නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඊයේ (25) පැවැති තරගවලදී ආජන්ටිනාව, අයර්ලන්තය සහ සැමෝවා කණ්ඩායම් ජය ලබාගත්තේය.
ආජන්ටිනාව සහ ස්කොට්ලන්තය අතර පැවැති ‘බී’ කොටසේ තරගයේදී ආජන්ටිනාව ලකුණු 13 -12 ක තියුණු ජයක් ලැබීය.
‘සී’ කොටසේ තරගයෙන් රුසියාව පරදවා ලකුණු 62 - 12 ක පහසු ජයක් ලබා ගැනීමට අයර්ලන්ත කී‍්‍රඩකයෝ සමත්වුහ. අයර්ලන්තය තරගයේ පළමු අර්ධය අවසානයේදී ලකුණු 43- 0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය.
ඒ අනුව අයර්ලන්තය තරගාවලියේ ‘සී’ කොටසේ තරග තුනකට සහභාගිවී එම තරග සියල්ල ජය ලැබීමට සමත්ව සිටියි.
සැමෝවා රාජ්‍යය සහ ෆිජී දුපත් රාජ්‍ය අතර ඊයේ (25) පැවැති ‘ඞී’ කොටසේ තරගයෙන් සැමෝවා රාජ්‍යය ලකුණු 27- 7 ක ජයක් ලැබීය. පළමු අර්ධයේදී ලකුණු 12 -0 ක් ලෙස ඉදිරියෙන් සිටි සැමෝවා පිල ලෝක කුසලාන තරගාවලියේදී ලබා ගත් දෙවැනි ජයග‍්‍රහණය මෙය වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd