මධ්‍යම පළාත් සභා වෙබ් අඩවියෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මියගේ වෙබ්අඩවියට පිවිසුණු විට එහි දකුණු පස තීරුවක ප්‍රදර්ශනය වනුයේ ලිංගික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි රැසකට පිවිසෙන සබැඳුම් කිහිපයකි.
‘ආණ්ඩුකාරවරියගේ වෙබ් අඩවිය ඔබ සාදරයෙන් පිළි ගනිමු‘ යනුවෙන් එහි ඉහළින්ම සඳහන් වේ.
‘ගෝ ඩැඩී ඩොට් කොම්‘ සමාගමින් ‘සීපීගවනර් ඩොට් කොම්‘ මෙම ඩොමේන් බලපත්‍රය ලබාගෙන ඇතත් එය පාවිච්චි කර නැති බව පෙනේයැයි ද, එවැනි පාවිච්චියට නොගන්නා අවස්ථාවන්හි අදාළ සමාගමේ දැන්වීම් ආදිය ස්වයංක්‍රීයව ප්‍රදර්ශනය වන බවත් බලපත්‍ර ලාභියාට එයි පාලනයක් නැති බවත්, ඇතැම්විට අසභ්‍ය වෙබ් අඩවිවලට පවා දොර ඇරෙන බවත් තොරතුරු තාක්ෂණ විද්‍යාඥයෝ කියති.
‘ගෝ ඩැඩී‘ වැනි සමාගම් වලින් ඉතා අඩුවට ඩොමේන් නම ගෙන ඇති බව පෙනේයැයි ද, එසේ ලබා ගත් ඩොමේන් බලපත්‍රය අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයය තමන්ගේ වෙබ් අඩවියේ තොරතුරු ඇතුළු නොකිරීමට හේතුව තොරතුරු තාක්ෂණය හා ඩොමේන් බලපත්‍ර ගැන වෘත්තීය නොහැකියාව බලපා ඇතැයි ච ඔවුහු කියති.
මේ වෙබ් අඩවියට පිවිසෙන පිරිසට රට රටවල් අනුව විවිධ දැන්වීම් පෙන්විය හැකි බව ද ඔවුහු සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුහුල් හොර කරෙන් දැනේ කියල කතාවක් තියෙනවා. ඒක මේකට අදාල වෙන්නේ මෙහෙමයි. ඔය කියන වෙබ් සයිට් එකේ පල වෙන වෙළඳ දැන්වීම් එක එක්කෙනාට වෙනස්. ඔබගේ පරිහරණය කරන අනෙක් වෙබ් සයිට් වලට හැටියට තමයි ඔය වෙළඳ දැන්වීමුත් මතු වෙන්නේ. ඔබ නිතරම නිල් වෙබ් සයිට් වලට යන කෙනෙක් නම් ඔබට එවැනි වෙළඳ දැන්වීම් පෙන්නුම් කරනවා. ඔබ නිතර ක්‍රීඩා වලට අදාල වෙබ් සයිට් වලට යනවනම් ක්‍රීඩා වලට සම්බන්ද වෙළඳ දැන්වීම පෙන්නුම් කරනවා. මේක ගුගල් සමාගමේ "ඉන්ටෙලිජන්ට්" නිර්මාණයක්. (ර)
අනේ දෙවියනේ මෙහෙමත් දේවල්! (නි)
නමෙන් මැටි පහන උනාට මැට්ටෙක් නෙවෙයි කියන එක තේරෙනවා. ඔබ හරි රන්මුවා පහන. (ර)
මේ වගේ පුවත් වලට අදහස් පලකරන අයට මැටිපහන කියන දේ තේරුම් යයිද කියන එක තම ප්‍රස්නේ. (ර)
මැටි පහන කොහොමද ඔච්චර දේවල් දන්නේ... (ර)
මැටි පහන කියන කතාව ඇත්ත. දැන් පුහුල් හොරා කවුද කියල හිතාගන්න පුළුවන්ද.? (ර)
මැටි පහන කියන දේ මෙතනදී වැරදී.. ගූගල් සමාගමේ එහෙම ක්‍රමයක් තියෙනවා තමයි සර්ච් රිලේටඩ් ඇඩ්ස් කියලා. නමුත් මේ වෙබ් අඩවියේ පෙන්නන්නේ ගූගල් දැන්වීම් නොවෙයි මොන පරිගණකයෙන් බැලුවත් කාම වෙබ් අඩවි ලින්ක් තමයි පේන්නේ.. (ර)
මැටිපහන හරියට හරි. මමත් තොරතුරු තාක්ෂණ උපාධියක් කරලා තියෙනවා. සර්ච් රිසාල්ට් එක අනුව තමා මේ වගේ ලින්ක්ස් එන්නේ. (බ)
පුහුල් හොරාට පව් (ම)
අද දවසෙ වැඩිම හිට්ස් ලැබූ වෙබ් අඩවිය. (බ)
එ්කනේ... ඉන්දියාවෙන් ඉංජිනේරුවෝ ගෙන්නන්න හදන්නේ. මෙහෙ අයට බැහැ නේ මේවා හරියට හොයල බලල කරන්න. (බ)