තහනම් නියෝග දෙන්න.'
'පොලිස්පතිට කියන්නේ ඔබ අනාතයි, අජූතයි, කුජීතයි. අපි කියනවා පොලිස්පතිට ඔබ කොළ තොප්පියක් දාගෙන සිරිකොතේ සිකියුරිටියට යන්න කියලා. එජාපය පොලිස්පති කළ උදව් හැටියට ඡන්දේ ඉල්ලුවොත් යූන්පීකාරයන් ඉහළින්ම දෙයි.'
'පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් නිර්මාණය කර ගත්තට ජනතාවගේ තුනෙන් දෙකක් ඉන්නේ මහින්ද මහත්තයා ළගයි. මේ ආණ්ඩුව ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ රූකඩයක් බවට පත් වෙනලා. මේ පින් බිම ඉන්දියාවට සහ ඇමෙරිකාවට පවරා දෙන්න ජනතාව ඉඩ දෙන්නේ නෑ.‘
ඡායාරූප - කෞශල්‍ය සමින්ද


COMMENTS
අනේ අහපු අයගේ නම් කියන්නකෝ. (ර)
අද නීතියේ සාධාරණය ගැන කතා කරන සිල්වතුන් ගැනත් අපට අමතක යයි සිතා මෙසේ කතා කිරීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (ර)
අනේ එයා ඔය කියන දේවල් ගණන් ගන්න එපා. (නි)
හොරු ටික බේරාගැනීමේ මෙහෙයුම! ගමන අවසාන කළයුතු වන්නේ වැලිකඩින්ය (නි)
මෙතුමාට හරියට හීන පේනවා වගේ. හිරේ නිදි නැතුව ඉඳල දැන් නින්ද යනවා ඇති. අනේ අර ඔස්ට්‍රේලියා ජාතිකයාගේ සල්ලි ගෙවල ඉන්න. අපි දුන්න රුපියල් සීයත් දීලම හිටියනම් තමයි හොඳ. (බ)
මේ ගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච විධියට දේවල් සිද්ධ වෙන්නේ නැති කොට ටිකක් තරහා යනවා තමයි . නමුත් ලංකාවේ මහජනතාව ඉස්සරට වඩා බුද්ධිමත් බව මේගොල්ලන්ට අමතක වෙලා (බ)
පිවිතුරු හෙළ උරුමයේ ලක්ෂයක් විතර පාගමනේ ඉන්නවාලු (බ)
මහින්ද මහත්තයට සෙට් වෙලා ඉන්න ගොඩක් උන් මේ වගේ පිස්සෝ. එතුමාගේ ගරුත්වය නැති කරන්නේ මුන්. (බ)
මේයා නිසා මහින්ද අමාරුවේ වැටුනා මේ දුෂිතයන්ට දඩුවම් දෙන්න.(අ)
එන්නේ රෙදි ඇඳගෙනද කියල ඇහුවේ නැද්ද? (අ)
ගන්න හුගක් විටමින් ක් (රේ).
මේ මනුෂ්‍ය යන යන තැන ඇදගෙන වැටෙන නිසා උස්සන් යන්න වෙන හින්දයි එන්න අහන්නේ (රේ).
බයට කෙකරගනවා කලවැරදී දන්නවා එනිසා නඩු තියෙන බව දන්නවා ගම්මන්පිල ලග බොරු සිල් රැවටෙන්න එපා වැරදි කල අය අල්ලන නඩු දන්නා බයවල යන ගමනක් නැහැ පාර වැරදිලා ඇවිදිනවා (අ)
හොරු සමග හෙළුවෙන් කියන්නේ ඕක තමා...මුන් ඔක්කොම හොරු ...හිර ගෙදර දැක දැක සිහි විකල්ලෙන් දොඩවනවා (අ)
ඔයගොල්ලන් සල්ලි දෙනවද. (අ)
ජයවේවා (අ)
දැන් අමතර වාසි නැහැ නේද ? අනේ පුළුවන් තරම් ඉක්මනට පෙරලගන්න. ප්‍රශ්න වලින් බේරෙන්නත් ඕනනේ. (අ)
මේ පට්ට කෙබර හොර පුසා උසාවියටත් කෙබර කෙලලා දැන් ඇප පිට ඉදගෙනත් ,ආපහු ජනතාවට පත්තර හරහා කෙබර කෙලිනවා ,මෙ වගේ උන්ට හරි යන්නේ , බත් බේසමයි , පරිප්පු බාල්දියයි, අරගෙන යන ඇබිත්ත රැකියාවම තමයි . (අ)
හොරුත් සමග හෙළුවෙන්...........!!!(රේ)
ඔව් ඔව් ලංකාවේ ලක්ෂ 58 ක් ජන්දේ දීලත් පැරදුන කට්ටිය මේ 50000ක් 100000ක් වගේ මිනිස්සු පෙන්නලා ආණ්ඩු පෙරලන්න හදනවා.ලංකාවේ බහුතරයක් දන්නවා මේ අය අයෙත් බලයට එන්න හදන්නේ ඇයි කියල.පහුගිය ආණ්ඩුවේ වගේ පොලිසිය බටන් පොලු අරගෙන හමුදාව වෙඩි තිබ්බනම් තමයි මේ යට තේරෙන්නේ ගිය ආණ්ඩුව ජනමතය යට ගහන්න කොච්චර උත්සහ කලද කියල.මේ පාගමනේ තියෙන්නේ ජන මතයක් නොවෙයි.එක පවුලකුයි හොරුටිකකුයි නැවත බලයට එන්න දගලන දැගලිල්ල. (අ)
මෙයාව දකිද්දී මටනම් මතක් වෙන්නෙම ප්‍රේඩිසිල්වා, ප්‍රේඩි දකිද්දීත් අපිට ඉබේම හිනා යනවනේ ,මෙයත් ඒ වගේ තම (අ)
මේ වගේ කටට එන දේවල් දොඩවන වැඩ බැරි දේශපාලුවන් ගෙදර යවන්න කාලේ හරි (රේ)
මි හරක්ද ?(රේ)
අපේ රටේ දේශපාලකයෝ පූරුවේ ආත්ම සිය දහස් ගණනක වවුල්ලු වෙලා ඉපදිලා ඉඳල තියෙනවා. ඒ නිසා ඔය පනිලි ගැන අපිට පුදුමයක් නැහැ. අපි කල්පනා කරන්නේ ඔබතුමා කියන ඔය පනින්න හදන කට්ටිය ඒක කරන්නේ රට ගැන හිතලද...තමන් පැටලිලා තිබෙන වංචා දුෂණ වලින් බේරෙන්නේ කොහොමද කියල හිතල ද කියල දැන ගන්න කැමතියි. (අ)
හිටගෙනද උණු වතුර නිවලා බොන්න කියන කබර බොරු නිවෙන්න (අ)
මේ මනුස්සය කට ඇරියොත් කියන්නේ ගල් පැලෙන පට්ට බොරුවක්.(ම)
මොලේ අට වෙච්ච එවුන් එයි(රේ)
අපේ රුපියල් සීය දීලා හිටියා නම් නරකද? (නි)
ඒ කියන්නේ වැලිකඩ පැත්තටද අය්යා? (බ)
කවදද? මම හිතන්නේ ඔලුව තියෙන එකෙක් නම් පැත්ත බලන්නෙත් නැහැ. මේ මහත්තයා දවල් හීන දැකලද කොහෙද? (නි)
සර්,මේ එන්න අහන්නේ දැනට ඇමතිකම්, තනතුරු දරන අයද නැත්නම්,ඒවා නොලබුනට කෝප වෙලා ඉන්න අයද? (බ)
හරි ගන්න. ඔක්කොම එක්ක අපිව කන්න. ඕකනේ මේ දේශපාලුවොන්ට ඕනෑ. (නි)
ඔහේ දැන් කී පාරක් ආණ්ඩුව පෙරලුවද මහත්තයෝ මේ මිනිස්සුන්ගේ පස්සෙන් යන උදවියත් ඉන්න වනේ .....දේශප්‍රේමී සිංහලයො කියගෙන (අ)
මේවට වැඩිය දෙයක් කියන්න ඕනෑ නැහැ. (නි)
ලංකාව පින්බිමක් වුණේ ඉන්දියාව නිසා. (නි)
අපිට ඔයාලගෙ බයිලා අහලා ඇතිවෙලා තියෙන්නෙ (නි)
මෙයාලා ගැන රටම දැන් දන්නවා. (නි)
එකම මෛත්‍රී සහගත වචනය "පින්බිම" විතරයි. "පින්බිමක්" වෙන්නේ ගමන්කරන්නන්ගේ චේතනාව හා අධිෂ්ටානය හොඳ නම් පමණයි. (නි)
ඔය කණ්ඩායමේ ඉන්න හොඳම ලියවැල ඔබතමා. එතිලා ඉන්න කුමක් හෝ නැත්නම් බිමදිගේ ඇදෙන්න තමා වෙන්නේ. එනිසා මැරිච්ච ගහක හරි එතුනේ නැත්නම් පැවැත්මක් නැහැ. වෙලාවකට පව් කියලත් හිතෙනවා. (නි)
මොන කට කතාවල් පතුරෙව්වත්. මෙයාලට කරන්න පුළුවන් දෙයක් නැහැ බොරුවට කියවල ..කියවල මහන්සිවෙලා නිහඬවෙලා යයි !(අ)
මිනිසුනේ, එජාපෙද මහින්දද කියන එක නෙමෙයි වැදගත්. පාට පක්ෂ වලට බෙදිලා ඉන්නේ නැතුව පිළිගන්න එජාපෙ යන්නේ වැරදි පාරක. එ්ක වෙනස් කරන්න වෙන මහින්ද හැර වෙන බලවේගයක් නැහැ. මෙතන අදහස් දාන වැඩි හරියක් ඉන්නේ පිටරට. (නි)
පැලියගොඩදී ද නැත්නම් අංගොඩදී ද(අ)
කොහොමද අප්පා ඡන්දෙ පැරදුනේ එහෙනම් රටේ 2/3 ජනතාව ඉන්නවනම් (අ)
වැඩි කල් යන්න කලින් මෙයාලගෙත් සියළු කෙළි හෙළිවේවි. එදාට යකඩ කූරු ගණන් කරන්න යන්න පුළුවන්. එතකන් ඉතින් දඟල දඟලා ඉන්න පුළුවන් (නි)
ඔබ අනාතයි, අජූතයි, කුජීතයි. හිටපු අග විනිසුරු තුමියටත් මෙයා ඒ දවස්වල ඔහොම කියනව අපිට ඇහුනා (අ)
මෙයාලා කරන හැම වැඩේම බාගෙට. තියෙන්නේ කපටි හිනාව විතරමයි. අනේ ඇත්තමයි සාධාරන රස්සාවක් කරලා තමගේ පාඩුවේ ජීවත්වෙන්නකෝ (නි)
කෙට්ටුත් වෙලා දැන්නම්. අනේ පවු! හිරේ ඉඳලද කොහෙද? (නි)
අනේ මෙයාලගේ දවල් සිහින! (නි)
ඔව් ඔව් පෙරළෙයි පෙරළෙයි. බලාගෙන ඉන්න. (නි)