ආණ්ඩුපක්ෂය නැමැති නැවේ සිදුරු ඇතිවෙමින් තිබෙන බවත් ඒ සිදුරු ඉක්මණින් වසා නොදැමුවහොත් නැව ගිලී යන බවත් හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න කියයි. ඉහළින්ම රැඳී සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පල්ලම නොපෙනෙන බවත් එය පෙන්වාදීමට පහළ සිටින මැති ඇමතිවරු ඉඩ නොදෙන බැවින් උපවාස කිරීමෙන් ද පළක් නොලැබෙන බව ඔහු පවසයි. පත්වීම් දෙන බව කියා සිය සඟයන් දෙදෙනකුට පත්වීම් නොදීමට විරෝධය දක්වමින් ඊයේ (15) ගාල්ලේ පිහිටි දකුණු පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අතහැර දමමින් හෙතෙම මේ බව කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සරම් ඇදගෙන ඉන්නේ කවුද (දී)
තව කල්පයකට මේ නැව ගිලෙන්නේ නැහැ අපි ගිලෙන්න දෙන්නෙත් නැහැ (දී)
මෙවැනි චරිත නිසා තමා රජය අපකීර්තියට පත් වන්නේ පළමුව මෙවැනි චරිත ඉවත් කල යුතුය (දී)
රජය මේවා ගැන හොයල බලන්න ඕනේ,මේවගේ චරිත හින්ද රජය අපකිර්තියට පත් වෙනවා, තනතුරු දෙනකොට මනාපේ විතරක් බලල හරියන්නේ නැහැ හෝමාගමට උනෙත් ඕකනේ ප්‍රදෙසිය සභාව ඉවරයි (අ)
මේවා ලෝකේ හිනස්සන විහිලු (දී)
දේශපාලනය කියන්නේ නැවක් වගේ තමයි (දී)
නැවට ගොඩවෙලා නැවේ තියෙන සිදුරු ටික වහන්නේ නැතුව මොකද්ද ඔය කරන්නේ (දී)
ඔබේ උපවාසයට සුහ පතනවා දිගටම කරන්න (දී)
මේ නැවේ සිදුරු ඇති වෙනවා නොවෙයි . නැව පදවන කට්ටිය එක එක ප්‍රමාණයේ සිදුරු හදනවා.. වහන්න පුළුවන් සිදුරු නොවෙයිනේ හදන්නේ. කොච්චර වතුර පිරුණත් සිදුරු හැදිල්ල නවත්වන්නේ නැහැ,තව තව සිදුරු හදනවා. (දී)
පැණි කන්න ගියාම ඇඹලයට වෙන දේත් අමතක වෙනවා. පව්. (දී)
රටේ මිනිස්සු කොහොමත් අවුරුදු ගානක් තිස්සේ ගිලිලා නේ ඉන්නේ. (අ)
කවුරු කොහොම කියුවත් මේ නව ගිල්ලවන්න බැහැ (දී)
බලමු කොච්චර කල් දුවයිද කියලා (දී)
මේවා විහිලු කතා කියලයි මට නම් හිතෙන්නේ , එකීනෙකා එකිනෙකාට බැන ගන්නේ නැතුව රට හදන්න පෙරට එන්න (දී)